විමල් , ගම්මන්පිල අටවන පෙරමුණට මහින්ද රාජපක්ෂ නැහැ !

විමල් වීරවංශ , උදය ගම්මන්පිල , දිනේෂ් ගුණවර්ධන ආදීන් එක්වී ගොඩනගන්නට යන පෙරමුණට ඉදිරියේදී සහාය දිය නොහැකි බව හිටපු ජනාධිපති කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ඔවුන්ට දැනුම් දී ඇති බව එම කණ්ඩායමට සම්බන්ද අපගේ ආරංචි මාර්ග කියයි . පාර්ලිමේන්තුවේ එකට වැඩ කළද එක්සත් ජනතා නිදහස් සන්ධානයට එරෙහිව තවත් සන්ධානයක් ගොඩ නැගීමට සම්බන්ධ විය නොහැකිය යන්න රාජපක්ෂ මහතාගේ ස්ථාවරය වී ඇත .

විමල් , උදය කණ්ඩායම වෙනම පෙරමුණක් ගොඩ නගන්නට යන්නේ ළඟ එන පළාත් පාලන මැතිවරණයේදී වෙනම තරග කිරීමේ අරමුණ ඇතිවය . එම පෙරමුණට එක් වන්නේ නම්  මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ල නි ප යෙන් ඉවත් කිරීමේ තර්ජනයක් මතුවන බව පෙනී ගොස් තිබේ . එබැවින් නව පෙරමුණට සම්බන්ද නොවී සිටීමට රාජපක්ෂ මහතා තීරණය කොට ඇතැයි කියති .

එමෙන්ම නව පෙරමුණට සම්බන්ද වී පළාත් පාලන මැතිවරණයෙන් දරුණු පරාජයක් ලැබුවහොත් මහින්ද රාජපක්ෂ මහතාගේ ඉතිරි වී ඇති ගෞරවයද විනාශ වී යන බව රාජපක්ෂ මහතාට පමණක් නොව ඔහුගේ හිතවතුන්ටද පෙනී ගොස් ඇතැයි කියති . මේ නිසා පැත්තකට වී නම්බුව බේරා ගැනීම මහින්ද රාජපක්ෂ මහතාගේ මේ මොහොතේ අරමුණ වී ඇති බව අපගේ ආරංචි මාර්ග කියයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *