ඉන්ධන මිල ඉහළට

ඉන්ධන මිල ඉහළට

ඊයේ  (30) මධ්‍යම රාත්‍රි සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 12කින්  ඉහළ නැංවෙන අතර එහි නව මිල රුපියල් 305කි. ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් ඉහළ  නැංවෙන අතර එහි නව මිල රුපියල් 289කි. ලංකා භූමිතෙල් මිල ද රුපියල්…

ඉන්දියාවේ මැසගොන් ඩො.මි 53කට කොළඹ ඩොක්යාර්ඩ් මිලදී ගනී
|

ඉන්දියාවේ මැසගොන් ඩො.මි 53කට කොළඹ ඩොක්යාර්ඩ් මිලදී ගනී

ඉන්දියාවේ මැසගොන් ඩොක් ෂිප්බිල්ඩර්ස් (පෞද්) සමාගම ශ්‍රී ලංකාවේ කලම්බු ඩොක්යාර්ඩ් පීඑල්සී ( කොළඹ නැව් තටාකාංගන සමාගම) මිලදී ගැනීම සදහා වූ ගිවිසුම් පසුගියදා අත්සන් කර තිබේ. ඒ අනුව කොළඹ ඩොක්යාර්ඩ් සමාගමේ සියයට 51ක කොටස් හිමිකාරීත්වය ඉන්දියාවේ මැසගොන් සමාගමට හිමි වේ. ඒ සදහා මෙම සමාගම ඉදිරිපත් කර ඇති ලන්සුව ඇමරිකානු ඩොලර් මිලියන 52.96ක් බව වාර්තා වේ. කොළඹ…

විදුලිබල පනත ව්‍යවස්ථාවට පටහැනියි – ශ්‍රේෂ්ටාධිකරණය තීන්දු කරයි
|

විදුලිබල පනත ව්‍යවස්ථාවට පටහැනියි – ශ්‍රේෂ්ටාධිකරණය තීන්දු කරයි

ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇති නව විදුලි බල පනතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ටාධිකරණය දැනුම් දී තිබේ. එම වගන්ති සම්මත කිරීමට පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයක් සහ ජන මත විචාරණයක් අවශ්‍ය බව ද ශ්‍රේෂ්ටාදිකරණය දන්වා තිබේ. වගන්ති සංශෝධනය කරන්නේ නම් එය කළ යුතු ආකාරය ද අධිකරණ තීන්දුවේ සඳහන් ය.

සීනි බදු වංචා විමර්ශන අවසන් ; අපරාධයක් සිදු වී නැතැයි නීතිපති දැනුම් දෙයි

සීනි බදු වංචා විමර්ශන අවසන් ; අපරාධයක් සිදු වී නැතැයි නීතිපති දැනුම් දෙයි

සීනි බදු වංචාව ලෙස හඳුන්වන ලද සිදුවීමේ දී අපරාධමය වරදක් සිදු වී නැතැයි නීතිපත්වරයා  අධිකරන්ජයට දැනුම් දුන්නේ ය. ඒ අනුව එම විමර්ශන අවසන් කිරීමට අධිකරණය නියෝග කොට තිබේ. 2020 වසරේ ඔක්තෝම්බර් මස සීනි සඳහා පනවා තිබූ රුපියල් පනහක බද්ද ශත 25ක් දක්වා අඩුකිරීමේ සිද්ධියට අදාළව සිදුකළ විමර්ශනවලදී කිසිදු අපරාධමය වරදක් අනාවරණය වී නොමැති බවට නීතිපතිවරයා…

කැබිනට් තීරණ ගැන ප්‍රශ්න කරන්න සී අයි ඩී යට බෑ – හිටපු ජනපති රනිල් නීතිය කියාදෙයි
|

කැබිනට් තීරණ ගැන ප්‍රශ්න කරන්න සී අයි ඩී යට බෑ – හිටපු ජනපති රනිල් නීතිය කියාදෙයි

කැබිනට් තීරණ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නීතිමය බලයක් නැති බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇති බව වාර්තා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව ඊයේ (11) දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවටවෙයි කැඳ වූ අවස්ථාවේ මේ ප්‍රකාශය කර තිබේ. කැඳවීමට  අනුව එහි ගිය හිටපු ජනාධිපතිවරයා එහි සිටි නිලධාරීන්ගෙන් තමන්ව කැඳවූයේ මන්දැයි විමසා ඇති අතර…

විදුලි ගාස්තු සියයට 18.3 කින් වැඩි කරන්න ඉල්ලයි

විදුලි ගාස්තු සියයට 18.3 කින් වැඩි කරන්න ඉල්ලයි

විදුලි ගාස්තු සියයට 18.3 කින් වැඩි කිරීමේ යෝජනාවක් ලංකා විදුලි බල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසම වෙත ඉදිරිපත් කොට තිබේ. විදුලි පරිභෝජන ගාස්තු මෙන් ම ස්ථාවර ගාස්තු සංශෝධනය කිරීමට ද එමගින් යෝජනා කොට තිබේ. මේ අතර මෙම වසරේ මුල් කාර්තුව තුළ ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 17 ක පාඩුවක් ලබා ඇති බව ද වාර්තා වෙයි.

