ජ.වි.පෙ. පා.ම. සරච්චන්ද්‍ර මායාදුන්නේ මහතා ඉල්ලා අස්වේ – ඒ වෙනුවට ලාල් කාන්ත?

ජනතා විමුක්ති පෙරමුණට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත‍්‍රී දෙකෙන් එක් ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධූරයක් හිමි වූ හිටපු විගණනාධිපතිවරයකු වූ සරච්චන්ද්‍ර මායාදුන්නේ මහතා අද දින (03.09.2015* පෙරවරුවේ පාර්ලිමේන්තුව රැුස් වූ අවස්ථාවේදී සිය මංගල කතාව පවත්වා සිය මන්ත‍්‍රී ධූරයෙන් ඉල්ලා අස්විය. මේ තමාගේ ප‍්‍රථම හා අවසන් පාර්ලිමේන්තු කතාව බව ප‍්‍රකාශ කළ සරච්චන්ද්‍ර මායාදුනනේ මහතා තමා ඉල්ලා අස්වෙන බවත්,…

විපක්‍ෂනායක ආර්. සම්බන්ධන්

විපක්‍ෂනායක ධූරයට ඉලංගෙයි තමිල් අර්සු කච්චි දේශපාලන පක්‍ෂයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වූ ආර්. සම්බන්ධන් මහතාව පත් කෙරුණ බව කතානායක කරු ජයසූරිය මහතා විසින් ප‍්‍රකාශයට පත්කරන ලදී. දෙවෙනි ස්ථානයට වැඩිම පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාවක් දිනාගත් පක්‍ෂය වන එක්සත් නිදහස් සන්ධානය විපක්‍ෂ නායක තනතුර සඳහා නමක් යෝජනා නොකළ අතර ඊළ`ගට වැඩිම ආසන සංඛ්‍යාවක් ලබාගත් ඉලංගෙයි තමිල් අර්සු කච්චිය ඉදිරිපත්…

විධායක ජනාධිපති ක්‍රමය වෙනස්කිරීමේ තීරණය පාර්ලිමේන්තුවට භාරදෙයි

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කීරීම ගැන තීරණයක් ගැනීම පාර්ලිමේන්තුවට භාරකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පාර්ලිමේන්තුව අමතා ප්‍රකාශ කළේය . පසුගිය කාලයේ ජනතා ඉල්ලීම වුයේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන ලෙසයි . එසේ වුවද ඒ සදහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයට අමතරව ජනමත විචාරණයක්ද අවශ්‍ය වියහැකි නිසා දින සියයේ වැඩ පිළිවෙළ සැකසීමේදී විධායක ජනාධිපති ක්‍රමයේ…

ප්‍රගීත් එක්නැලිගොඩට මඩ ගහන්න ගොස් හමුදාවේ දුෂිතයෝ කකුල් කටේ දා ගනිති !

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කළ හමුදා කල්ලිය රැකගැනීමට විවිධ කතා ගොතන දුෂිත නිලධාරී කණ්ඩායම කියන්නට හදන කතාවලින් ඔවුන් කකුල් කටේ දමා ගන්නා තත්ත්වයට පත්ව සිටින බව එම සිදුවීම ගැන අවධානයෙන් සිටින නිරීක්ෂකයෝ කියති . මෙම තත්ත්වය ඇතිවී තිබෙන්නේ ප්‍රගීත් එල් ටී ටී  ඊ යට සම්බන්ද බවට කතා පතුරන්නට යාම නිසාය . මොවුන් කියන්නට…

විමල් , ගම්මන්පිල අටවන පෙරමුණට මහින්ද රාජපක්ෂ නැහැ !

විමල් වීරවංශ , උදය ගම්මන්පිල , දිනේෂ් ගුණවර්ධන ආදීන් එක්වී ගොඩනගන්නට යන පෙරමුණට ඉදිරියේදී සහාය දිය නොහැකි බව හිටපු ජනාධිපති කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ඔවුන්ට දැනුම් දී ඇති බව එම කණ්ඩායමට සම්බන්ද අපගේ ආරංචි මාර්ග කියයි . පාර්ලිමේන්තුවේ එකට වැඩ කළද එක්සත් ජනතා නිදහස් සන්ධානයට එරෙහිව තවත් සන්ධානයක් ගොඩ නැගීමට සම්බන්ධ විය…

තාජුදීන් ගේ රිය ගිනිතියා ඇති බව ස්ථිරයි – සතර දෙනකුට දල එලයි

රගර් ක්‍රීඩක තාජුදීන් ගේ පිළිස්සුනු මළ සිරුර හමුවූ ඔහු ගේ මෝටර් රථය අනතුරකට ලක්වී හෝ ගිනිගෙන හෝ නැති බවත්, එයට ගිනිතබා ඇති බවත්, පරීක්ෂණ වලදී තහවුරු වී ඇති බව  වාර්තා වෙයි . ගිනි ගැනීමකට හේතුවිය හැකි හානියක් ඔහුගේ රථයට සිදුවී නැති බව හෙළිදරව් වී ඇත . සාමාන්‍යයෙන් අනතුරකදී වාහනයක් ගිනි ගත්තේ නම් වාහනයේ   ඉන්ධන ටැංකියට…

ප්‍රගීත් එක්නැළිගොඩ ගැන තව පචයක් හෙළිවෙයි

අතුරුදන් කළ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ දඹුල්ල ප්‍රදේශයේ කාන්තාවක ඇසුරු කළ බවටත් , ඔහු කොළඹ විත් නිවසට නොගොස් ඊ පී ඩී පී සංවිධානයේ මාධ්‍ය ලේකම් නෙල්සන් එදිරිසිංහ මහතාගේ නිවසේ ගතකරන බවටත්, පරීක්ෂණ වලදී හෙළිවූ බවට ඇතැම් මාධ්‍ය පල කළ පුවත පචයක් බව නෙල්සන් එදිරිසිංහ මහතා ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතාට ලිපියක් යවමින් කියා සිටියි ….

