විදුලි විෂය ගැන දේශපලානඥයින්ට දැණුමක් නෑ -මහාචාර්ය කුමාර් ඬේවිඞ් ( 2වැනි කොටස)

සාම්පූර් ගල් අගුරු බලාගාරය කළට වේලාවට අවසන් නොකළ හෙයින් ඒ අතරතුර කාලයේ කොපමණ අතිරේක වියදමක් දරන්නට සිදුවන්නේ ද යන්න ගණන් බැලිය යුතු ය. මේ ප්‍රමාදය හේතු කොටගෙන 2023 වන තුරු රුපියල් බිලියන 80ක් 90වක් පමණ වැඩියෙන් වියදම් කිරීමට සිදුවේ. මම පෙර සඳහන් කළ ගැස් බලාගාරය ද නියමිත දිනයට අවසන් කිරීමට නොහැකි වුහොත් බිලියන් 190ක් පමණ වැඩිපුර වියදම් කිරීමට සිදුවනු ඇත. හේතුව අපේ ආණ්ඩුව හරි වෙලාවට හරි ක්‍රමයට තීන්දු නොගැනීම ය. සැලසුමක් සකස් කළ පසු ඇමති එකක් කියන අතර අගමැති තව එකක් කියයි. ජනාධිපති කියන්නේ වෙනම දෙය කි. එපමණක් නොයෙකුත් බලපෑම් නිසා ද ඒ වැඩපිළිබලට සැළසුමට බාධා පැමිණේ.
විදුලිබල මණ්ඩලයට විදුලිය ජනනය සංවර්ධනය කිරීමට වසර 15ක සැළසුමක් තිබේ. එය විදුලිය ව්‍යාප්ත කිරීමේ දිගුකාලීන සැළසුමකි. අලුත් සැළසුම සකසා දිබෙන්නේ 2015 සිට 2030ට ය. එය ක්‍රියාත්මක කිරීමට මෙරට දේශපාලන අධිකාරියට එදා මෙන්ම අද ද කිසිදු විනයක් නැත. ඒ සැළසුම අනුව සාම්පුර් බලාගාරය දැන්ම ආරම්භ කර 20-21 අතර තුර අවසන් කිරිමට අපේක්ෂිත ය. දැන් ආණ්ඩුව ඒකත් අවුල්කර ඇත. ඒ කියන්නේ විදුලිබල මණ්ඩලය 2015 සිට 2021 දක්වා හැදූ සැළසුමත් දැන් කුණ බක්කියට දමා ඇත. දැන් කිසිදු සැළසුමක් නැත. දේශපාලන අධිකාරිය දැන්, කුමක් හෝ සැළසුමක් හදාදෙන ලෙස විදුලිබල මණ්ඩලයට බලකරති. මේ විනයක් නැති කමට ඉහත සඳහන් කළ තිදෙනාම වගකිව යුතු ය. මොවුන් සැම දෙනාටම මේ විෂය පිළිබඳ දැණුමක් නැත. මොකක් හෝ දෙයක් අල්ලාගෙන මේ වගේ බරපතල තින්දු එක එක ආකාරයට වෙනස් කළ නොහැක. මේ ආකාරයේ සිල්ලර තීන්දු නිසා ඩොලර් බිලියන ගණන් පාඩුවේ. සාම්පූර් ව්‍යාපෘති සැලසුමේ ඇස්තමේන්තුව ඩොලර් බිලයන 750 කි. මෙවැනි ව්‍යාපෘති සමග සෙල්ලම් කළ නොහැක. ඒක තමයි ලංකාවේ තිබෙන තත්ත්වය. දැන් ඩිසල් බලාගාර නිර්මාණය කළහොත් සාමාන්‍යයෙන් ඒකකයක් රුපියල් 28-30 අතර වියදමක් දැරීමට සිදුවේ. ගල් අගුරු වලින් හැදුවොත් රුපියල් 8-10ක් අතර ගණනක් වියදම් වනු ඇත. ලෝක වෙළඳ පොලේ මිල උච්ඡාවචනය අනුව මෙය අඩුවීමට හෝ වැඩිවීමට පුළුවන. මම කථා කරන්නේ තෙල් මිල හොඳටම අඩු වී ඇති අවස්ථාවක බව මතක තබාගත යුතු ය.
ගෑස් බලාගාරයක් ගොඩනැගුවොත්, මං හිතන ආකාරයට ගල් අගුරු වලට වඩා රුපියල් දෙකක් පමණ වැඩිවිය හැක. එතනින් පැන නගින ප්‍රශ්න දෙකක් ඇත. එයින් එකක් වන්නේ පාරිසරික වශයෙන් එය ගල් අගුරුවලට වඩා යහපත් ය. ඒ නිසා ඒ රුපියල් දෙක ගෙවීම වටිනා බවට මතයක් ඇත. ඒක සාධාරණ අදහසකි. මා පෙර සඳහන් කළ සාධක වලින් වෙන හානිය සමග ගණන් බැලුවොත් ඒ රුපියල් දෙකට වඩා එය වටිනවා යැයි කිව හැක. දෙවැනි කරුන වන්නේ ගැස් මිල අඩුවීමේ ප්‍රවනතාවයක් තිබිම ය. යම් මතයක් තිබෙනවා තෙල් සහ ගල් අගුරුවල මිල අඩු වැඩි වන්නේ සමානව බවට. නමුත් ගැස් මිල ඉතා ඉක්මණින් අඩුවේ. ඒ නිසා ගැස්වලට යන එකේ වරදක් නැත. මේකට තව එකතු කිරීමක් කරන්නට අවශ්‍ය ය. ඒ සූර්ය හා සුලං බලශක්තිය සම්බන්ධයෙනි. මේ දෙකේ මිල ද ඉතා ඉක්මනින් අඩුවෙමින් පවති. මේ බලශක්ති ප්‍රභවයන් දෙක පසු ගිය කාලයේ ඒකකයක මිළ පැවතුනේ රුපියල් 20 ගණන්වල ය. දැන් එය රුපියල් 12-14ට මෙන් අඩු වී ඇත. සහ අනාගතයේ තවත්එය පහළ බහින සංඥ තමයි පවතින්නේ. මක් නිසා ද යත් මේ ලබශක්ති 2 ඉතා ඉක්මනින් වැඩි දියුණු කරමින් පවති. මේ සම්බන්ධයෙන් විශාල වශයෙන් පර්යේෂණ කරති. ඒ නිසා ඒ දෙක වැඩිකරන එක යහපත් ය. නමුත් එය දැන් ලංකාවේ විදුලි බල පද්ධතියට දෙන දායකත්වය 11%ක් පමණ වේ.
එහි මිළ අඩු වූවාට සීමාවේ ප්‍රශ්නයක් ඇත. ලංකාවේ සුළග තිබෙන හොඳ ස්ථාන තිබෙන්නේ කිහිපයක් පමණි. ඒ ටික ප්‍රයෝජනයට ගත් පපූ එය අවසාන ය. දැන් අපේ ජල විදුලියට වෙලා තිබෙන්නේත් මේ දේ ම ය. හොඳම ජලවිදුලි බලාගාර සියල්ලම මෙන් දැන් ප්‍රයෝජනයට ගෙන අවසන් ය. තව තිබෙන්නේ දෙක තුනක් පමණි. සූර්ය බලශකිතියේ ද අපිට සීමාවන් ඇත. අපේ රට කාන්තාරයක් නොවේ. කාන්තාරයක් නම් හොඳට එය ලබාගත හැක. දැනට මේ ප්‍රභවයන් දෙකෙන් එනම් සුළං සහ සූර්ය යන මූලාශ්‍ර දෙකෙන් 11%ක් ලබා ගන්නා අතර වසර 10කින් ඒක දෙගුණයක් පමණ කළ හැක. එයට වඩා එයින් ද බලාපොරොත්තු විය නොහැක. ඒ නිසා එතැන දි අපි සිටින්නේ ටිකක් අමාරු තැනකය. විශාලම අමාරුව තමයි අපි ගන්නා තින්දු සම්බන්ධයෙන් දේශපාලන අධිකාරියේ ඇති අච්චාරුව.
මෙහි අතුරු ප්‍රශ්නය වන්නේ රටේ සංවර්ධනයට බාධා පැමිණිම ය. ඒක සිදුවන්නේ මෙසේ ය. මේ අවුල නිසා විදුළි බල ඒකකයට ගෙවන්නට වන මිල වැඩිවන විට එය රටේ නිෂ්පාදනයට අහිතකර ලෙස බලපානූ ඇත. මක්නිසා ද යත්, නිෂ්පාදන වියදමට වැඩිවෙන විදුලි මිල ද ඇතුලත් වන විට නිෂ්පාදන මිල යයි. මෙය ආයෝජකයින් ආකර්ෂණ කරගැනීමට බාධාවකි. ඒ නිසා විදුලි මිල ඉහළ යෑම රටේ සංවර්ධනයට ද අහිතකර ලෙස බලපානු ඇත.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *