මහ කන්නයේ අස්වැන්න සියයට 30 කින් අඩුවන බව කෘෂි නිලධාරීහු ඇමතිට කියති

මහ කන්නයේ වගා කොට ඇති ඉඩම් ප්‍රමාණය අඩුවීමත් , ගොවීන්ට පොහොර ලබා දීම අසාර්තකවීමත්, බෙදා ඇති පොහොරවල ප්‍රමිතිය බාලවීමත් නිසා මෙම මාස් කන්නයේ වී අස්වැන්න සියයට 30 කින් වත් අඩුවන බව කෘෂිකර්ම නිලධ්රීන් ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතාට දැනුම් දී ඇති බව වාර්තා වෙයි.

එළවළු සහ වෙනත් භෝග අස්වැන්න ද එලෙස ම අඩු වන බව වාර්තා කොට ඇත.

ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද පැවති අමාත්‍යංශ ප්‍රගති සමාලෝචන රැස්වීමේ දී නිලධාරීන් මේ බව ප්‍රකාශ කොට ඇත.

රජය බෙදා දුන් කාබනික පොහොරවල ගුණාත්මක භාවයක් නොවීම පිළිබඳව නිලධාරීන් කරුණු දැක්වීමෙන් අනතුරුව ඇමතිවරයා නියෝග කොට ඇත්තේ කාබනික පොහොර සැපයු සමාගම් පිළිබඳව පරීක්ෂණයක් කොට වාර්තා කරන ලෙසයි.

මහ කන්නයේ අස්වනු අඩුවීම සියයට 25 ක් 30 ක් වියහැකි බව නිලධාරීන් මෙහි දී ප්‍රකාශ කළ ද සැබෑ තත්ත්වය ඊට වඩා බරපතළ බව අපේ ආරංචි මාර්ග කියයි.

පසුගිය කන්නවල අස්වනු සම්බන්ධයෙන් නිලධාරීන් ලබාදුන් වාර්තා අනුව විශාල වී තොගයක් රටේ සඟවාගෙන ඇතැයි කියමින් හදිසි නීතිය ද යොදාගෙන වී මෝල් වටලා  පරීක්ෂා කිරීමෙන් පසුව ඇමතිවරයා කීවේ නිලධාරීන් තමන්ට දී ඇති වාර්තා සියයට 96 ක් වැරදි බව යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *