|

ජවිපෙ වලට පනින්නේ අපිවත් ඇදගෙන – රටේ රාළ

.
” ජවිපෙ දේශපාලන දඩයමකට සැරසෙනවාද ” ලිපියෙන් රටේ රාළ කිව්වේ ඉදිරි මාස කීපය ඇතුලේ මේ රටේ නිර්මාණය වෙන්න පුළුවන් ආර්ථික,සමාජ සහ දේශපාලන අර්බුද ඉස්සරහා ජවිපෙ තල්ලු වෙන්න පුළුවන් එක පැත්තක් ගැනයි.තව පැති කීපයක් තියනවා.ඒවා ගැන ඉස්සරහදී කතා කරමු.අනුර බලය ගත්තට පස්සේ කරගහගෙන යන්නේ රනිල්ගේ ආර්ථික වැඩපිලිවෙල කියන එක දැන් ජෙප්පොත් පිලිගන්නවා.රනිල් පුද්ගලීකරණය ගේනකොට ඒකට විරුද්ධ උන ජෙප්පන්ට සහ බයියන්ට අනුර පුද්ගලීකරණය කරන දිහා බලාඉන්න වෙනවා.
පාඩු ලබන ආයතන අනුර විකුණලා දාන හැටිත් බලාඉන්න වෙනවා.එදා අනුරලත් එක්ක පාරට බැහැලා රට පාවලා දෙනෝ….කියලා පතුරු ගහපු ගිවිසුම් අනුරලා අත්සන් කරන හැටිත් බලාඉන්න වෙනවා.ඇත්තටම ජෙප්පන්ට සහ බයියන්ට මාර විපතක් තමයි වෙලා තියෙන්නේ.රටේ රාළ දිගටම කිව්වේ අනුර රනිල්ගේ පාරේ යන්නේ දැනගෙන නෙවෙයි කියලයි.ඒක හොඳටම තේරෙන්නේ අනුර රනිල්ගේ වැඩපිලිවෙල කරගහගෙන යන්නේ ගෝඨාභයගේ ගමන.
දැන් ගොඩක් අයට ඒක දැනිලා.අනුර රනිල්ගේ වැඩපිලිවෙල අරන් ගියාට ජනතාව අනුරව සන්සන්දනය කරන්නේ ගෝඨාත් එක්ක.2022 රනිල් රට බාර අරගෙන ඉස්සරහට ආපු අවුරුදු දෙක හමාරේ මුල් දින සීය සහ අනුරගේ මුල් දින සීය ගැන සන්සන්දනයක් කවුරුත් කරන්නේ නෑ. රනිල් බාරගත්ත රට ගෝඨාභය සහ අනුර බාරගත්ත රටට වඩා ගොඩක් වෙනස් එකක්. ගෝඨාභය බාරගත්තේ බංකොලොත් රටක් නෙවෙයි.
අනුර බාරගත්තෙත් බංකොලොත් රටක් නෙවෙයි. රනිල් බංකොලොත් භාවයෙන් මුදවලා දුන්න රට තමයි අනුර බාරගත්තේ.හැබැයි රනිල් බාරගත්තේ බංකොලොත් රටක්.මේ තුන් දෙනාගේ වෙනස තියෙන්නේ රනිල් බංකොලොත් රටක් බාර අරගෙන බංකොලොත්භාවයෙන් මුදවලා දුන්නා. ගෝඨාභය බංකොලොත් නැති රටක් බාරගෙන බංකොලොත් කරලා දුන්නා.අනුර බංකොලොත්භාවයෙන් මුදවපු රටක් බාරගත්තට ඒක තවමත් තියෙන්නේ අසීරු අඩියක.
හැබැයි මීටත් වැඩිය අසීරුම අඩියක තිබුණ රටක් රනිල් බාර අරගෙන දවසින් දවස ගොඩයන පැත්තට ගමන් කළා.ඒ පාරේ රනිල් ගියේ ජවිපෙ බරපතල බාධාකීරීම් මැද්දේ.උද්ඝෝෂණ, වැඩවර්ජනය,වැටලීම් කරමින් අනුර ඇතුළු ජවිපෙ මාලිමා සන්ධානය රට වට්ටන්න නොකල දෙයක් නෑ.කොහොම හරි රනිල් අනුරට බාරදුනේනේ හාල් නැති,පොල් නැති,ලුණු නැති රටක් නෙවෙයි.පෝලිම් නැති රටක් රනිල් අනුරට බාරදුන්නා.
අනුර දැන් පුනරුදය යටතේ හාල් පෝලිම් හදලා ඉවරයි,පොල් පෝලිම් හදලා ඉවරයි.ලුණු පෝලිම් හදලා ඉවරයි.පාස්පෝට් පෝලිම ඇත්තටම සංසාරේ වගේ දිගයි.අනුරලා දොඩවපු වහසිබස් දැන් ගොඩක් සමාප්ත වෙලා,එහෙමත් නැත්තං සමාපත්තිය කරා ලඟාවෙමින් තියනවා.ජනවාරි මාසෙන් අවසන් වෙනවා කිව්ව හාල් හිඟය අනුරම පෙබරවාරිවලට කල් දැම්මා.අනුර ගිය 25 වෙනිදා හාල් පාලන මිලට වඩා වැඩියෙන් එක ඇටයක් විකුණන්න දෙන්නේ නෑ කියලා තව සති දෙකක් කල් ගත්තා.
රටේ රාළ කියන්නේ අනුරට ආයෙත් කල් ඉල්ලන්න වෙනවා කියලයි.මේ මොනවා උනත් තවමත් අනුර විශ්වාස කරන බයියෝ සහ ජෙප්පෝ ටිකක් ඉන්නවා.එයාලා තවමත් අනුරගේ කතාවට වශී වෙලා ඉන්න අසරණ මෝඩයෝ පිරිසක්.රනිල්ට ලිබරල් ආර්ථිකයක් සම්බන්ධව දැනුම සහ දැක්ම උපරිමයෙන් තිබුණා.රනිල් අර්බුදය ඉස්සරහා තමන්ට හරි කියලා හිතෙන තමන් දන්න ආර්ථික ලයින් එක තේරුවා.හැබැයි රනිල් කියන්නේ හොඳ presenter කෙනෙක් නෙවෙයි.රනිල් තෝරපු වැඩපිලිවෙල හරියට රටට present කරන්න රනිල්ට බැරිවුනා.
ගෝඨාභය කියන්නේ වැඩකාරයෙකුත් නෙවෙයි වගේම හොඳ presenter කෙනෙකුත් නෙවෙයි. වැඩවලින් අනුර සහ ගෝඨාභය බොහෝ දුරට සමානයි.හැබැයි presenter කෙනෙක් විදිහට ගනිද්දී අනුර රනිල්ට සහ ගෝඨාභයට වඩා ගව් ගණනක් ඉස්සරහින් ඉන්නවා.සමහරවිට අනුරට කයියනායක කියලා නමක් වැටෙන්න ඇත්තෙත් ඒ හැකියාව හින්දා වෙන්න ඇති.දැන් ගෝඨාභයගේ පරිච්ඡේදය ඉවරයි.ඒ වගේම රනිල්ගේ පරිච්ඡේදයත් බොහෝදුරට ඉවරයි.
ගෝඨාභය සහ රනිල් සන්සන්දනය කරද්දී ගෝඨාභයට ආයෙත් කිසිම අවස්ථාවක් එන්නේ නැති බව ෂුවර්.හැබැයි සීයාට කලාතුරකින් හරි ආයෙත් අවස්ථාවක් එන්න පුළුවන්.ඒක වෙන්න නං රට ආයෙත් 2022 මට්ටමට කඩා වැටෙන්න ඕනි.සීයා ගෙන්න ගන්න රට එතෙන්ට වැටෙනවට කැමති අයත් ඇති,හැබැයි රටේ රාළලා ඒකට කැමති නෑ.රනිල්ගේ නැවත පැමිණිම අනිවාර්ය වෙන්න නං අනුර මේක දාලා යන්න ඕනි වගේම විපක්ෂයේ කිසිවෙක් ඒ අභියෝගය බාරගන්න ඉදිරිපත් නොවෙන්නත් ඕනි.
හැබැයි මේ විපක්ෂය ඇතුලේ රනිල්ගේ වැඩපිලිවෙල ඉදිරියට ගෙනියන්න පුළුවන් අය ඉන්නවා.හර්ෂට,රවීට,කබීර්ට ඒ දැනුම තියනවා. විශේෂයෙන්ම රවී ලංකාවේ හිටපු දක්ෂතම මුදල් ඇමතිවරයෙක්,ඒ වගේම සාර්ථක විදේශ ඇමතිවරයෙක්.මුදල් ඇමති අනුර සහ විදේශ ඇමති විජිතත් එක්ක සන්සනදනය කරද්දී රවී ඉන්නේ එයාලට වැඩිය ගව් ගානක් ඉදිරියෙන්. ආචාර්ය හර්ෂ සහ වර්තමාන නියෝජ්‍ය මුදල් ඇමති මහාචාර්ය අනිල් ජයන්ත සන්සන්දනය කරද්දී අනිල්ට වඩා ගව් ගාණක් උඩින් හර්ෂ ඉන්නවා.රට ආර්ථිකමය වශයෙන් අර්බුදයට ගිය වෙලාවක හර්ෂ කියන්නේ තවත් උත්තරයක්.
