රනිල්ගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂගේ රථයට වෙඩි ප්‍රහාරයක්
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මහජන සම්බන්ධතා අධ්යක්ෂ ලෙස කටයුතු කළ තුසිත හල්ලොලුව මහතා ගමන්ගත් රථයට වෙඩි ප්‍රහාරයක් එල්ල කොට තිබේ.
කොළඹ, නාරාහේන්පිට දාබරේ මාවතේදී අද (17) රාත්‍රියේ මෙම වෙඩි තැබීම සිදුකර තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ තුසිත හල්ලොලුව මහතා ගමන් කළ රථය ඉලක්ක කරගනිමින් වෙඩි තැබීම සිදුකර ඇති බවය.
රථයේ ඉදිරිපස වීදුරුවට වෙඩි වැදී තිබුණත් එහි ගමන් කළ තුසිත හල්ලොලුව මහතාට හෝ ඔහුගේ නීතිඥවරයාට කිසිඳු හානියක් සිදුව නොමැත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ වෙඩි තැබූ පුද්ගලයන් පහරදීමක්ද සිදුකර ඇති අතර පහරකෑමට ලක්වූ තුසිත හල්ලොලුව මහතා රෝහල්ගත කර ඇති බවය.
මෙම වෙඩි තැබීමෙන් පසු තුසිත හල්ලොලුව මහතා සතුව තිබූ ලිපිගොනුවක් කිසියම් අයෙකු විසින් පැහැරගෙන ගොස් ඇති බව වාර්තා වෙයි
වෙඩි තැබූ පුද්ගලයන් පලාගොස් ඇති අතර නාරාහේන්පිට පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ වත්කම් සම්බන්ධයෙන් හල්ලොලුව මහතා පසුගිය දා කළ ප්‍රකාශයක් පිළිබඳව මේ වන විට පරීක්ෂණයක් පැවැත්වෙමින් තිබේ.
