ප්‍රගීත් එක්නැලිගොඩ කොටි කදවුරකට ගිය කතාව බොරුවක්
යුද හමුදාව විසින් තොප්පිගල කැලාවේ ව්‍යාජ කොටි කදවුරක් පවත්වා ගෙන ගිය බවටත් අතුරුදන් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ කිහිප වරක් එහි ගිය බවටත් පරීක්ෂණ වලදී හෙලිදරවු වී ඇති බවට ඇතම් මාධ්‍ය මගින් ගෙනයන ප්‍රචාරවලට කිසිදු පදනමක් නැති බව අපගේ ආරංචි මාර්ග කියයි. එබදු කිසිදු තොරතුරක් පරීක්ෂණවලදී හෙලි වී නැතයි කියන අපගේ ආරංචි මාර්ග කියන්නේ හිටපු කොටි සාමාජිකයකු ප්රගීත්ගේ දඹුල්ලේ ගොවිපලට පැමිනි බව පමනක් හෙලිවී ඇති බවයි .
කොටි කදවුරු කතාව ප්‍රගීත් අතුරුදන් කිරීම සධාරණ බව පෙන්වීමට ගොතන ලද්දක් වියහැකි බව අපගේ ආරංචි මාර්ග කියයි.
