| |

ආර්ථික පරි­ව­ර්තන පනත දීර්ඝකාලීන ඉලක්ක සහි­තයි – මහා­චාර්ය සේම­සිංහ වන්නි­නා­යක

  • ආර්ථික අර්බු­ද­යට හේතු වූ කරුණු නිසි ලෙස අධ්‍ය­ය­නය කර ඉදිරි පිළි­වෙ­තට යා යුතුයි 
  • IMF වැඩ­ස­ට­හන දෙස අපි බැලිය යුත්තේ සුබ­වා­දී­වයි
  • කෘෂි ක්ෂේත්‍රයේ ඵල­දා­යි­තාව ඉහළ නැංවීම සහ නවීන තාක්ෂ­ණය හඳුනා ගැනීම වැද­ගත්

ආර්ථික පරි­ව­ර්තන පනත, ආර්ථික ප්‍රති­ප­ත්තිය මඟින් මෙරට ජාතික ආර්ථි­කය යහ­පත් දිශා­ව­කට යොමු කළ හැකි ආකා­රය, නව ආර්ථික පනත මඟින් මෙරට ආර්ථි­ක­යට දීර්ඝ­කා­ලී­නව ලැබෙන වාසි මොන­වාද යන්න පිළි­බ­ඳව කැල­ණිය විශ්ව­වි­ද්‍යා­ලයේ ආර්ථික විද්‍යා අධ්‍ය­යන අංශයේ අංශා­ධි­පති මහා­චාර්ය සේම­සිංහ වන්නි­නා­යක මහතා සමඟ සිදු­කළ සාක­ච්ඡා­වක් ඇසු­රින් මෙම ලිපිය සැකැසේ.

 

පසු­ගි­යදා පාර්ලි­මේ­න්තු­වේදී සම්මත කර­ගන්නා ලද ආර්ථික පරි­ව­ර්තන පනත මෑත­කා­ල­යේදී සම්මත වූ ඉතා සුවි­ශේෂී පන­තකි. මේ පන­තින් යෝජිත යන්ත්‍ර­ණය මඟින් ඉදිරි දශක දෙක­හ­මා­රක කාලය තුළ මෙරට ආර්ථි­කයේ ව්‍යුව­හා­ත්මක වෙන­ස්කම් රැසක් ඇති කිරී­මට අපේ­ක්‍ෂව බව පැහැ­දි­ලිය. මේ පනතේ ප්‍රමුඛ අර­මුණු වශ­යෙන් දැක්වෙන්නේ ශ්‍රී ලංකා ආර්ථි­කය ඉහළ තර­ග­කා­රී­ත්ව­ය­කින් යුත් අප­න­ය­නා­භි­මුඛ ඩිජි­ටල් ආර්ථි­ක­යක් බවට පරි­ව­ර්ත­නය කිරී­මත් ගෝලීය ආර්ථි­කය සමඟ ඒකා­බ­ද්ධ­තාව වැඩි කිරී­මත්ය. ඒ හැර සාර්ව ආර්ථි­කයේ තුල­නය ඇති කර­ගැ­නීම, රාජ්‍ය ණය තිර­සාර බව ඇති­කර ගැනීම, ඵල­දා­යී­තාව හා අප­න­යන ඉහළ නැංවීම සඳහා කෘෂි අංශය නවී­ක­ර­ණය, සහ සියලු දෙනා ඇතු­ළත් කර ගන්නා ආර්ථික වර්ධ­න­යක් අත්කර ගැනී­මට හැකි­යාව තිබේ.

හරිත ආර්ථි­කය

මේ පනත මඟින් ළඟා කර ගැනී­මට අපේ­ක්‍ෂිත නිශ්චිත ඉලක්ක ගණ­නා­වක් දක්වා තිබේ. ඒ අතර 2027 දක්වා වාර්ෂි­කව සිය­යට 5ක ආර්ථික වර්ධ­න­යක් ද ඉන් අන­තු­රුව එයට වැඩි වර්ධන වේග­යක් අත්කර ගැනීම, 2032 වන විට රාජ්‍ය ණය දළ දේශීය නිෂ්පා­දි­ත­යෙන් (ද.දේ.නි.) සිය­යට 95ට අඩු මට්ට­මක (දැනට එම අගය සිය­යට 114කි), රජයේ වාර්ෂික දළ මූල්‍ය අව­ශ්‍යතා සිය­යට 13ට අඩු මට්ට­මක ද පවත්වා ගැනීම, 2027 වන විට විදේශ මුද­ල්ව­ලින් සිදු කරන වාර්ෂික ණය සේවා­ක­රණ ද. දේ. නි. ප්‍රති­ශ­ත­යක් වශ­යෙන් සිය­යට 4.5ට අඩු­වෙන් පවත්වා ගැනීම, 2025 සිට සේවා වියුක්ති අනු­පා­තය සිය­යට 4.5ට අඩු මට්ට­මක පවත්වා ගැනීම, ස්ත්‍රී ශ්‍රම­බ­ළකා සහ­භා­ගීත්ව අනු­පා­තය 2030 වන විට සිය­යට 40 දක්වාත් 2040 වන විට සිය­යට 50 දක්වාත් වැඩි කිරීම, ශුද්ධ ශූන්‍ය  තත්ත්ව­යක් ඇති­කර ගනි­මින් 2050 වන විට හරිත ආර්ථි­ක­යක් කරා ළඟා වීම යනා­දිය වේ. මෙම අර­මුණු සහ ඉලක්ක සාක්‍ෂාත් කර ගනි­මින් ආර්ථික පරි­ව­ර්ත­නය සඳහා වූ ජාතික ප්‍රති­ප­ත්ති­යක් ස්ථාපිත කිරී­මට ආය­තන කිහි­ප­යක් ස්ථාපිත කිරී­මට ද යෝජනා කර තිබේ. ආර්ථික කොමි­සම, ශ්‍රී ලංකා ආයෝ­ජන කලාප, අන්ත­ර්ජා­තික වෙළෙ­ඳාම සඳහා වූ කාර්යා­ලය, ජාතික ඵල­දා­යිතා කොමි­සම, ආර්ථික විද්‍යාව සහ අන්තර් ජාතික වෙළෙ­ඳාම සඳහා වූ ශ්‍රී ලංකා ආය­ත­නය යනු ඒවාය.

ජනා­ධි­ප­ති­ව­රයා මේ සම්බ­න්ධ­යෙන් දක්වා ඇති අද­හස් සම්පි­ණ්ඩ­නය කළ­හොත් මෙහි අව­සන් ඉල­ක්කය වන්නේ රටේ ආර්ථික ස්ථායි­තාව ඇති කිරී­මත් නැවත ආර්ථික අර්බු­ද­යක් ඇති­වීම වැළැ­ක්වී­මත් ය. මේ මගින් සිදු කර ඇත්තේ ආර්ථික සංව­ර්ධ­නය ඇති කර ගැනීම ආණ්ඩුවේ නීති­මය වග­කී­මක් බවට පත් කර තිබී­මයි. ඒ අනුව දක්වා ඇති ඉලක්ක සාක්‍ෂාත් කර ගැනීම සඳහා වූ ප්‍රති­පත්ති සැක­සීම ආණ්ඩුවේ ව්‍යව­ස්ථා­පිත වග­කී­මක් බවට පත් වේ. මේ ඉලක්ක සිය­ල්ලම සමඟ ඇති කර ගන්නා ලද එක­ඟතා හා සම­පාත වේ. ඒ නිසා මට හිතෙ­නවා මේ මඟින් වක්‍රා­කා­රව සිදු­ක­රන්නේ ඒ සමඟ වූ එක­ඟ­තාව නීති­ගත කිරී­මයි. එවිට කවු­රුන් බල­යට පත්වු­වත් එම එක­ඟතා කඩ­කළ නොහැ­කිය. එය ඉතා­මත් හොඳ ප්‍රව­ණ­තා­වකි. රටක සංව­ර්ධ­න­යට ප්‍රති­ප­ත්ති­වල අඛ­ණ්ඩ­තාව ඉතා වැද­ගත්ය. මෙයට පෙර 16 වතා­වක් අප අන්තර් ජාතික මූල්‍ය අර­මු­ද­ලට ගොස් තිබේ. එහෙත් බොහෝ අව­ස්ථා­වල එම වැඩ­ස­ට­හන් සම්පූර්ණ කළේ නැත. අවා­ස­නා­ව­කට හෝ මෙව­රත් එවැනි දෙයක් වුව­හොත් නැව­තත් අර්බු­ද­කාරී තත්ත්ව­යක් ඇති­විය හැකිය. ආර්ථික පන­තින් ජාතික ප්‍රති­ප­ත්ති­යක් ඇති කිරීම ඉතා­මත් හොඳ ප්‍රවේ­ශ­යකි.

