අතුරු අයවැයක් සති දෙකකින් පාර්ලිමේන්තුවට !
රජයේ වියදම් පියව ගැනීම සඳහා අදායම් සපයා ගැනීමට යෝජනා ඇතුලත් අතුරු අයවැය ලේඛනයක් ඉදිරිපත් කිරීමට රජය තීරණය කොට ඇති බව වාර්තාවෙයි . එය ඉදිරි සති දෙක තුල ඉදිරිපත් කරනු ඇතයි කියති . දැනට බදු සහන දී ඇති ක්ෂේත්‍ර ගණනාවක සහන ඉවත්කිරිමටත් , ඇතැම් බදු අනුපාත ඉහල දැමීමටත් එමගින් යෝජනා කරනු ඇතැයි වාර්තා වෙයි . ඇමැති මණ්ඩලය පසුගියදා නව බදු යෝජනා සාකච්චාවට ගෙන ඇතත් තීරණ ගෙන නැති බවද වාර්තා විය
