ලෝකයේ ලොකුම රාජ්‍ය සේවය, හමුදාව තියාගෙන අපට ගොඩ යන්න පුළුවන් ද ? – හිටපු කතානායක කරු ජයසූරිය

ලෝකයේ ලොකුම රාජ්‍ය සේවයක් සහ හමුදාවක් තියාගෙන අපට ගොඩයන්න පුලුවන්ද කියා අප කල්පනා කළ යුතු බව සාධාරන සමාජයක් සඳහා ව්‍යාපාරයේ සභාපති හිටපු කතානායක දේශමාන්‍ය කරු ජයසුරිය මහතා ප්‍රකාශ කළේ ය.
ලෝකයේ සාමාන්‍ය වශයෙන් රාජ්‍ය සේවකයින් ඉන්නේ 250 කට එක් අයෙකු වුවත් අපරටේ දහතුන් දෙනෙකුට එක් රාජ්‍ය සේවකයකු සිටින බව පෙන්වා දුන් ඒ මහතා අපේ හමුදාව ද ලෝකයේ ලොකුම හමුදාවලින් එකක් බවත්, එය බංගලිදේශයේ සහ බ්‍රතාන්‍යයේ හමුදාවට වඩා විශාල බව ද පෙන්වා දුන්නේ ය.
විශාල ලෙස පාඩු ලබමින් රාජ්‍ය ව්‍යවසාය පවත්වාගෙන යන බව ද පැවසු ඒ මහතා වැඩි දුරටත් පෙන්වා දුන්නේ ඒ සියල්ලට ගෙවන්නට සිදුව තිබෙන්නේ සාමාන්‍ය ජනතාවගේ බදු මුදලින් බව යි.
සිස්ටම් චේන්ජ් ගැන කතා කරන්නේ නම් මේගැන ක්‍රියා කළ යුතු බව කරු ජයසුරිය මහතා වැඩි දුරටත් පෙන්වා දුන්නේ ය.
මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම ගැන අපට මතක් වන්නේ මැතිවරණයක් ආසන්න වූ විට දී ය . එලෙස බලා නොසිට මෙම ක්‍රමය වෙනස් කිරීමට දැන් කටයුතු කළ යුතුව ඇත.
සිවිල් සමාජ ඒකාබද්ධ ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා ප්‍රවේශයක් ලෙස , “අපට සිහිනයක් ඇත,” එකමුතුව විසින් කොළඹ දී පැවති සම්මන්ත්‍රණයක් අමතා ඒ මහතා මෙම අදහස් පළ කළේ ය.
සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය, අලුත් කතාබහ, සහ නිදහසේ වේදිකාව සංවිධාන එක්ව මෙම සම්මන්ත්‍රණය සංවිධානය කොට තිබිණි.