විපක්ෂ නායක ධුරය හිමි අපටයි – දෙමළ ජාතික සන්ධානය

පාර්ලිමේන්තුවේ වැඩිම ආසන හිමිකරගත් පක්ෂ දෙක ජාතික ආණ්ඩුවක් සදහා එකතු වන්නේ නම් විපක්ෂ නායක ධුරය තම පක්ෂයට හිමිවිය යුතු බව දෙමළ ජාතික සන්ධානය නිවේදනයක් නිකුත් කරමින් අද කියා සිටියේය . කැබිනට් ඇමැති ධුර ලබාගන්නා ප්‍රධාන පක්ෂ දෙකම ආණ්ඩුවේ තීරණ ගැන වගකීමෙන් බැදෙන නිසා ඔවුන්ට විපක්ෂයේ කාර්යභාරය ඉටුකළ නොහැකි බවද දෙමළ සන්ධානය කියයි. රටේ ප්‍රජාතන්ත්‍රවාදී ගමනක්…

රාජපක්ෂ අනුස්මරණ පදනමෙන් කෝටි 2ගෙවීම තවත් හෙල්පිං හම්බන්තොටක්

රාජපක්ෂ පදනමෙන් රුපියල් කෝටි 2ක මුදලක් නාගරික සංවර්ධන අධිකාරියට ගෙවන්නට තීරණය කර තිබෙන්නේ තම දෙමව්පියන්ගේ ස්මාරක ප්‍රතිසංස්කරණය කිරීම මගින් රජයේ මුදල් අවභාවිතා කෙරී ඇති බවට ජනතා විමුක්ති පෙරමුණ කරන ලද පැමිණිල්ල හේතු කොට ගෙන බව ජවිපේ හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රි නිහාල් ගලප්පත්ති මහතා යුක්තියට පැවසී ය. අවභාවිතා කළ මුදල් ආපසු ගෙවීමේ නීතිමය පදනම පිළිබඳව නීතිඥය චන්ද්‍රපාල…

“පුදන කොටම කාපි” – ඇමැති මණ්ඩලය 122ක්

ඉදිරි දිනවලදී දිවුරුම් දීමට නියමිත හවුල් ආණ්ඩුවේ සම්පුර්ණ ඇමැති ධුර සංඛ්‍යාව 122ක් වනු ඇති බව තතු දත් ආරංචි මාර්ග කියයි . කැබිනට් ඇමතිධුර 45ක් , නියෝජ්‍ය හා රාජ්‍ය අමාත්‍ය ධුර 55ක් සහ දිස්ත්‍රික් අමාත්‍ය ධුර 22ක් වශයෙන් මෙම සංඛ්‍යාව සකස්වනු ඇත .මීට අමතරව පාර්ලිමේන්තුවේ විධායක කාරක සභා ක්‍රමයක් ඇතිකොට එම සභාවල සභාපතිවරුන්ටද ඇමැති මට්ටමේ වරප්‍රසාද…

ප්‍රගීත් එක්නැලිගොඩ කොටි කදවුරකට ගිය කතාව බොරුවක්

යුද හමුදාව විසින් තොප්පිගල කැලාවේ ව්‍යාජ කොටි කදවුරක් පවත්වා ගෙන ගිය බවටත් අතුරුදන් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ කිහිප වරක් එහි ගිය බවටත් පරීක්ෂණ වලදී හෙලිදරවු වී ඇති බවට ඇතම් මාධ්‍ය මගින් ගෙනයන ප්‍රචාරවලට කිසිදු පදනමක් නැති බව අපගේ ආරංචි මාර්ග කියයි. එබදු කිසිදු තොරතුරක් පරීක්ෂණවලදී හෙලි වී නැතයි කියන අපගේ ආරංචි මාර්ග කියන්නේ හිටපු කොටි සාමාජිකයකු…

ප්‍රගීත් ඝාතන පරීක්ෂණ නැවැත්වීමේ තැත වරදී !

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කීරීම පිළිබදව කෙරෙන පරීක්ෂණ නවතාගැනීමට ඉහළම මට්ටමේ බලපෑම් සිදුවෙමින් පවතින නමුත් දැන් හෙළිවී ඇති තොරතුරු අනුව එම පරීක්ෂණය යටගැසිය නොහැකි මට්ටමට ඉදිරියට ගොස් ඇතිබව පොලිසියට සම්බන්ධ තතුදත් ආරංචි මාර්ග ප්‍රකාශ කරයි . එම ආරංචි මාර්ග කියන ආකාරයට මෙම පරීක්ෂණය නවතා ගැනීමට පසුගිය රජයේ ප්‍රබලයෝ කිහිපදෙනක් ම දැඩි උත්සාහයක් දරමින්…