තාජුදීන් ඝාතනයේ සැකකරුවෝ තිදෙනෙක් රජයේ සාක්ෂිකරුවෝ වෙති !
රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතනයට සම්බන්ධ සැකකරුවන් තිදෙනකු රජයේ සාක්ෂිකරුවන් වීමට කැමැත්ත පලකොට ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි .ඔවුන්ගෙන් අපරාධයේ සියලු තොරතුරු හෙළිදරවු වන බවද කියති .
ඝාතනයට සම්බන්ධ සැකකරුවන් දහසය දෙනකු අත් අඩංගුවට ගැනීමට නියමිත බව අපගේ ආරංචි මාර්ග කියයි . අපරාධයේ තොරතුරු සැගවීම සම්බන්ධයෙන්ද උසස් නිලධාරීන් පිරිසකට චෝදනා එල්ල වී ඇත . හිටපු ජෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක ඇතුළු පොලිස් නිලධාරීන් කිහිප දෙනකුම ඒ අතර වන බව කියති . පොර්ලිමෙනේතු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මෙහි ප්‍රධාන සැකකරුවකු වන බව කියති . ජනාධිපති ආරක්ෂක අංශයේ සේවය කළ නිලධාරීන් පිරිසක්ද අත් අඩංගුවට ගැනීමට නියමිත බව අපගේ ආරංචි මාර්ග කියයි .
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් වරයා පසුගිය 25දා නියෝග කලේ සියලු සැකකරුවන් මසක් ඇතුලත අත් අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙසයි .
