මුල්‍ය අරමුදලට ගිය රටවලට කොන්දේසි පනවා නැහැ – එජාප නායක රනිල් වික්‍රමසිංහ

තම රටවල් මුහුණ දී තිබෙන විදේශ විනියය අර්බුද විසඳා ගැනීම සඳහා මෙි වන විට ලෝකයේ රටවල් හයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගොස් තිබෙන බවත් එම රටවල් වලට මූල්‍ය අරමුදල කොන්දේසි පනවා නැති බවත්, එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය  රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

ඩොලර් අර්බුදය විසඳා ගැනීම සඳහා ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හමුවට ගියොත් ඔවුන් ලංකාවට ඉටු කරන්නට බැරි ආාරයේ කොන්දේසි පනවනු ඇතැයි රජය ප්‍රකාශ කළ ද එය එසේ වනු ඇතැයි තමා නොසිතන බව  ද  වික්‍රමසිංහ මහතා පැවසීය.

ආණ්ඩුවට දැන් තෙල් ගේන්න පවා මුදල් නැතැයි කී හිටපු අග්‍රාමාත්‍යවරයා තෙල් ගෙන ඒමට මාසයකට ඩොලර් මිලියන 400 ක් පමණ අවශ්‍ය බවද එම නිසා ඩොලර් ප්‍රශ්නය විසදන්න තියෙන හොදම ක්‍රමය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාම බවද පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සමඟ පැවති සාකච්ඡාවකදී රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

වත්මන් අර්බුදයට මුහුණ දීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය ලබාගන්න ලෙස රනිල් වික්‍රමසිංහ මහතා අවස්ථා ගණනාවක දී පාර්ලිමේන්තුවේ දී ද රජයෙන් ඉල්ලීම් කළේ ය. එසේ වුව ද රජය එය මෙතෙක් කල් ප්‍රතික්ෂේප කළේ මුල්‍ය අරමුදල බරපතළ කොන්දේසි ඉදිරිපත් කරන බව සහ තමන්ට වෙනත් විකල්ප ඇති බව ද කියමිනි.

රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙන්නේ මේ වනවිටත් මුල්‍ය අරමුදලේ සහාය ලබාගන්නා රටවලට එබඳු කොන්දේසි පනවා නැති බව යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *