අතුරු අයවැයක් සති දෙකකින් පාර්ලිමේන්තුවට !

රජයේ වියදම් පියව ගැනීම සඳහා අදායම් සපයා ගැනීමට යෝජනා ඇතුලත් අතුරු අයවැය ලේඛනයක් ඉදිරිපත් කිරීමට රජය තීරණය කොට ඇති බව වාර්තාවෙයි . එය ඉදිරි සති දෙක තුල ඉදිරිපත් කරනු ඇතයි කියති . දැනට බදු සහන දී ඇති ක්ෂේත්‍ර ගණනාවක සහන ඉවත්කිරිමටත් , ඇතැම්  බදු අනුපාත ඉහල දැමීමටත් එමගින් යෝජනා කරනු ඇතැයි වාර්තා වෙයි . ඇමැති…

මහින්ද සමග රොත්තක් ශ්‍රී ල නි ප යෙන් නෙරපන්න තීරණයක් !

ශ්‍රී ල නි ප යෙන් වෙන්වී වෙනම පක්ෂයක් හෝ පෙරමුණක් සැදීමට කටයුතු කරමින් සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ප්‍රබලයන් පිරිසකගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කොට ඇති බව වාර්තාවෙයි . තවත් පිරිසකගේ අසන සංවිධායක තනතුරු ඉවත්කරන බවද ඒ සමගම දැනගන්නට ඇත . පක්ෂ විනය කැඩීමේ චෝදනා මත මෙම පියවර…

බත්තරමුල්ලේ මහින්දගේ කාර්යාලය ඒකාබද්ද විපක්ෂය වර්ජනය කරලා – “සත්හඩ” වාර්තා කරයි

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට කඩා නව පක්ෂයක් බිහි කිරීම සඳහා මහින්ද රාජපක්ෂ මහතා සහ එම පවුලේ සාමාජිකයන් විසින් දැරූ තැත මේ වන විට සම්පූර්ණයෙන්ම පාහේ ව්‍යර්ත කිරීමට මෛත‍්‍රීපාල සිරිසේන මහතා සමත්ව ඇති බව ශ‍්‍රීලනිපයේ ආරංචි මාර්ග පවසයි. පසුගිය සතියේ දී මෙම දෙපාර්ශ්වයේ නියෝජිතයන් අතර වූ සාකච්ඡුාව වූයේ බැසිල් රාජපක්ෂ මහතාට හා නාමල් රාජපක්ෂ මහතාට…

ශ්‍රී ලංකාවට ආයෝජන ගෙනෙන ඉහල පෙළේ සමුළුවක් 15දා සිංගප්පුරුවේදී

ශ්‍රී ලංකාවට විදෙස් යෝජනා ගෙන්වා ගැනීමේ ඉහල පෙලේ සමුළුවක් මෙම 15දා සිංගප්පුරුවේ පැවැත්වීමට කටයුතු යොදා ඇත . එයට රවී කරුණානායක , මලික් සමරවික්‍රම ,ඉරාන් වික්‍රමරත්න , ආචාර්ය හර්ෂ ද සිල්වා යන ඇමතිවරුන් සමග මහා බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා ඇතුළු පිරිසක් සහභාගිවීමට නියමිතය . පෞද්ගලික මුල්‍ය සමාගම් හා බැංකු කිහිපයක් එක්ව මෙය සංවිධානය කොට ඇති…

සංචාරක පැමිණීමෙන් චීන්නු ඉන්දියානුවෝ පරදවති

ශ්‍රී ලංකාවට සංචාරකයන් ලෙස පැමිණීමෙන් මෙතෙක් පෙරමුණේ සිටි ඉන්දියාව පරදා  එම තත්වය චීනය හිමිකරගෙන ඇති බව අලුත්ම වාර්තා කියයි . පෙබරවාරි මාසයේ චීන සංචාරකයින් 32000ක් මෙරටට පැමිණ ඇති අතර ඉන්දියාවෙන් පැමිණ ඇත්තේ 26000ක් පමණි . ජනවාරි මාසයේ චීනයෙන් 26000ක් පැමිණ ඇති අතර ඉන්දියාවෙන් 28000ක් පැමිණ ඇත . පෙබරවාරි මාසයේ මෙරටට පැමිණි සංචාරකයින්ගේ  සම්පුර්ණ සංඛ්‍යාව 197000කි…

කොළඹ ගුවන් මාර්ග දෙකකට කැබිනට් අනුමැතිය

කැළණි පාලම සිට කොටුව දක්වාත් ,කැළණි පාලමේ සිට රාජගිරිය දක්වාත් නව ගුවන් මාර්ග දෙකකට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී ඇති බව වාර්තා වෙයි .රාජගිරිය මාර්ගය මාලබේ හා අතුරුගිරිය දක්වා ඉදිකොට අදිවේගී මගට සම්බන්ද කිරීමට නියමිතය . කොළඹ මාර්ග තදබදයට විසදුම් ලෙස ඉදිවන මෙම ව්‍යාපෘති සදහා ආසියානු සංවර්ධන බැංකුවේ හා ජපන් රජයේ ආධාර ලැබෙන බවද වාර්තා වෙයි…

රංග සහ ජයතිලක වැඩ බාරගැනීම ප්‍රතික්ෂේප කරති

රාජපක්ෂ පාලනයට කඬේ ගිය මාධ්‍යවේදීන් දෙදෙනකු වූ ලලිත් ද සිල්වා සහ ගාමිණි සුමනසේකර, ජනාධිපතිවරයාගේ මාධ්‍ය උපදේශකයින් ලෙස බඳවාගැනීම පිළිබඳව සිවිල් සංවිධාන කිහිපයක් මාස දෙකකට පමණ ඉහත දී ජනාධිපතිවරයා හමු වී තම විරෝධය පලකළේ ය. මෙහි ප්‍රතිඵලයක් ලෙස උක්ත තනතුරු දෙකට නම් දෙකක් යෝජනාකරන ලෙස ජනාධිපතිවරයා කරන ලද දැනුම්දීමකට අනුව ජාත්‍යන්තර මාධ්‍ය උපදේශක ලෙස රංග කලංසූරිය…

|

ලැසිල් ද සිල්වා යැව්වේ රිෂාඞ් ද?

ජනාධිපතිවරයා, විශේෂ ජනාධිපති කොමිසමේ ලේකම් ලැසිල් ද සිල්වා ඉවත් කළේ අමාත්‍ය රිෂාඞ් බද්දියුදීන් අමාත්‍යවරයා කරන ලද බලපෑමකට බව තතුදත් ආරංචි මාර්ග වලින් යුක්තියට දැනගන්නට ලැබී ඇත. පරිභෝජනයට නුසුදුසු සහල් තොග විශාල ප්‍රමාණයක් සතොස ගබඩාවල තිබීම පිළිබඳ බරපතල මූල්‍ය අපරාධ පිළිබඳ විශේෂ ජනාධිපති කොමිසම පරික්ෂණ ආරම්භ කිරීම මේ ඉවත් කිරීමට ආසන්න හේතුව බව වැඩිදුරටත් දැනගන්නට තිබේ….

ගෝටා – නාමල් බේරාගන්න දේශපාලන මෙහෙයුමක්

මිනීමැරුම් හා දුෂණ චෝදනා ගණනාවක් එල්ල වී ඇති ගෝටාභය රාජපක්ෂ හා නාමල් රාජපක්ෂ දෙදෙනාට එරෙහිව නීතිමය පියවර ගැනීම වැලක්වීමට දේශපාලන බලය යොදන ලෙස ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට බලපෑම් කිරීමේ ව්‍යාපාරයක් මේ දිනවල ක්‍රියාත්මක වන බව ආණ්ඩුවේ තතුදත් ආරංචි මාර්ග ප්‍රකාශ කරයි . ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා ජාතික හෙළ උරුමයේ මැති ඇමතිවරුන් මගින් මෙම ව්‍යාපාරය ක්‍රියාත්මක…

රවිරාජ් ඝාතකයන්ට මුදල් ගෙවුවේ පොලිසියේ අරමුදලින් !

දෙමල ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතා  ඝාතනය කල කරුණා කණ්ඩායමේ පිරිසට මුදල් ගෙවා ඇත්තේ පොලිසියේ අරමුදලින් බව හෙළිදරවු වී ඇති බව රහස් පොලිස් ආරංචි මාර්ග කියයි . නියෝජ්‍ය පොලිස්පති කිර්ති ගජනායක මහතා යටතේ තිබු පොලිස් බුද්ධි අංශයේ අරමුදලින් මෙම ගෙවීම සිදුකොට ඇත . මෙම ඝාතනය සදහා ගෝටාභය රාජපක්ෂ මහතා කරුණා පාර්සවයේ පිරිසකට කෝටි…

තාජුදීන් ඝාතනයේ සැකකරුවෝ තිදෙනෙක් රජයේ සාක්ෂිකරුවෝ වෙති !

රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතනයට සම්බන්ධ සැකකරුවන් තිදෙනකු රජයේ සාක්ෂිකරුවන් වීමට කැමැත්ත පලකොට ඇති බව අපරාධ  පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි .ඔවුන්ගෙන් අපරාධයේ සියලු තොරතුරු හෙළිදරවු වන බවද කියති . ඝාතනයට සම්බන්ධ සැකකරුවන් දහසය දෙනකු අත් අඩංගුවට ගැනීමට නියමිත බව අපගේ ආරංචි මාර්ග කියයි . අපරාධයේ තොරතුරු සැගවීම සම්බන්ධයෙන්ද උසස් නිලධාරීන් පිරිසකට චෝදනා එල්ල වී…

නොරච්චෝලේ අක්‍රිය වීමටත් විදුලිය බිද වැටීමටත් හේතුව නොසැලකිල්ලයි – ආචාර්ය තිලක් සියඹලාපිටිය

පසුගියදා රටපුරා විදුලිය බිඳ වැටිමටත් එයින් නොරච්චෝලේ බලාගාරය අක්‍රිය වීමටත් හේතුව විදුලිබල මණ්ඩලයේ අදාළ වගකිවයුත්තන්ගේ නොසැලකිල්ල වියයුතු බව බලශක්ති ක්ෂේත්‍රයේ විශේෂඥයකු වන ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා කියයි . විදුලිබල පද්ධතියේ එක් තැනක ඇතිවන දෝෂයක් පද්ධතියම අක්‍රිය කිරීමට පෙර ගතහැකි ක්‍රියා මාර්ග ගණනාවක් ඇතිබව ඒ මහතා කියයි . වහාම එම පියවර නොගැනීම නිසා පද්ධතියම අක්‍රිය වීම…