බදු මිල අඩුකරන හැටි ආණ්ඩුව දන්නේ නෑ ; දන්නා කෙනෙක් කියලා දෙන්න – ඇමති රෝහිත අබේගුණවර්ධන ඉල්ලයි !

බඩු මිල අඩු කරන ආකාරය තමන් නොදන්නා බවත්, එය දන්නා ආර්ථික ඔස්තාර්ලා ඉන්නවා නම් රජයට කියාදෙන ලෙසත්, ඇමති රෝහිත අබේගුණවර්ධන මහතා ඉල්ලීමක් කොට ඇත.

ඒ මහතා කියන්නේ බඩු මිල වැඩි වෙන්නේ ලෝක වෙළෙඳ පොළේ මිල වැඩිවීම අනුව බවයි. ලෝක වෙළෙඳපොළේ මිල වැඩි වෙද්දී මෙරට මිල අඩු කරන ක්‍රමයක් ආණ්ඩුව නොදන්නා බව ඒ මහතා කියයි.

බඩු මිල වැඩි වීම ගැන මාධ්‍යවේදියකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කොට තිබේ.

පොහොට්ටු පක්ෂය බලයට එන්නට පෙර කීවේ ලෝක වෙළෙඳ පොළේ මිල වැඩි වන විට බඩු මිල වැඩි කරන්නට නම් ආණ්ඩුවක් අවශ්‍ය නොවන බව යි.

ආර්ථික විධ්‍යඥයන් කියන්නේ මෙරට දැන් සිදුවන බඩු මිල වැඩිවීම් වල එක ම හේතුව ලෝක වෙළෙඳ පොලේ මිල නොවන බව යි.

මෙම මිල වැඩිවීමට ප්‍රධාන හේතුව බව කියන්නේ ආණ්ඩුව සීමාවකින් තොරව විශාල ලෙස මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම යි. මෙයින් මිල වැඩි වන්නේ ආනයනික භාණ්ඩවල පමණක් නොව සියලු භාණ්ඩ වල මිල වැඩිවෙයි.

පසුගිය දිනවල සහල් මිල වැඩි වීමට ලෝක වෙළෙඳ පොළේ කිසිදු සම්බන්ධයක් නැත.

එමෙන් ම මුදල් නෝට්ටු මුද්‍රණය නිසා ඩොලරය ඉදිරියේ රුපියලේ අගය අවප්‍රමාණ වීම නිසා ආනයන භාණ්ඩ මිල තවත් වැඩිවෙයි.

මෙම බොහෝ ක්‍රියා ආණ්ඩුවේ ම අත්තනෝමතික ක්‍රියාවන්ගේ ප්‍රතිඵල බව වෙළෙඳ පොළ විශ්ලේෂකයන්ගේ මතය යි.

ඔවුන් කියන්නේ ආණ්ඩුවට අලුතින් කියා දෙන්නට දෙයක් තමන්ට නැති බව සහ කිව යුතු දේ පසුගිය කාලයේ දිගින් දිගට කීව ද , ආණ්ඩුව කනකට නොගෙන ක්‍රියා කිරීම නිසා දැන් විශාල අර්බුදයක් නිර්මාණය කරගෙන ඇති බව යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *