මුදල් ඇමති ලෙස රනිල් හෙට දිව්රුම් දෙයි ?

තවමත් හිස්ව පවතින මුදල් ඇමති තනතුරේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දිව්රුම් දෙනු ඇති බවත්, එම දිව්රුම් දීම හෙට දිනයේ සිදුවනු ඇති බවත්, දේශපාලන ආරංචි මාර්ග කියයි.
මුදල් ඇමති ධුරයට සුදුසුකම් ඇති දේශපාලඥයින් සීමා සහිත වීමත්, යෝජනා වූ කිසිවකු වගකීම භාර ගැනීමට ඉදිරිපත් නොවීමත් නිසා මෙම තීරණය ගෙන ඇති බව කියති.
ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ජාත්‍යන්තර ආධාර ලබා ගැනීමත්, පීඩාවට පත් ජනතාවට කිසියම් සහනයක් දෙන නව අයවැය ලේඛනයක් ඉදිරිපත් කිරීමත් සඳහා මුදල් ඇමති තනතුර වහා ම පිරවීම අවශ්‍ය වී තිබිණි.
මේ වන විටත් මුල්‍ය කළමනාකරණය සිදු කිරීමේ මෙහෙයුම් කටයුතු සිදු කරන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසිනි.
