විපක්ෂ නායක ධුරය හිමි අපටයි – දෙමළ ජාතික සන්ධානය

පාර්ලිමේන්තුවේ වැඩිම ආසන හිමිකරගත් පක්ෂ දෙක ජාතික ආණ්ඩුවක් සදහා එකතු වන්නේ නම් විපක්ෂ නායක ධුරය තම පක්ෂයට හිමිවිය යුතු බව දෙමළ ජාතික සන්ධානය නිවේදනයක් නිකුත් කරමින් අද කියා සිටියේය . කැබිනට් ඇමැති ධුර ලබාගන්නා ප්‍රධාන පක්ෂ දෙකම ආණ්ඩුවේ තීරණ ගැන වගකීමෙන් බැදෙන නිසා ඔවුන්ට විපක්ෂයේ කාර්යභාරය ඉටුකළ නොහැකි බවද දෙමළ සන්ධානය කියයි.

රටේ ප්‍රජාතන්ත්‍රවාදී ගමනක් ආරම්භ වී ඇති මේ මොහොතේ දෙමළ ජනයාගේ නියෝජනය පිළිගැනීමට ඉදිරි පත්වන ලෙස දෙමළ ජාතික සන්ධානය ජනාධිපති තුමාගෙන් සහ ආණ්ඩුවේ නායකයින්ගෙන් ඉල්ලා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *