ඩොලර් ප්‍රශ්නෙට මහ බැංකුවත් හිර වෙයි

  ඩොලර් නොමැතිවීම හේතුවෙන් වරායේ හිරවී ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු කන්ටේනර 1500ක පමණ ප්‍රමාණය නිදහස් කර ගැනීම සඳහා මේ මොහොතේ ඩොලර් නිකුත් කළ නොහැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව වෙළඳ අමාත්‍යාංශයට දැනුම් දී ඇතැයි එම අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි . එම කන්ටේනර් නිදහස් කරගැනීම සඳහා අවශ්‍ය ඩොලර් කෝටි දෙකහමාරක පමණ ප්‍රමාණය ලබන මස…

මුල්‍ය අරමුදලට ගිය රටවලට කොන්දේසි පනවා නැහැ – එජාප නායක රනිල් වික්‍රමසිංහ

තම රටවල් මුහුණ දී තිබෙන විදේශ විනියය අර්බුද විසඳා ගැනීම සඳහා මෙි වන විට ලෝකයේ රටවල් හයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගොස් තිබෙන බවත් එම රටවල් වලට මූල්‍ය අරමුදල කොන්දේසි පනවා නැති බවත්, එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය  රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි. ඩොලර් අර්බුදය විසඳා ගැනීම සඳහා ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හමුවට ගියොත් ඔවුන්…

මෙය ට්‍රිලියන තුනක් මුදල් අච්චු ගසා විහින් හදාගත් අර්බුදයක් – මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්ලිව් ඒ විජේවර්ධන

රජය පසුගිය වසර දෙක තුළ ට්‍රිලියන තුනක් වටිනා මුදල් නෝට්ටු මුද්‍රණය කොට ඇති බවත්, වත්මන් අර්බුදය එහි ප්‍රතිඵලයක් බවත්, ලබන වසර තුළ මෙය තවත් උත්සන්න වන බවත්, මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්ලිව් ඒ විජේවර්ධන මහතා ප්‍රකාශ කරයි. රජය රටේ මුදල් සැපයුම සියයට 39 කින් වැඩි කොට ඇති බවත්, එබැවින් ලබන වසර තුළ රුපියල දිගින්…

අද කොවිඩ් වාර්තා : මරණ 19 යි, නව ආසාදිතයින් 529 යි

කොවිඩ් ආසාදිත මරණ 19 ක් රජය අද දිනය තුළ තහවුරු කොට ඇති අතර අද දින හඳුනාගත් නව කොවිඩ් ආසාදිත සංඛ්‍යාව වාර්තා කොට ඇත්තේ 529 ක් වශයෙනි. අද තහවුරු කළ මරණ 19 ක සංඛ්‍යාව සමග මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 14,871 ක් වෙයි. මේ වනවිට මෙටටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව…

ශ්‍රී ලන්කන් , විදුලි මණ්ඩලය, තෙල් සංස්ථාව, ජල සම්පාදනය, ශ්‍රීලංගම රජයේ ආධාර නවතා ප්‍රතිව්‍යුහගතකරණයට

රාජ්‍ය ආයතන 527න් පහක් සඳහා රජයෙන් දෙන ආධාර අත්හිටුවා එම ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමට පියවර ගන්නැයි රාජ්‍ය ව්‍යාවසාය ප්‍රතිව්‍යුහ ගත කිරිමේ මණ්ඩලය රජයට යෝජනා කර ඇත. ශ්‍රී ලන්කන් ගුවන් සේවය, ලංකා විදුලිබල මණ්ඩලය, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය සහ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය සඳහා මෙලෙස යෝජනා කර ඇත. රාජ්‍ය ආයතන…

ජනාධිපති ලේකම් පී බී ඉල්ලා අස්වීම භාරදෙයි

ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා වෙත බාර දී ඇති බව වාර්තා වෙයි. තමන්ට ජනාධිපති ලේකම් ධුරය දැරීමට තිබෙන අපහසුතා ගැන කරුණු දක්වා ඇති ඒ මහතා ජනවාරි 31 දා සිට තනතුරින් නිදහස් කරන ලෙස ඉල්ලා ඇත. තම ඉල්ලා අස්වීම ගැන ජයසුන්දර මහතා කිසිදු ප්‍රසිද්ධ ප්‍රකාශයක් කර නැති…

