ඩොලරය අල්ලාගෙන ඉන්නේ වසරේ බොරු ආර්ථික වර්ධනයක් පෙන්නුම් කිරීමට යි – ආචාර්ය හර්ෂ ද සිල්වා

රුපියලට සාපේක්ෂව ඩොලරයේ මිල ඉහළ යාමට නිල වශයෙන් ඉඩ නොදී මෙම වසර අවසන් වන තෙක් අල්ලා සිටින්නට උත්සාහ දරන්නේ මෙම වසරේ දළ ජාතික නිෂ්පාදිතය, ආර්ථික වර්ධනය ආදී දර්ශක මගින් ආර්ථිකයේ ඇත්ත තත්ත්වය පෙනී යාම වැලක්වීමට විය හැකි බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කරයි.
සත්‍ය හුවමාරු වටිනාකම නියම වන්නට ඉඩ හැරිය හොත් ආර්ථිකයේ ඇත්ත තත්ත්වය පැහැදිලි වන බවත්, ඩොලරය කෘතීම ලෙස අල්ලාගෙන සිටි විට ආර්ථිකයේ වඩා යහපත් බවක් ව්‍යාජ ලෙස පෙන්විය හැකි බවත් ඒ මහතා කියයි.
ආර්ථිකය ගැන තීරණ ගැනීමේ කැබිනට් රැස්වීම ජනවාරි 3 දින දක්වා කල් දමා ඇත්තේ රුපියල අව ප්‍රමාණ වීමට ඉඩ දීම සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය ඉල්ලීම වැනි පියවර වසර අවසන් වූ පසුව ගැනීම සඳහා බව පෙනී යන බව ද හර්ෂ ද සිල්වා මහතා වැඩි දුරටත් කියයි.
මාධ්‍ය අමතා ඒ මහතා වැඩි දුරටත් කීවේ මේ වනවිට බැංකු තමන්ට අවශ්‍ය ඩොලර් සපයා ගන්නේ සියයට 40 සිට 45 දක්වා වූ වාර්ෂික පොලියක් ගෙවමින් බවයි. බැංකු ක්‍රමයට මෙය විශාල ප්‍රශ්නයක් වී ඇති බවත්, ක්‍රමය පිලිබඳ විශ්වාසය බිඳ වැටීමේ අනතුරක් ඇති බවත් ඒ මහතා පෙන්වා දෙයි.
