වෙළෙඳ ගිවිසුමක් ගහන්න තායිලන්තයේ නියෝජ්‍ය අගමැති හෙට (9දා) එයි
ශ්‍රී ලංකාවත් සමග වෙළෙඳ ගිවිසුමක් අත්සන් කිරීමට තම රට කැමැත්තෙන් සිටින බව මෙරටට දැන්වීම තම නියෝජ්‍ය අගමැති සොම්කිඩ් ජටුශ්රිපිටක් ඇතුළු වෙළෙඳ දුත පිරිසේ ශ්‍රී ලංකා සංචාරයේ ප්‍රධාන අරමුණක් බව තායිලන්ත ජනමාධ්‍ය වාර්තා කොට ඇත . හෙට (මාර්තු 9) සිට 12දා දක්වා ශ්‍රී ලංකාවේ සංචාරය කරන මෙම පිරිසට තායිලන්තයේ වෙළෙඳ , කර්මාන්ත හා ගමනාගමන ඇමතිවරු සහ පෞද්ගලික අංශයේ නියෝජිතයෝ ඇතුලත් වෙති .
ශ්‍රී ලංකාව කුඩා රටක් වුවද ඉන්දියාව සමග වෙළෙඳ ගිවිසුමක් ඇති නිසා එම වෙළෙඳපොළට ඇතුළත්වීමට මෙරට සමග වෙළෙඳ ගිවිසුමකට එලබීම වැදගත් බව සංචාරයට පෙර තායිලන්තයේ පවතී මාධ්‍ය සාකච්චාවේදී ප්‍රකාශ කොට ඇත .එබැවින් ශ්‍රී ලංකාව සමග වෙළෙඳ ගිවිසුමකට එලබීමට තම සුදානම මෙරට රජයට දැනුම්දෙන බව ප්‍රකාශ කොට තිබේ .
එහිදී තායි නියෝජ්‍ය අගමැතිවරයා වැඩි දුරටත් ප්‍රකාශ කොට ඇත්තේ ශ්‍රී ලංකාවේ ආයෝජනය කොට ඉන්දිඅනු වෙළෙඳපොළට පිවිසීමට තායි සමාගම්වලට දැන් අවස්ථාව උදාවී ඇති බවයි . තායි සමාගම් මෙරට යෝගනය කරන ක්ෂේත්‍ර ලෙස බැංකු කටයුතු , හෝටල් ,පාරිභෝගික නිෂ්පාදන , කෘෂිකර්මය සහ සෞඛ්‍ය යන ක්ෂේත්‍ර හදුනාගෙන ඇති බවත් , සමාගම් සීයක් පමණ ඒ සදහා ඉදිරිපත් වී ඇති බවත් ඒ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කොට තිබේ
