අද කොවිඩ් මරණ 21ක් , නව ආසාදිතයින් 554 ක් වාර්තා වෙයි

අද දිනයේ ද රජය කොවිඩ් ආසාදිත මරණ 21 ක් තහවුරු කොට ඇත.
ඒ අනුව මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 14,832 ක් වෙයි.
අද දිනය තුළ අලුතින් හඳුනාගත් බවට වාර්තා කොට ඇති නව කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 554 කි.
ඒ අනුව මෙරට දී හඳුනාගනු ලැබ ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව සටහන් වන්නේ 582,149 ක් වශයෙනි.
