ශ්‍රී ලංකාවට ණය ගෙවාගන්න බැරිවන බව අවුරුදු දෙකකට කලින් මුල්‍ය අරමුදල කීවා – මහ බැංකු අධිපති හෙළිකරයි

ශ්‍රී ලංකාවේ ණය තිරසාර නොවන බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල 2020 මාර්තු මාසයේ එනම් වසර දෙකකට පෙර ශ්‍රී ලංකා රජයට ලිඛිතව දැනුම් දී ඇතැයි මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පාර්ලිමේන්තුවේ රජයේ මුදල් කාරක සභාව ඉදිරියේ හෙළිදරව් කොට ඇති බව වාර්තා වෙයි.
එමෙන් ම මහ බැංකුවේ සහ මුදල් අමාත්‍යංශයේ නිලධාරීන් මේ බව දිගින් දිගට පෙන්වා දුන් බව ද ඒ මහතා ප්‍රකාශ කොට ඇත.
කෙසේ වෙතත් , ඒ කිසිදු අනතුරු ඇඟවීමකට දේශපාලන අධිකාරිය සවන් දී නැත.
එමෙන් ම ආර්ථිකය සහ රජයේ ආදායම් පිළිබඳව පාර්ලිමේන්තුවට ව්‍යාජ සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කිරීම ද දිගින් දිගට සිදු වී තිබේ.
මහා බැංකුවේ සහ මුදල් අමාත්‍යංශයේ නිලධාරීන් මුදල් කාරක සභාවට පෙන්වා දී ඇත්තේ පාර්ලිමේන්තුව නොමග යැවීම දිගින් දිගට සිදු වූ බව යි.
