මූල්‍ය සහාය ලබාදීමේ සාකච්ඡා හැකි ඉක්මනින් අවසන් කරනවා – ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජීවා

  ශ්‍රී ලංකාවට මූල්‍ය සහාය ලබා දීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පවත්වන සාකච්ඡා හැකි ඉක්මණින් අවසන් කිරීමට බලාපොරොත්තු වෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජීවා මහත්මිය ප්‍රකාශ කළාය. ශ්‍රී ලංකාව නව අනුප්‍රාප්තික ජනාධිපතිවරයා පත් කර ගැනීමට පැය කිහිපයකට පෙර මෙම ප්‍රකාශය සිදුකළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ශ්‍රී ලංකාවේ රජයක් ඇති වූ…

බෙදුනු අවස්ථාව ඉවරයි: දැන් රට ගොඩ නගමු – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

  බෙදුණු අවස්ථාව ඉවරයි සියලු දෙනා  එක්ව රට ගොඩනගමු යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් අද (20) පැවසීය. ජනතාව ඉල්ලන අලුත් ක්‍රමවේදයක් බිහි කිරීම සඳහා අද සිටම එකතු වී සාකච්ඡා කරමු යැයි ජනාධිපතිවරයා සියළු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටියේය. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ජනාධිපතිධුරයට පත්වූ බව ප්‍රකාශයට පත්වීමෙන් අනතුරුව විශේෂ ප්‍රකාශයක් කරමින් වැඩිදුරටත් අදහස්…

සජබෙ 14ක් රනිල්ට ඡන්දෙ දීලා – සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු

  සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 14 දෙනකු රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත් කිරීම සඳහා ඡන්දය ලබා දී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය. එම මන්ත්‍රීවරුන් 14 දෙනා අතරින් හයදෙනෙකු සිංහල ජන සමාජය නියෝජනය කරන්නේ යැයිද ඉතිරි අටදෙනා දෙමළ සහ මුස්ලිම් සමාජය නියෝජනය කරන්නේ යැයි ද හරීන් ප්‍රනාන්දු මහතා කීය. (අංජුල මහික…

ජනපති සටනින් රනිල්ට විශිෂ්ට ජයක්

අනුප්‍රපතික ජනාධිපතිවරයකු තෝරා පත කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ අද පැවති ඡන්ද විමසීමේ දී වැඩි ඡන්ද 52 ක විශ්ෂ්ට ජයග්‍රහණයක් අත්කර ගැනීමට වැඩ බලන ජනාධිපති රනිල් ව්ක්‍රමසිංහ මහතා සමත් වීය . ඒ ,මහතා ඡන්ද 134 ක් ලබා ගනිද්දී ඔහුගේ කිට්ටුම ප්‍රතිවාදිය වූ ඩලස් අලහප්පෙරේම මහතාට ලබාගත හැකි වුයේ ඡන්ද 82 ක් පමණකි. අනුර කුමාර දිසානායක මහතා…

බය නැතිව ගමට යන්න රනිල්ට ඡන්දය දෙන්න – පොහොට්ටුවෙන් කැම්පේන් කරයි

බය නැතිව ගමට යන්න නම් රනිල් වික්‍රමසිංහ මහතාට ඡන්දය දෙන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කණ්ඩායම තම පක්ෂ මන්ත්‍රීවරුන්ට ප්‍රකාශ කොට ඇති බව වාර්තා වෙයි. අරගලය තුලින් මතු වූ ප්‍රචණ්ඩ කැරලිකරුවන් මෙල්ල කර තම ආරක්ෂාව මේ තරමින් තහවුරු කළේ රනිල් වික්‍රමසිංහ මහතා බව ද ඔවුහු කියති. මේ කැරලි කරුවන්ට සැමදා යටත්වීමට සුදානම් නොවිය යුතු…

සරත් ෆොන්සේකාට මල පැනලා !

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවසන් මොහොතේ ජනාධිපති තරඟයෙන් ඉවත්වීම ගැන සමගි ජන බලවේගයේ සභාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා කෝපාවිෂ්ට වී සිටින බව වාර්තා වෙයි. සජිත් ප්‍රේමදාස මහතා පක්ෂයේ කිසිවකුගෙන් නොවිමසා අවසන් මොහොතේ තරඟයෙන් ඉවත්වීමත්, සජිත් තරග නොකරනවා නම් තරග කිරීමට සුදානම්ව සිටි සරත් ෆොන්සේකා මහතා එයින් වැලක්වීමට කපටි ලෙස ක්‍රියා කිරීමත් මෙම කෝපයට…

|

ජනපති සටන උණුසුම් ; තීන්දුව පක්ෂවල බෙදීම් අනුව

අනුප්‍රාප්තික ජනාධිපති තේරීමේ දී වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ හිටපු ඇමති ඩලස් අලහප්පෙරුම මහතා අතර ප්‍රබල සටනක් පවතින අතර පක්ෂ අභය්තරයේ ඇතිවන බෙදීම් එහි දී තීරණාත්මක සාධකය වී ඇති බව වාර්තා වෙයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් කොපමණ පිරිසක් ඩලස් අලහප්පෙරුම මහතාට සහය දෙන්නේ ද යන්න මෙන් ම , විපක්ෂයේ කොපමණ පිරිසක් රනිල් වික්‍රමසිංහ…

රනිල්ට එරෙහි අද කැඳවා තිබු “දැවැන්ත ” උද්ඝෝෂණය අල වෙයි !

  අද දිනය රනිල් එලවීමේ “දැවැන්ත ” උද්ඝෝෂණයක් ලෙස නම් කරමින් හර්තාල් දිනයක් බවට පත් කිරීමට  අන්තර් විශ්ව විද්යාල ශිෂ්‍ය බල  මණ්ඩලය ඇතුළු කණ්ඩායම් කිහිපයක් කර තිබු සැලසුම් ප්‍රමාණවත් ජන සහ භාගීත්වයක් නොමැති වීම නිසා අසාර්ථක වී ඇත. අද කොළඹ කොටුවේ සහ වෙනත් ස්ථානවල ක්‍රියාත්මක වූ විරෝධතා සඳහා ප්‍රමාණවත් ජන සහභාගීත්වයක් නොවී ය. එම උද්ඝෝෂණ…

ජනාධිපති තනතුරට තුන් කොන් සටනක් ; රනිල්, ඩලස් , අනුර සටන් බිමේ

අනුප්‍රාප්තික ජනාධිපති ධුරය සඳහා රනිල් වික්‍රමසිංහ, ඩලස් අලහප්පෙරුම  සහ අනුර කුම්ජර දිසානායක මහත්වරුන්ගේ නම් අද පාර්ලිමේන්තුවේ දී යෝජනා වූ අතර ඒ සඳහා ඡන්ද විමසීම හෙට පැවැත්වෙයි. අද උදේ පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේ මෙම නම් යෝජනා කරනු ලැබීය ජනාධිපතිවරයා ලෙස ඩලස් අලහප්පෙරුම මහතාගේ නම යෝජනා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවට පැවසීය. ජනාධිපති ධුරය…

ජනපති සටනට නාමයෝජනා අද

තේරීම් භාර නිලධාරියා පාර්ලිමේන්තු මහලේකම්  ධුරයට ඇති කැමැත්ත අපේක්ෂකයා ලිඛිතව දිය යුතුයි අද පාර්ලිමේන්තු පැමිණීමත් අනිවාර්යයි නාම යෝජනා එකයි නම් තොරා ගැනීම අදම අභිනව ජනාධිපතිවරයකු තෝරා පත් කර ගැනීම සඳහා වන නාමයෝජනා භාර ගැනීම අද (19) දින පාර්ලිමේන්තුවේදී සිදු කිරීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා ප්‍රකාශ කළේය. ජනාධිපති ධුරය සඳහා එක් මන්ත්‍රීවරයකුට වඩා…

අරගලයේ මහ මොළකරුවන් තිදෙනකුගේ ලක්ෂ 450ක ගිණුම් ගැන විමර්ශන

  ගාලු මුවදොර අරගල භුමියේ රැඳී සිටින අරගලයේ ප්‍රධාන භූමිකාවක් දරන සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් තිදෙනකු තම බැංකු ගිණුම්වලින් රුපියල් හාරකෝටි පනස් ලක්ෂයක් රැගෙන යාම සම්බන්ධයෙන් මේ වන විට ආරක්ෂක අමාත්‍යාංශයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇත. මෙම පුද්ගලයන් තිදෙනා මෑතකදී ලංකා බැංකුවේ යුනියන් ප්ලේස් ශාඛාවේ නව ගිණුම් තුනක් අරඹා තිබේ. එම ගිණුම්වලට පසුගිය 15 වැනිදා රුපියල් ලක්ෂ…

නව ජනපතිගේ වගකීම් කරු පහදා දෙයි

  අභිනව ජනාධිපතිවරයාගේ සහ රජයේ පළමු වගකීම විය යුත්තේ රට මුහුණ දී ඇති අර්බුදයට පොදු සම්මුතියකින් යුතුව විසදුම් සපයා ගැනීම බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කථානායක කරු ජයසූරිය මහතා ප්‍රකාශ කරයි. එමෙන්ම පවත්නා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම සපුරා ආරක්ෂා වන හා ජනතාවගේ අයිතිවාසිකම් සුරැකෙන ආකාරයේ රටේ අභිවෘද්ධියට හේතුවන නව ආණ්ඩුක්‍රම…