සමහරවිට ඒක නිසා වෙන්න ඇති සජබෙ නායකයන් හර්ෂට බය.ඒ වගේම එජාප සමහර නායකයන් රවීටත් බයයි.මේ ක්‍රමය ඇතුලේ මතුවෙන ආර්ථික අර්බුදයක් අවස්ථාවකදී යොදා ගන්න පුළුවන් key points දෙකක් විදිහටයි රටේ රාළ රවි සහ හර්ෂ දකින්නේ.ඒ වගේම තවත් කැපීපෙනෙන චරිත ගණනාවක් විපක්ෂයේ ඉන්නවා.දයාසිරි,දිලිත්,කබීර්,රෝහිණී,චාමර,කාවින්ද වගේ කීපදෙනෙක්ම ඉන්නවා.විෂක්ෂයේ ඉන්න ප්‍රසාද් සිරිවර්ධනටත් හොඳ අනාගතයක් තියන බව පේනවා.
කොහොම උනත් විපක්ෂයේ ඉන්න මේ අයගෙන් වැඩක් ගන්න අවස්ථාවක් අද හෙට නං එන්නේ නෑ.මොකද අනුර එයාගේ කණ්ඩායමත් එක්ක උත්සාහ ගන්නවා මිසක් පොදු හැඩයකට එකඟ නෑ.හැබැයි ප්‍රශ්න තියෙන්නේ අනුරගේ හරි අනුරගේ කණ්ඩායමේ වෙන කාගේවත් හරි වැඩේ ඇඟේ නැති එකයි.ඒක නිසා බාහිර උපදෙස් මත එයාලට depend වෙන්න වෙනවා.දැනටමත් අනුරලා නිලධාරින්ගේ ග්‍රහණයට අහුවෙලා ඉවරයි.අනුරලට වැඩේ තේරෙන්නෙ වැඩේ අවුල් වුනා පස්සේ.
අනුර නිළධාරීන් කියන කතා අහලා තමයි ඇවිත් රටට බණ කියන්නේ.පෙබරවාරි 09 වෙනිදායින් පස්සේ පාලන මිලට වැඩියෙන් එක හාල් ඇටයක් විකුණන්නේ නෑ කියන්නෙත් ඒ වගේ කතාවක්.මේ හාල් අර්බුදය අඩුම වශයෙන් ඡූලි,අගෝස්තු වෙනකම් යනවා.ඊළඟ කන්නය හරියට කළේ නැත්තම් මේ අවුරුද්දම sorry තමයි.ආණ්ඩුවට ආයෙත් හාල් ගෙන්නන්න වෙනවා.සමහරවිට පාලන මිල තවත් වැඩිවෙයි.හාල් ප්‍රශ්නය කියන්නේ කුඹුරේ ඉදන් බත් පිඟාන දක්වා පරාසයක විහිදෙන එකක්.ඒ අතර කණ්ඩායම් ගණනාවක් ඉන්නවා.
ගොවියා,මෝල් හිමියා,තොග වෙලෙන්දා,සිල්ලර වෙලෙන්දා,පාරිබෝගිකයා ඔය වගේ තවත් විශාල පිරිසක් ඉන්නවා.අනුරලාගේ ආණ්ඩුවට මේ සියල්ල අපේ කියලා හිතෙන්නේ නෑ.එක වෙලාවක මෝල් හිමියා එක්ක වෛරයෙන් වැඩ කරනවා.මේ දවස්වල ගොවියා එක්ක වෛරයෙන් වැඩ කරනවා.ඒක ජවිපෙට තියන ජාති ලක්ෂණයක්.ජවිපෙට ඒ මෝඩකමෙන් සහ උද්දච්චකමෙන් මිදෙන්න වලකට වැටෙන්නම ඕනි.ප්‍රශ්න තියෙන්නේ දැන් ජවිපෙ වලට වැටෙන්නේ රටත් ඇදගෙන.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට
රටේ රාළ.
May be an image of 8 people and text

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *