විදුලි බල පනත රිවස් වෙයි
පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කිරීමට නියමිතව තිබු විදුලි බල පනත ඉදිරිපත් කිරීම දින නියමයකින් තොරව කල් දමා තිබේ.
එයට නීතිපතිගෙන් ලබා ගත යුතු උපදෙස් ලබා නොගැනීම නිසා පාර්ලිමේන්තුවේ අධීක්ෂණ කාරක සභාව එයට අනුමැතිය ලබා දී නැත.
පනතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ශ්‍රේෂ්ටාධිකරණය තීන්දු කොට තිබිණි. ඒ අනුව කළ යුතු වෙනස්කම් කිරීමෙන් පසු ඒ සඳහා නීතිපති වරයාගේ අනුමැතිය ලබාගත යුතු වුවත්, එසේ නොකොට පනත ඉදිරිපත් කිරීමට ආණ්ඩුව උත්සහ දැරීම නිසා මෙම තත්ත්වය උද්ගතව තිබේ.