මූල්‍ය කළ­ම­නා­ක­ර­ණය

අපේ රටේ රාජ්‍ය මූල්‍ය කළ­ම­නා­ක­ර­ණයේ දක්නට ඇත්තේ ඉතා අවි­ධි­මත් සහ වග­කීම් විර­හිත තත්ත්ව­යකි. කෝප් සහ කෝපා කමි­ටු­ව­ලදී රාජ්‍ය සහ රාජ්‍ය අනු­බ­ද්ධිත ආය­ත­න­වල මූල්‍ය කළ­ම­නා­ක­ර­ණය කෙත­රම් දූෂිත ද යන්න හෙළි­ද­රව් වී ඇත. එහෙත් මේ අක්‍ර­මි­කතා කර­න්නන්ට කිසිදු දඬු­ව­මක් නැත. ආර්ථික පරි­ව­ර්තන පනත සම­ඟම ඉදි­රි­පත් කළ රාජ්‍ය මූල්‍ය කළ­ම­නා­ක­රණ පනත මගින් අර­මුණු කරන්නේ රාජ්‍ය මූල්‍ය ක්ෂේත්‍රයේ පවත්නා අවි­ධි­මත් සහ වග­කීම් විර­හිත මූල්‍ය කළ­ම­නා­ක­ර­ණය විධි­මත් කිරී­මය. මෙහි ඵල­දා­යී­ත්වය ඉදි­රි­යේදී දැක­ගත හැකි වනු ඇත. මගේ මත­කයේ විදි­යට මෙවැනි පන­තක් මෙයට පෙරත් ගෙනැ­විත් තිබේ.  මේ පනත් කෙත­රම් ගෙන ආවත් ප්‍රති­ඵ­ල­යක් නොමැත. ඒවායේ ඇති සිදු­රු­ව­ලින් රිංගා යාමට අදාළ පුද්ග­ල­යන් හොඳින් දනිති. ඒ පිළි­බඳ දැඩි අව­ධා­න­ය­කින් කට­යුතු නොකෙ­ළ­හොත් මේ වෑයම ද අසා­ර්ථක වේ.

මේ සම්බ­න්ධ­යෙන් විවිධ අද­හස් පළවේ. ආණ්ඩුව පැත්තෙන් ප්‍රකාශ වෙන්නේ මෙය ජනා­ධි­ප­ති­ව­ර­යාගේ අද­හස් අනුව නිර්මා­ණය වූවක් බවය. එහෙත් මේ පන­තින් යෝජනා කර තිබේ. යන්ත්‍ර­ණය හා ඉලක්ක අනුව නිරී­ක්ෂ­ණය කිරී­මේදී මෙය  අයි.එම්.එෆ්. වැඩ සට­හන සමඟ දැඩි සම්බ­න්ධ­තා­වක් තියෙන බවය. යම් යම් නොගැ­ළ­පෙන තැන් තිබු­ණද අයි.එම්.එෆ්. වැඩ­ස­ට­හන දෙස අප බැලිය යුත්තේ සුබ­වා­දී­වය. ඉදි­රි­යේදී නැවත ආර්ථික අර්බු­ද­යක් ඇති­වීම වැළැ­ක්වී­මට මෙය කෙත­රම් පිටි­ව­හල් වන්නේ­දැයි සලකා බැලිය යුතුය.

