ප්‍රගීත් එක්නැළිගොඩ ගැන තව පචයක් හෙළිවෙයි

අතුරුදන් කළ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැ"රජ පවුලයි මා wawuloyiළිගොඩ දඹුල්ල ප්‍රදේශයේ කාන්තාවක ඇසුරු කළ බවටත් , ඔහු කොළඹ විත් නිවසට නොගොස් ඊ පී ඩී පී සංවිධානයේ මාධ්‍ය ලේකම් නෙල්සන් එදිරිසිංහ මහතාගේ නිවසේ ගතකරන බවටත්, පරීක්ෂණ වලදී හෙළිවූ බවට ඇතැම් මාධ්‍ය පල කළ පුවත පචයක් බව නෙල්සන් එදිරිසිංහ මහතා ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතාට ලිපියක් යවමින් කියා සිටියි . ඒ මහතා කියන්නේ වසර 25ක් ඩග්ලස් දේවානන්ද මහතා සමග ජීවත්වන තමන්ට කොළඹ නිවසක් ද නැති බවයි . එමෙන්ම තමන්ගේ කට උත්තරයකින්  කරුණු හෙළිදරවු වූ බව කියතත් ප්‍රගීත් අතුරුදන් වීම ගැන කිසිවකු තමන්ගෙන් කට උත්තරයක් ගෙන නැති බවද එදිරිසිංහ මහතාගේ ලිපියේ සදහන්ය .මෙම ලිපිය ජවිපෙ නායකයා වෙත යොමු කොට ඇත්තේ එම පක්ෂයේ දෙමළ භාෂා වෙබ් අඩවියක ද මෙම ප්‍රවෘත්තිය පළකොට තිබූ නිසාය .

පැහැරගෙන ගොස් අතුරුදන් කළ ප්‍රගීත් සම්බන්ධයෙන් සමාජයේ වර්ධනය වීඇති අනුකම්පාව තුරන් කීරීම සදහාත් අපරාධකරයින්ට එල්ලවන විරෝධය තුනී කීරීම සදහාත් සංවිධානාත්මකව බොරු ප්‍රචාර කිරීමේ ව්‍යාපාරයක් ක්‍රියාත්මක වන බව මෙම සිදුවීමෙන්ද වැඩිදුරටත් තහවුරු වෙයි .

ප්‍රගීත් අතුරුදන් කීරීම ගැන පරීක්ෂණ යට ගැසීමට එරෙහිව දැඩි සටනක් කළ සන්ධ්‍යා ට ප්‍රහාර එල්ලකිරීමද මෙම ප්‍රචාරවල එක් ඉලක්කයක් බව පෙනෙන්නට තිබේ . තම නිවෙසට නොයන ප්‍රගීත්,ඔහුගේ මිත්‍ර  එදිරිසිංහ මහතාගේ නිවසේ ජීවත්වූ බව පච ප්‍රචාරකයින් කීව ද එදිරිසිංහ මහතාට කොළඹ නිවසක් ද නැත . අනෙක් අතට ප්‍රගීත් පැහැරගෙන ගිය අවස්ථා දෙකේ දී ම ඒ බව වහාම හෙළිදරවු වුයේ ප්‍රගීත් රාත්‍රියේ නිවසට නොපැමිණීම නිසා බිරිඳ කලබල වී සොයා බැලීම නිසා බව කවුරුත් දන්නා කාරණයකි . මේ නිසා ප්‍රගීත් ගැන ගෙන යන  මෙම ප්‍රචාර ටොම් පච බව තේරුම් ගැනීම අපහසු නැත .

ප්‍රගීත් ගැන බොරු ප්‍රචාර කීරීම ආරම්භ වුයේ ඔහු පැහැරගත් අවස්ථාවේ පටන්ය . එදා කීවේ ප්‍රගීත් තමන් විසින්ම සැගවී සිටින බවයි . හිටපු රජයේ බලවතුන් පවා එසේ කියද්දී ඔවුන්ගේම නියෝග මත පැහැරගත් ප්‍රගීත් ගිරිතලේ කඳවුරේ විලංගු ලා රදවාගෙන සිටි බව දැන් හෙළිදරවු වී ඇත . ඔහු නිදහස් කරන ලෙස උද්ඝෝෂණ නැගෙද්දී බලධාරීන් සිදුකොට ඇත්තේ ඔහුව සදහටම අතුරුදන් කිරීමයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *