ජනාධිපති ලේකම් පී බී ඉල්ලා අස්වීම භාරදෙයි

ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා වෙත බාර දී ඇති බව වාර්තා වෙයි.

තමන්ට ජනාධිපති ලේකම් ධුරය දැරීමට තිබෙන අපහසුතා ගැන කරුණු දක්වා ඇති ඒ මහතා ජනවාරි 31 දා සිට තනතුරින් නිදහස් කරන ලෙස ඉල්ලා ඇත.

තම ඉල්ලා අස්වීම ගැන ජයසුන්දර මහතා කිසිදු ප්‍රසිද්ධ ප්‍රකාශයක් කර නැති අතර මාධ්‍යයට ද ඔහු සම්බන්ධ කර ගැනීමට නොහැකි වී ඇත.

පසුගිය කාලයේ අවස්ථා  කිහිපයක දී ජයසුන්දර මහතා ඉල්ලා අස්වීමට උත්සාහ දැරූ බව වාර්තා වී ය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *