විධායක ජනාධිපති ක්‍රමය වෙනස්කිරීමේ තීරණය පාර්ලිමේන්තුවට භාරදෙයි
විධා
යක ජනාධිපති ක්‍රමය අහෝසි කීරීම ගැන තීරණයක් ගැනීම පාර්ලිමේන්තුවට භාරකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පාර්ලිමේන්තුව අමතා ප්‍රකාශ කළේය . පසුගිය කාලයේ ජනතා ඉල්ලීම වුයේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන ලෙසයි . එසේ වුවද ඒ සදහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයට අමතරව ජනමත විචාරණයක්ද අවශ්‍ය වියහැකි නිසා දින සියයේ වැඩ පිළිවෙළ සැකසීමේදී විධායක ජනාධිපති ක්රමයේ සංශෝධන ගැන පමණක් අවධානය යොමු කරනු ලැබීය .එසේ වුවද ජනාධිපතිවරයාට හිතවත් ඇතැම් පිරිස් පසුව කීවේ සංශෝධන වලින් එහාට නොයා යුතු බවයි . කෙසේ වෙතත් ඔවුන්ගේ උපදෙස් නොතකා ඒ ගැන තීරණය ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට භාරදී තිබේ .
ජාතික ආණ්ඩුවක් අවශ්‍ය බව බොහෝ දෙනා කීවේද ඇමතිකම් බෙදා ගැනීමට නොව මෙබදු තීරණාත්මක ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සිදු කිරීමටය .
