IMF අයවැයට කොන්දේසි දමයි !

ජනපති ට්‍රම්ප් මෙරට අපනයනයන් සඳහා පනවා ඇති තීරු බද්දෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය මන්දගාමී වීමේ අවදානමක් තිබෙන බව ද ඔහු පවසයි.
2026 වසරේ අයවැය සකස්වීමේදී රජයේ ආදායම ඉහළ දමා ගැනීම සඳහා ශක්තිමත් ක්‍රියාමාර්ග ඇතුළත් විය යුතු බවත් ක්ෂේත්‍ර සඳහා ප්‍රමාණවත් ප්‍රතිපාදන වෙන්කිරීම් එයට ඇතුළත් විය යුතු බවත් ඔහු පැවසුවේය.
බදු නිදහස් කිරීම් ලබාදීම සඳහා වන නීති රාමුව, බදුවලට අනුකූලවන පිරිස ඉහළ දැමීම, බදු පදනම පුළුල් කිරීම සහ රාජ්‍ය මූල්‍යකරණය වැඩිදියුණු කිරීම පිළිබඳව ශක්තිමත් පියවරයන් ලබන වසරේ අයවැයට ඇතුළත් විය යුතු බවද ඔහු ප්‍රකාශ කළේය.
රාජ්‍ය – පුද්ගලික හවුල්කාරීත්වය, රාජ්‍ය ව්‍යවසායන්, ප්‍රසම්පාදනය හා රාජ්‍ය වත්කම් කළමනාකරණය පිළිබඳව ඉදිරියේදී සකසන පනත් කෙටුම්පත් රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත හා හොඳම භාවිතයන්ට අනුකූල විය යුතු බවද පැපජෝජියෝ ප්‍රකාශ කළේය .
මූල්‍ය අවදානම් අවම කිරීමටත්, බලශක්ති ක්ෂේත්රයේ මූල්‍ය තිරසරභාවයට සහායවීමටත් විදුලිය හා ජලය ඒකකයක් නිපදවීමට යන පිරිවැයට සරිලන ගාස්තු ක්‍රමයක් ඉදිරියටත් ක්‍රියාත්මක විය යුතු බවද ඔහු පැවසුවේය.
එසේම මතුව ඇති ගෝලීය වෙළඳ ප්‍රතිපත්ති අවිනිශ්චිතතාව සහ වර්තමාන භූ දේශපාලනයේ නිරන්තරයෙන් සිදුවන වෙනස් වීම්ද මෙරට ආර්ථික වර්ධනය පහළ වැටීමට තිබෙන අවදානම ඉහල දමන බවද ඔහු පැවසුවේය.
මෙම අවදානම් අඛණ්ඩව ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව මෙන්ම මූල්‍ය අවකාශය නැවත ගොඩනගා ගැනීමේ සහ විදේශ සංචිත නැවත ගොඩනගා ගැනීමේ අවශ්‍යතාව පෙන්නුම් කරන බවද ඔහු පැවසුවේය.
මෙතෙක් අමාරුවෙන් දිනා ගත් ආර්ථික ප්‍රගතිය ආරක්ෂා කර ගැනීමට සහ මෙරටට එල්ල වන අවදානම් වලට මුහුණ දීමට ඇති හැකියාව පුළුල් කරගැනීමට ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම ඉඩ සලසා දෙනු ඇතැයිද ඔහු ප්‍රකාශ කළේය.
