මෙය ට්‍රිලියන තුනක් මුදල් අච්චු ගසා විහින් හදාගත් අර්බුදයක් – මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්ලිව් ඒ විජේවර්ධන

රජය පසුගිය වසර දෙක තුළ ට්‍රිලියන තුනක් වටිනා මුදල් නෝට්ටු මුද්‍රණය කොට ඇති බවත්, වත්මන් අර්බුදය එහි ප්‍රතිඵලයක් බවත්, ලබන වසර තුළ මෙය තවත් උත්සන්න වන බවත්, මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්ලිව් ඒ විජේවර්ධන මහතා ප්‍රකාශ කරයි.
රජය රටේ මුදල් සැපයුම සියයට 39 කින් වැඩි කොට ඇති බවත්, එබැවින් ලබන වසර තුළ රුපියල දිගින් දිගට කඩා වැටී විශාල සාගත තත්ත්වයක් ඇතිවිය හැකි බවත්, පෙන්වා දෙන ඒ මහතා ලබන වසරේ ආර්ථික වර්ධනය ඍන අගයක් ගත හැකි බවත් කියයි.
අන්තර් ජාල නාලිකාවකට අදහස් ප්‍රකාශ කරමින් ඒ මහතා මෙම අර්බුදයෙන් ගොඩ යන්නට ආණ්ඩුවට අවශ්‍ය නම් ආණ්ඩුව වහාම තම ආර්ථික පිළිවෙත වෙනස් කළ යුතු බවයි.
රටේ ආර්ථිකය පිළිබඳව මාධ්‍ය ඔස්සේ ජනතාව දැනුවත් කරන මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති විජේවර්ධන මහතා මෙම ආර්ථික අර්බුදය පිළිබඳව වසර දෙකක් තිස්සේ අනතුරු අඟවා තිබුණි. ඒ කිසිවක් නොතකු ආණ්ඩුව දැන් විශාල අර්බුදයක් නිර්මාණය කරගෙන ඇත.
විජේවර්ධන මහතා කියන්නේ ආණ්ඩුව දැන්වත් මේ විනාශකාරී ආර්ථික පිළිවෙත වෙනස් කරගත යුතු බව යි.