ආර්ථි­කය යථා­වත් කිරී­මට නම් ආර්ථික අර්බු­දයේ හේතු­සා­ධක නිවැ­ර­දිව හඳු­නා­ගත යුතුය. ඒ සම­ඟම දැනට පවත්නා ගැටලු සහ ප්‍රමු­ඛතා හඳු­නා­ගත යුතුය. ඒ හැර හුදු සටන් පාඨ හෝ ප්‍රද­ර්ශ­නා­ත්මක වැඩ­ස­ට­හ­න්ව­ලින් රට ගොඩ­න­ඟ­න්නට හැකි­යා­වක් නැත. පසු­ගිය දශක කිහි­පය තුළ ක්‍රියා­ත්මක කළ වැරදි ආර්ථික හා මූල්‍ය කළ­ම­නා­ක­ර­ණය, වැරදි ප්‍රති­පත්ති තේරීම්, දුර්වල ආණ්ඩු­ක­ර­ණය යන ඒවා  අර්බු­දයේ කේන්ද්‍රීය සාධ­කය. ඇත්ත වශ­යෙන් ම රට මුහුණ දී ඇති ආර්ථික අභි­යෝ­ග­ව­ලට මුහු­ණ­දී­මට විධි­මත් නිශ්චිත ඉල­ක්ක­ගත වැඩ­පි­ළි­වෙ­ළක් අවශ්‍ය කෙරේ. දේශ­පා­ලන වේදි­කා­වල ද මේ බව නිතර අහන්න ලැබේ. ඉදි­රි­යේදී කවුරු බල­යට පත් වුවද එවැනි වැඩ­පි­ළි­වෙ­ළක් මත කට­යුතු කිරීම අත්‍ය­වශ්‍ය කරු­ණකි. නිද­හ­සින් පසු මුල් අව­දි­යේදී දස අවු­රුදු සැලැස්ම, පස් අවු­රුදු සැලැස්ම, සත් අවු­රුදු සැලැස්ම, කඩි­නම් මහ­වැලි සංව­ර්ධන වැඩ­ස­ට­හන, නිවාස වැඩ­ස­ට­හන් යනාදි ඉල­ක්ක­ගත වැඩ­ස­ට­හන් තිබුණි. එහෙත් පසු­කා­ලී­නව එවැනි නිශ්චිත ඉලක්ක අත් කර ගැනී­මට වඩා එදි­නෙදා දවස් ගෙවා ගන්නා වැඩ සට­හන් ක්‍රියා­ත්ම­කව තිබුණි.ඇතිවූ ආර්ථික අර්බු­දය එහි ප්‍රති­ඵ­ල­යක් ලෙස සඳ­හන් කළ හැකිය.

ආර්ථි­කය වර්ධ­නය

අප ආර්ථික වර්ධන ඉලක්ක ගත්තොත් පොදුවේ පිළි­ගන්නා තත්ත්වය වන්නේ  රටක් ආර්ථික සංව­ර්ධ­නය කරා ගමන් කිරී­මට සිය­යට 8-10ක වාර්ෂික වර්ධන වේග­යක් අඛ­ණ්ඩව වසර 15ක් පමණ පවත්වා ගත යුතුය යන්න. ඒ අනුව පනතේ දක්වා ඇති ඉලක්ක සපුරා ගත්තොත් රටේ සංව­ර්ධ­න­යට එය පිටු­ව­හ­ලක් බවට පත්වේ. එසේ වුව­හොත් සේවා වියුක්ති ඉලක්ක සපුරා ගැනී­ම­ටත් ණය සේවා­ක­රණ ඉලක්ක සපුරා ගැනී­ම­ටත් හැකිවේ. එහෙත්  අපේ රටේ පවත්නා දේශ­පා­ලන සංස්කෘ­තිය හා සමාජ සම්මත, ගෝලීය ආර්ථික සහ දේශ­පා­ලන ප්‍රව­ණතා සැල­කි­ල්ලට ගත්කළ මෙය පහසු කාර්ය­යක් නොවේ. ඒ අනුව අනෙක් ඉලක්ක සැල­කි­ල්ලට ගත්ත ද තත්ත්වය මෙයයි.

මේ ඉලක්ක ඉතා­මත් ආක­ර්ෂ­ණීය එකකි. ප්‍රශ්නය වන්නේ  මේ ඉලක්ක කොයි තරම් දුරට සාක්‍ෂාත් කර ගැනී­මට  හැකි ද යන්නය නැති­නම් කෙත­රම් දුරට යථා­ර්ථ­වා­දීද යන්නය.  සංඛ්‍යා දත්ත තිබූ පම­ණින් ආර්ථි­කය වර්ධ­නය වෙන්නේ නැත. ඒ සඳහා නිශ්චිත වූ වැඩ­පි­ළි­වෙ­ලක් ද අව­ශ්‍යය. උදා­හ­ර­ණ­යක් ලෙස ශ්‍රම බළකා සහ­භා­ගි­ත්වය 2040 වන විට සිය­යට 50ක් දක්වා ඉහළ නැංවීම.සඳ­හන් කළ හැකිය එහෙත් මෙහි මෙම ඉල­ක්කය සපුරා ලන්නේ කෙසේද යන්න ගැන හෝ සඳ­හ­නක් නැත.

පනතේ දක්වා ඇති ඉල­ක්කය සපුරා ගැනීම සඳහා වූ ප්‍රති­පත්ති සම්පා­ද­නය කිරී­මට ආණ්ඩුව නීත්‍යා­නු­කූ­ලව බැඳී සිටී.  එහෙත් ආණ්ඩුව ඊට අපො­හො­සත් වුව­හොත් හෝ වග­කීම පැහැර හැරි­ය­හොත් එයට වග­කිව යුත්තේ කවු­රුන්ද දඬු­වම කුමක් ද යන්න මෙහි සඳ­හන්ව නැත.

රාජ්‍ය විය­දම් සීමා­ කි­රීම

රජයේ  ආර්ථික පරි­ව­ර්තන පනත තුළින් ජන­තා­වට ලැබෙන වාසි අවාසි මොන­වාද යන්න ද සලකා බැලිය යුතුය. වාසි ලෙස කෙත­රම්  සහ­නා­ධාර ලැබෙ­නව ද? බඩු මිල කොච්චර අඩු­වෙයි ද? වැටුප් කොයි­ත­ර­මින් වැඩි වෙයි ද? යනා­දිය නම් එවැනි වාසි  කෙටි­කා­ලීන වාසි ලැබීමේ අව­ස්ථා­වකි එහෙත්  දිගු­කා­ලී­නව රටට සහ ජන­තා­වට වාසි අත්ප­ත්කර ගත හැක්කේ දිගු­කා­ලීන  ඉලක්ක සපුරා ගත­හොත් පමණි. මෙමඟින් ජන­තාට ඇති විය හැකි අවාසි මොන­වද යන්න පැවැ­සී­මට කල්වැ­ඩිය. මන්ද යත් වාසි අවාසි මොනව ද යන්න තීර­ණය වන්නේ  ක්‍රියා­වට නංවන ප්‍රති­පත්ති අනු­වය. උදා­හ­රණ වශ­යෙන් රජයේ දළ මූල්‍ය අව­ශ්‍යතා ඉල­ක්කය සපුරා ගැනී­මට රාජ්‍ය විය­දම් සීමා­කි­රීමේ ප්‍රති­ප­ත්ති­ය­කට එළ­ඹු­ණ­හොත් එය ජන­තා­වට අහි­ත­කර ලෙස බලපෑ හැකි­වීම දක්වන්න පුළු­වන්. රාජ්‍ය ණය සම්බන්ධ ඉල­ක්කය සපුරා ගැනී­මට රාජ්‍ය ණය සීමා කිරී­මත් අහි­ත­කර ආකා­ර­යෙන් බලපෑ හැකිය. එහෙත් මේ සෑම දෙයක්ම තව­මත් උප­ක­ල්පිත තත්ත්ව­යන්ය.

ගෝලීය වශ­යෙන් පැමි­ණෙන අභි­යෝ­ග­ව­ලට මුහු­ණ­දී­මට අප ගෝලීය ආර්ථි­කයේ ශක්ති­මත් ඒක­ක­යක් බවට පත් විය යුතුය.එය කළ හැක්කේ ජාත්‍ය­න්තර වෙළෙ­ඳා­මට ශක්ති­මත්ව සම්බ­න්ධ­වීම තුළිනි. සිංග­ප්පූ­රුව, හොංකොං කුඩා රට­වල් වුවද  ජාත්‍ය­න්තර වෙළෙ­ඳ­පොළ තුළ ඉතා ශක්ති­මත්ය. අපට ඒ සඳහා යෝග්‍ය භූගෝ­ලීය පරි­ස­ර­යක් තිබේ. ඒවා­යින් ප්‍රයෝ­ජන ගෙන ජාත්‍ය­න්තර වෙළෙඳ ජාලය තුළ අත්‍ය­වශ්‍ය ඒක­ක­යක් බවට පත් විය යුතුය. ප්‍රාථ­මික අප­න­යන මගින් මෙය සපි­රීම ඉතා අසී­රුය. කාර්මික අප­න­යන සහ කෘෂි අංශ­යේදී අගය එකතු කළ නිෂ්පා­දන අප­න­යට යොමු විය යුතුය.

ජාත්‍ය­න්තර වෙළෙ­ඳාම

මෙම පන­තින් විශේෂ අව­ධා­නය යොමු කර ඇති එක් අංශ­යක් ලෙස පෙනෙන්නේ ජාත්‍ය­න්තර වෙළෙ­ඳා­මයි. ජාත්‍ය­න්තර වෙළෙ­ඳා­මේදී අපි මුහුණ දී සිටින ප්‍රධාන ප්‍රශ්න­යක් වන්නේ දිගින් දිග­ටම පවත්නා අය­හ­පත් වෙළෙඳ ශේෂ­යයි. එය මඟ­හ­රවා ගැනීම සඳහා අප­න­ය­නා­භි­මුඛ ආර්ථි­ක­යක් කරා පරි­ව­ර්ත­නය කිරීම අත්‍ය­වශ්‍ය කරු­ණකි. ආයෝ­ජන කලාප ඇති කිරීම ජාත්‍ය­න්තර වෙළෙ­ඳා­මේදී ඉතා වැද­ගත්ය. දැනට ක්‍රියා­ත්මක ආයෝ­ජන මණ්ඩ­ලය ප්‍රති­ව්‍යු­හ­ගත කර කාර්ය­ක්‍ෂම යන්ත්‍ර­ණ­යක් ඇති කළ යුතුය. එමෙන්ම කෘෂි ක්‍ෂේත්‍රයේ ඵලා­යි­තාව වැඩි කිරී­මත් නවීන කෘෂි­ක­ර්මා­න්ත­යට යොමු වීමත් ඉතා වැද­ගත්ය. එමෙන්ම  යහ­පත් මූල්‍ය කළ­ම­නා­ක­ර­ණය, ණය තිර­ස­ර­භා­වය ඇති­කර ගැනීම මෙන්ම  රුපි­යලේ බාහිර අගය ස්ථායීව පවත්වා ගැනීම ගෝලීය වෙළෙ­ඳ­පොළ තුළ තර­ඟ­කා­රී­ත්වය ඇති කර ගැනී­මට ඉව­හල් වේ.

ස්ථාවර  ආර්ථි­ක­යක් පව­ත්වා­ගෙන යෑම සහ ණය ගෙවීම තිර­සර මට්ට­මක පව­ත්වා­ගෙන යෑම සඳහා ආර්ථික පරි­ව­ර්තන පනත උප­යෝගි කර­ගත හැක්කේ කුමන ආකා­ර­යට ද යන්න සලකා බැලිය යුතුය. මෙහිදී ආර්ථික අර්බු­දයේ ආස­න්න­තම හේතුව වූයේ විදේශ විනි­මය හිඟ­යයි. ඒ නිසා ආර්ථි­කයේ තිර­ස­ර­භා­වය ඇති කර ගැනීම සඳහා විදේශ විනි­මය ඉපැ­යීම් වැඩි­කර ගත යුතුය. දැනය ප්‍රධාන විදේශ විනි­මය ඉපැ­යීම් මූලාශ්‍ර වන සංචා­රක ඉපැ­යීම් සහ විදේ­ශීය ප්‍රේෂණ හැරුණ විට අප­න­යන ඉපැ­යීම් වැඩි­කර ගැනීම අත්‍ය­ව­ශ්‍යයි. මේ පනතේ එක් අර­මු­ණක් වන්නේ අප­න­ය­නා­භි­මුඛ ආර්ථි­ක­යක් ඇති කිරී­මට අවශ්‍ය පද­නම සැක­සී­මයි. එය ආර්ථික වර්ධ­න­යට වගේම ණය තිර­ස­ර­භා­ව­ය­ටත් ඉතා වැද­ගත්ය. මෙම පන­තින් ස්ථාපිත කිරී­මට යෝජිත කොමි­ස­ම්ව­ලට මෙහිලා වැද­ගත් කාර්ය­යක් ඉටු කළ හැකිය. ඒ වගේම රාජ්‍ය ණය ද. දේ. නිෂ්පා­දි­ත­යෙන් සිය­යට 95ක් දක්වා අඩු­කර ගැනීම ද ණය තිර­ස­ර­භා­වය ඇති කර ගැනී­මේදී වැද­ගත් වේ. අව­සන් වශ­යෙන් කිව­යුතු වන්නේ මේ කුමන පනත් ගෙනාව ද ඒවා මුද්‍රිත ලිපි­ගො­නු­ව­ලට පම­ණක් සීමා­වු­ව­හොත් ඵලක් නොවන බවයි.

මහා­චාර්ය සේම­සිංහ වන්නි­නා­යක

දිනමිණ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *