රවිරාජ් ඝාතකයන්ට මුදල් ගෙවුවේ පොලිසියේ අරමුදලින් !

දෙමල ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතා  ඝාතනය කල කරුණා කණ්ඩායමේ පිරිසට මුදල් ගෙවා ඇත්තේ පොලිසියේ අරමුදලින් බව හෙළිදරවු වී ඇති බව රහස් පොලිස් ආරංචි මාර්ග කියයි . නියෝජ්‍ය පොලිස්පති කිර්ති ගජනායක මහතා යටතේ තිබු පොලිස් බුද්ධි අංශයේ අරමුදලින් මෙම ගෙවීම සිදුකොට ඇත .

මෙම ඝාතනය සදහා ගෝටාභය රාජපක්ෂ මහතා කරුණා පාර්සවයේ පිරිසකට කෝටි පහක මුදලක් ගෙවූ බව තමන්ට දැනගන්නට ලැබුණු බව ඔවුන්ගේ රහස් සෙවීමට යොදවා සිටි බුද්ධි අන්ශ නිලධාරියකු වන කොස්තාපල් අභයරත්න මහතා පසුගියදා අධිකරණයට ප්‍රකාශ කළේය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *