සංචාරක පැමිණීමෙන් චීන්නු ඉන්දියානුවෝ පරදවති

ශ්‍රී ලංකාවට සංචාරකයන් ලෙස පැමිණීමෙන් මෙතෙක් පෙරමුණේ සිටි ඉන්දියාව පරදා  එම තත්වය චීනය හිමිකරගෙන ඇති බව අලුත්ම වාර්තා කියයි . පෙබරවාරි මාසයේ චීන සංචාරකයින් 32000ක් මෙරටට පැමිණ ඇති අතර ඉන්දියාවෙන් පැමිණ ඇත්තේ 26000ක් පමණි . ජනවාරි මාසයේ චීනයෙන් 26000ක් පැමිණ ඇති අතර ඉන්දියාවෙන් 28000ක් පැමිණ ඇත .

පෙබරවාරි මාසයේ මෙරටට පැමිණි සංචාරකයින්ගේ  සම්පුර්ණ සංඛ්‍යාව 197000කි . පසුගිය වසරේ ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයන් ප්‍රමාණයක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි . එසේ වුවද චීන සංචාරකයන් මෙරටට පැමිණීමේ වෙගවත් වර්ධනයක් පෙන්නුම් කරන බව කියති . ඒ අනුව මෙරටට වැඩිම සංචාරකයන් පැමිණෙන රට බවට චීනය පත්වී ඇති බව අලුත්ම සංඛ්‍යා ලේකන මගින් පෙන්නුම් කෙරෙයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *