ජනාධිපති තනතුරට තුන් කොන් සටනක් ; රනිල්, ඩලස් , අනුර සටන් බිමේ

අනුප්‍රාප්තික ජනාධිපති ධුරය සඳහා රනිල් වික්‍රමසිංහ, ඩලස් අලහප්පෙරුම සහ අනුර කුම්ජර දිසානායක මහත්වරුන්ගේ නම් අද පාර්ලිමේන්තුවේ දී යෝජනා වූ අතර ඒ සඳහා ඡන්ද විමසීම හෙට පැවැත්වෙයි.
අද උදේ පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේ මෙම නම් යෝජනා කරනු ලැබීය
ජනාධිපතිවරයා ලෙස ඩලස් අලහප්පෙරුම මහතාගේ නම යෝජනා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවට පැවසීය.
ජනාධිපති ධුරය සඳහා ඩලස් අලහප්පෙරුම මහතාගේ නම ස්ථිර කරන බව මහාචාර්ය ජී. එල් පීරිස් මහතා පැවසීය.
ජනාධිපති ධුරය සඳහා රනිල් වික්‍රමසිංහ මහතාගේ නම යෝජනා කරන බව සභා නායක දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.
මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා රනිල් වික්‍රමසිංහ මහතාගේ නම ස්ථිර කළේය.
ජාතික ජන බලවේග නියෝජනය කරමින් අනුර දිසානායක මහතාගේ නම ජනාධිපති ධුරයට යෝජනා කරන බව විජිත හේරත් මහතා යෝජනා කළ අතර හරිනි අමරසූරිය මහත්මිය එම යෝජනාව ස්ථිර කළේය.
ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව කලින් ප්‍රකාශ කොට තිබු සජිත් ප්‍රේමදාස මහතා තරඟයෙන් ඉවත් වී ඇත.
ඒ අනුව සමගි ජන බලවේග පක්ෂයේ සහාය ඩලස් අලහප්පෙරුම මහතාට ලබාදීමට එම පක්ෂය අද තීරණය කර තිබේ.
