සජිත්ට අගමැතිකම ගන්න ජනාධිපති සමග අපි පැය දෙකක් සාකච්ඡා කළා – ආචාර්ය හර්ෂ ද සිල්වා

සජිත් ප්‍රේමදාස මහතාට අගමැති ධුරය ලබා ගැනීමට තම කණ්ඩායම සහ ජනාධිපතිතුමා අතර පැය දෙකයි විනාඩි විස්සකට වැඩි කාලයක් සාකච්ඡා සිදු වූ බවත්, තමන් ඉල්ලා සිටියේ ජනාධිපතිතුමා ඉවත්වන දිනයක් ප්‍රකාශ කරන ලෙස පමණක් බවත්, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අද පැවති මාධ්‍ය සාකච්ඡාවක දී ප්‍රකාශ කළේය. එබැවින් මෙය ලිපියක් දෙකක් පිලිබඳ…

අගමැතිකම භාරගන්න දැනුත් ලෑස්තියි – සජිත්

අගමැති ධුරය භාරගන්න තමා දැනුත් සුදානම් බව සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද ප්‍රකාශ කළේය. එසේ වුව ද , ප්‍රතිපත්ති පවා නොදෙන බවත් , තමන් හදන්නේ තම පක්ෂයේ පිරිසිදු ආණ්ඩුවක් බවත් ඒ මහතා වැඩි දුරටත් පැවසීය. කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී වෘත්තීය සමිති නියෝජිත පිරිසක් හමුවේ සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස්…

ශ්‍රී ලංකාවට ණය ගෙවාගන්න බැරිවන බව අවුරුදු දෙකකට කලින් මුල්‍ය අරමුදල කීවා – මහ බැංකු අධිපති හෙළිකරයි

    ශ්‍රී ලංකාවේ ණය තිරසාර නොවන බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල 2020 මාර්තු මාසයේ එනම් වසර දෙකකට පෙර ශ්‍රී ලංකා රජයට  ලිඛිතව දැනුම් දී ඇතැයි මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පාර්ලිමේන්තුවේ රජයේ මුදල් කාරක සභාව ඉදිරියේ හෙළිදරව් කොට ඇති බව වාර්තා වෙයි. එමෙන් ම මහ බැංකුවේ සහ මුදල් අමාත්‍යංශයේ නිලධාරීන් මේ බව දිගින් දිගට…

හිඟ ඖෂධ මොනවාදැයි ඉක්මනට කියන්න – අගමැති රනිල් උපදෙස් දෙයි

  ලංකාව සතුව පවතින අත්‍යවශ්‍ය ඖෂධ වර්ග  සහ හිඟ ඖෂධ වර්ග පිළිබඳ වහාම ලේඛනයක් ඉදිරිපත් කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සෞඛ්‍ය අමාත්‍යාංශය අද (25) දැනුම් දුන්නේය. ඖෂධ හිඟය සඳහා කෙටිකාලීන සහ මධ්‍යකාලීන විසදුම් පිළිබඳව සකාච්ජා කිරීමට අග්‍රාමාත්‍යවරයාගේ  ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලය දී පැවැති  සාකච්ඡාවක දී රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය. ඉන්දීය ණය පහසුකම…

ශ්‍රීලනිපයේ තවත් කීප දෙනක්ට රාජ්‍ය ඇමති ධූර

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු රාජ්‍ය අමාත්‍ය ධුරවල ඉදිරියේදී දිවුරුම් දෙන බව කෘෂි කර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. ඇමති ධුර බාර ගත් අයට එරෙහිව පක්ෂයෙන් මෙතෙක්  විනය පරීක්ෂණ කැඳවා නැතැයිද  ඔහු කීවේය. මන්ත්‍රීවරුන් කීපදෙනා රාජ්‍ය ඇමැතිවරුන් ලෙස දිවුරුම් දීමෙන් පසු  ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක් කරන බවත් පක්ෂයේ මධ්‍යම කාරක සභාවට…

ජාතික ප්‍රතිපත්ති ඇමති ලෙස රනිල් දිව්රුම් දෙයි

  අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මුදල්, ආර්ථික ස්ථායිතා, සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස අද දිව්රුම් දුන්නේ ය. ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතා ඉදිරියේ මෙම දිව්රුම් දීම අද උදේ සිදුවුයේ කොටුවේ ජනාධිපති මන්දිරයේ දී ය. මුදල්,සහ ආර්ථික ස්ථායිතා  විෂය සමග ජාතික ප්‍රතිපත්ති විෂයයක් ද එක්කොට තිබීම විශේෂත්වයකි.

මුදල් ඇමති ලෙස රනිල් හෙට දිව්රුම් දෙයි ?

