මහින්ද සමග රොත්තක් ශ්‍රී ල නි ප යෙන් නෙරපන්න තීරණයක් !
ශ්‍රී ල නි ප යෙන් වෙන්වී වෙනම පක්ෂයක් හෝ පෙරමුණක් සැදීමට කටයුතු කරමින් සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ප්‍රබලයන් පිරිසකගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කොට ඇති බව වාර්තාවෙයි . තවත් පිරිසකගේ අසන සංවිධායක තනතුරු ඉවත්කරන බවද ඒ සමගම දැනගන්නට ඇත . පක්ෂ විනය කැඩීමේ චෝදනා මත මෙම පියවර ගැනීමට තීරණය කොට ඇති බව කියති .
මේ අතර ලබන 17 දා කොළඹ හයිඩ් පිටියේ පවත්වන රැස්වීමකදී නව පෙරමුණ ප්‍රකාශයට පත්කරන බව මහින්ද පිලේ ආරංචි මාර්ග කියයි . ඒ අනුව ශ්‍රී ල නි ප ය බෙදී වෙන්වීම ස්ථිර වී ඇති බව දේශපාලන නිරීක්ෂකයෝ කියති .