අද කොවිඩ් මරණ 20 ක් , නව ආසාදිතයින් 573 ක් වාර්තා වෙයි

අද දිනයේ රජය තහවුරු කළ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 20 කි . කොවිඩ් ආසාදිත මරණ ලෙස මෙතෙක් මෙරටින් වාර්තා කොට ඇති සමස්ත සංඛ්‍යාව 14,852 ක් වෙයි. අලුත් කොවිඩ් ආසාදිතයින් ලෙස අද දිනය තුළ හඳුනාගනු ලැබූ සංඛ්‍යාව වාර්තා වන්නේ 573 ක් වශයෙනි. ඒ අනුව මෙරටින් මෙතෙක් හඳුනාගත් බවට වාර්තා කොට ඇති කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 582,722 ක්…

විරෝධතා හමුවේ වෛද්‍ය නිලධාරීහු පසුබසිති

රෝගීන් බරපතළ ලෙස අපහසුතාවයට පත් කරමින් දින හතරක් තිස්සේ  ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය අත්හරින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද නිවේදනය කළේ ය. වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් ක්‍රියාත්මක කළ මෙම වැඩ වර්ජනයට සහය නොදුන් වෛද්‍යවරු විශාල පිරිසක් රෝගීන්ට සේවා සැපයීමට ඉදිරිපත්ව සිටි අතර එම වෛද්‍යවරුන්ට වෛද්‍ය සංගමයේ නිලධාරීන් තර්ජන කළ අවස්ථා ද…

ගෑස් නෑ ; භූමිතෙල් නෑ ; දර නැහැ ; ලිප් නැහැ – නත්තලට , අවුරුද්දට “ගිනි ගානට බඩු ගෙන අමුවට කමු” !

නත්තල් සහ නව වසර උදාවෙමින් තිබිය දී ,වෙළෙඳ පොළේ ගෑස්, භූමිතෙල්, පමණක් නොව දර පවා ලබාගැනීමට නොහැකි තත්ත්වයක් පවතින පවා පාරිභෝගිකයෝ කියති. ගෑස් වෙළෙඳුන් කියන්නේ ප්‍රධාන බෙදාහැරීම් මධ්‍යස්ථානවලින් තම දුරකථන ඇමතුම්වලට පිළිතුරු දීමට ද ඉදිරිපත් නොවී මගහරින බවයි. භූමිතෙල් ලබාගැනීම සඳහා බොහෝ තැන්වල දිගු පෝලිම් පැවති අතර මේ වනවිට පෝලිම්වල සිට හෝ භූමිතෙල් ලබාගත නොහැකි…

අද කොවිඩ් මරණ 21ක් , නව ආසාදිතයින් 554 ක් වාර්තා වෙයි

අද දිනයේ ද රජය කොවිඩ් ආසාදිත මරණ 21 ක් තහවුරු කොට ඇත. ඒ අනුව මේ  වනවිට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 14,832 ක් වෙයි. අද දිනය තුළ අලුතින් හඳුනාගත් බවට වාර්තා කොට ඇති නව කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 554 කි. ඒ අනුව මෙරට දී හඳුනාගනු ලැබ ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව සටහන්…

මහ කන්නයේ අස්වැන්න සියයට 30 කින් අඩුවන බව කෘෂි නිලධාරීහු ඇමතිට කියති

මහ කන්නයේ වගා කොට ඇති ඉඩම් ප්‍රමාණය අඩුවීමත් , ගොවීන්ට පොහොර ලබා දීම අසාර්තකවීමත්, බෙදා ඇති පොහොරවල ප්‍රමිතිය බාලවීමත් නිසා මෙම මාස් කන්නයේ වී අස්වැන්න සියයට 30 කින් වත් අඩුවන බව කෘෂිකර්ම නිලධ්රීන් ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතාට දැනුම් දී ඇති බව වාර්තා වෙයි. එළවළු සහ වෙනත් භෝග අස්වැන්න ද එලෙස ම අඩු වන බව වාර්තා…

කෘෂිකර්ම ලේකම් ඉවත් කළේ ලබන වසරේ සාගතයක් එන බවට රටට සත්‍යය ප්‍රකාශ කිරීම හේතුවෙන් ද ? – එජාප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ඉවත් කළේ ලබන වසරේ සාගතයක් එන බවට රටට සත්‍ය කරුණු  ප්‍රකාශ කිරීම හේතුවෙන් දැයි ජනාධිපතිවරයා වහාම රටට හෙළි කළ යුතුව ඇතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා අද (23) ප්‍රශ්න කළේය. කාබනික පොහොර වැඩපිළිවෙල කඩිමුඩියේ ක්‍රියාත්මක කිරීම හේතුවෙන් වී ගොවිතැන ඇතුළු අනෙකුත් වගාවන්ගේ නිෂ්පාදනය 75% ක් දක්වා පහත වැටී ඇති…