රනිල්ගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂගේ රථයට වෙඩි ප්‍රහාරයක්

රනිල්ගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂගේ රථයට වෙඩි ප්‍රහාරයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ තුසිත හල්ලොලුව මහතා ගමන්ගත් රථයට වෙඩි ප්‍රහාරයක් එල්ල කොට තිබේ. කොළඹ, නාරාහේන්පිට දාබරේ මාවතේදී අද (17) රාත්‍රියේ මෙම වෙඩි තැබීම සිදුකර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ  තුසිත හල්ලොලුව මහතා ගමන් කළ රථය ඉලක්ක කරගනිමින් වෙඩි තැබීම සිදුකර ඇති බවය. රථයේ ඉදිරිපස වීදුරුවට වෙඩි…

2015-2024 හිතුමතේ මුදල් අච්චු ගසා නෑ ;  මුදල් අච්චු ගැසීම ආර්ථිකයට අවශ්‍ය ප්‍රමාණයට යි – මුදල් නියෝජ්‍ය ඇමති ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම
|

2015-2024 හිතුමතේ මුදල් අච්චු ගසා නෑ ; මුදල් අච්චු ගැසීම ආර්ථිකයට අවශ්‍ය ප්‍රමාණයට යි – මුදල් නියෝජ්‍ය ඇමති ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම

  2015 සිට 2024 ජනාධිපතිවරණය පැවැත්වූ දිනය දක්වා කාලයේදී මෙරට තුළ පාලනයකින් තොරව මුදල් මුද්‍රණය කර නොමැති බව මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කොට ඇත. එම කාලය තුළ මුදල් මුද්‍රණය සිදුකොට ඇත්තේ ආර්ථිකයට අවශ්‍ය ප්‍රමාණයට බව ද ඒ මහතා කියයි. එම කාලය තුළ රුපියල් බිලියන 2,250.12 ක…

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට විපක්ෂයේ නායකයෝ එකඟවෙති

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට විපක්ෂයේ නායකයෝ එකඟවෙති

ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයන් අද (14) එකඟතාවයකට පැමිණ තිබේ මෙම එකකතාවය ඇතිව තිබෙන්නේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ මල් පාරේ පිහිටි ඒ මහතගේ  දේශපාලන කාර්යාලයේ පැවැති රැස්වීමකදීය. එහිදී ගනු ලැබූ තීරණයකට…

ලංවිම සභාපති ඉල්ලා අස් වී  නෑ – අමාත්‍යංශය කියයි

ලංවිම සභාපති ඉල්ලා අස් වී නෑ – අමාත්‍යංශය කියයි

විදුලිබල මණ්ඩලයේ සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතාගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් මාධ්‍ය තුළ සංසරණය වන වාර්තා බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය අංශය ප්‍රතික්ෂේප කර තිබේ. පෞද්ගලික හේතූන් මත විදේශගත වීමට සැලසුම් කර ඇති බැවින්, සභාපතිවරයා සිය නිවාඩුව දැනුම් දෙමින් ජනාධිපතිවරයාට ලිපියක් ඉදිරිපත් කර ඇති බව අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ඩේලි මිරර් පුවත්පතට ප්‍රකාශ කොට ඇත. “ලංවිම සභාපතිවරයාගේ ඉල්ලා අස්වීම…

ලංවිම සභාපතිත් ඉල්ලා අස්වෙයි ! දේශපාලන ඇඟිලිගැසීම් නිසා වැඩ කරන්න බැරිලු !!

ලංවිම සභාපතිත් ඉල්ලා අස්වෙයි ! දේශපාලන ඇඟිලිගැසීම් නිසා වැඩ කරන්න බැරිලු !!

ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා තනතුරින් ඉල්ලා අස් වී ඇති බව වාර්තා වෙයි. දේශපාලන සහ වෙනත් බලපෑම් නිසා සිය ධුරයේ වැඩ කටයුතු කළ නොහැකි වීම නිසා ඒ මහතා ඉල්ලා අස් වී ඇතැයි කියති. විදුලිබල මණ්ඩලයේ සභාපති ලෙස ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා පත්කරන ලද්දේ ජනාධිපති අනුර කුමාර දිසානායක රජයේ පළමු පත්වීම්වලින් එකක් වශයෙනි.

විදුලි බිල වැඩි කරන්න කොමිසම බෑ කියයි ! අයි එම් එෆ් වාරිකය අවිනිශ්චිතයි !! ලංවීමය සියයට 50 ක වැඩි කිරීමක් ඉල්ලයි

විදුලි බිල වැඩි කරන්න කොමිසම බෑ කියයි ! අයි එම් එෆ් වාරිකය අවිනිශ්චිතයි !!

ලංවීමය සියයට 50 ක වැඩි කිරීමක් ඉල්ලයි

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නිර්දේශ අනුව විදුලි ගාස්තු වැඩි කිරීමට මහජන උපයෝගිතා කොමිසම අකමැත්ත පළ කිරීම නිසා මුල්‍ය අරමුදලේ ඊළඟ වාරිකය ජුනි මාසයේ පවත්වන එහි විධායක මණ්ඩලයෙන් අනුමත කර ගැනීම අවිනිශ්චිත තත්ත්වයට පත්ව ඇති බව තතු දත් ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. විදුලි නිෂ්පාදන පිරිවැය පියවා ගැනීමට වර්තමාන විදුලි ගාස්තු ප්‍රමාණවත් නැති බව මුල්‍ය අරමුදල ප්‍රකාශ කළත්,…