සජිත්ට අගමැතිකම ගන්න ජනාධිපති සමග අපි පැය දෙකක් සාකච්ඡා කළා – ආචාර්ය හර්ෂ ද සිල්වා

සජිත් ප්‍රේමදාස මහතාට අගමැති ධුරය ලබා ගැනීමට තම කණ්ඩායම සහ ජනාධිපතිතුමා අතර පැය දෙකයි විනාඩි විස්සකට වැඩි කාලයක් සාකච්ඡා සිදු වූ බවත්, තමන් ඉල්ලා සිටියේ ජනාධිපතිතුමා ඉවත්වන දිනයක් ප්‍රකාශ කරන ලෙස පමණක් බවත්, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අද පැවති මාධ්‍ය සාකච්ඡාවක දී ප්‍රකාශ කළේය.
එබැවින් මෙය ලිපියක් දෙකක් පිලිබඳ ප්‍රශ්නයක් නොවන බව ද ඒ මහතා කී ය.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඉවත්වුණු දිනට පසු දින එනම් මැයි 10 දා පැවති එම සාකච්චාවට සජිත් ප්‍රේමදාස මහතා, තමා සහ එරාන් වික්‍රමරත්න මහත්වරුන් සහභාගී වූ බවත්, ජනාධිපතිතුමා සමග නාලක ගොඩහේවා සහ රමේෂ් පතිරණ මහත්වරුන් සහභාගී වී සිටි බවත්, හර්ෂ ද සිල්වා මහතා හෙළි කළේය.
එලෙස ජනාධිපතිතුමාට යහපත් තීරණයක් ගැනීමට හොඳට ම ඉඩ තිබිය දී ඔහු වෙනත් තීරණයක් ගත් බව ඒ මහතා කියයි.