  තවමත් හිස්ව පවතින මුදල් ඇමති තනතුරේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දිව්රුම් දෙනු ඇති බවත්, එම දිව්රුම් දීම හෙට දිනයේ සිදුවනු ඇති බවත්, දේශපාලන ආරංචි මාර්ග කියයි. මුදල් ඇමති ධුරයට සුදුසුකම් ඇති දේශපාලඥයින් සීමා සහිත වීමත්, යෝජනා වූ කිසිවකු වගකීම භාර ගැනීමට ඉදිරිපත් නොවීමත් නිසා මෙම තීරණය ගෙන ඇති බව කියති. ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ…

|

නව කැබිනට් ප්‍රකාශක බන්දුල නා ගෙන ම පටන්ගනී ; දේශපාලන ප්‍රකාශයට මාධ්‍යවේදී විරෝධය

  නව කැබිනට් ප්‍රකාශක ලෙස පත්වීම් ලද ජනමාධ්‍ය ඇමති බන්දුල ගුණවර්ධන මහතා කැබිනට් තීරණ දැනුම් දීම සහ ඒවා පළිබඳ ප්‍රශ්න ඇසීමට සහ පිළිතුරු දීමට තිබෙන කාලය තම දේශපාලන ප්‍රකාශයක් සඳහා යොදා ගැනීම අද දින කැබිනට මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වූ මාධ්‍යවේදීන්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක්වී ය. සූම් තාක්ෂනය ඔස්සේ පැවැත්වෙන කැබිනට මාධ්‍ය සාකච්ඡාව විනාඩි 45 කට…

21 වැනි සංශෝධනය ගැන නීතිඥ සංගමයේ යෝජනා සැලකිල්ලට ගන්නවා – අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ

    යෝජිත 21 වැනි ව්‍යවස්තා  සංශෝධනයේ අඩුපාඩු පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉදිරිපත් කොට ඇති යෝජනා සැලකිල්ලට ගන්නා බව අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි. පාර්ලිමේන්තුවේ සියලු පක්ෂවල අදහස් ලබාගන්නා අතර එම අදහස් ද සැලකිල්ලට ගෙන අවශ්‍ය සංශෝධන ඇතුළත් කළ හැකි බව ඒ මහතා කියයි. කෙසේ වෙතත්, නීතිඥ සංගමයේ ඇතැම් යෝජනාවල අඩංගු කරුණු…

බස් ගාස්තු වැඩිවෙයි ; අවමය රුපියල් 32 යි

  ඉන්ධන මිල වැඩිවීමත් සමග අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු ද සියයට 19.5 කින් වැඩි කළ බව ජාතික ගමනාගමන කොමිසන් සභාව ප්‍රකාශ කරයි. ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 32 ක් දක්වා ඉහළ දමා ඇත. අනෙක් සියලු ගාස්තු ද සියයට 20 කට ආසන්න ප්‍රමාණ වලින් ඉහල ගොස් තිබේ.

‘21ට අකමැති නම් ද්විත්ව පුරවැසියන්ට කැමති ඇති‘ – එජාප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන

  21 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කවුරුන් හෝ  අකමැති නම් එයින් පැහැදිලි වෙන්නේ ඔහුට හෝ ඇයට ද්විත්ව පුරවැසියන් පාර්ලිමේන්තුවේ තියාගන්න අවශ්‍යයි යන  කාරණය බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය. කවුරුන් හෝ 21 සංශෝධනයට විරුද්ධ වන්නේ නම් ඒ ද්විත්ව පුරවැසියන්ගේ අවශ්‍යතාවය මතයැයි  පැහැදිලි බවද විජයවර්ධන මහතා කීය. ද්විත්ව පුරවැසියන් සමඟ ඩීල්…

ණය ප්‍රතිව්‍යුහගතකරණයට ජාත්‍යන්තර මූල්‍ය හා නීති උපදේශකවරු පත්වෙති

    මෙරට විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සඳහා තෝරාගෙන ඇති ජාත්‍යන්තර මූල්‍ය උපදේශකවරයා සහ ජාත්‍යන්තර නීති උපදේශකවරයා සඳහා  අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත. එම තෝරාගැනීම් සඳහා මීට පෙර පැවති කැබිනට් මණ්ඩලය මගින් ප්‍රසම්පාදන කමිටුවක් පත්කොට තිබිණි. එම කමිටුව ජාත්‍යන්තර වශයෙන් යෝජනා කැඳවීමෙන් පසුව මුල්‍ය උපදේශකයකු සහ නීති උපදේශකයකු තෝරාගෙන ඇත. ඒ අනුව මූල්‍ය උපදේශක සේවාව…