අලුත් වමේ එකතුවෙන් ආණ්ඩුවට විවේචනාත්මක සහයෝගයක් !
ලාල් විජේනායක මහතා ලේකම් ධූරය දරණ ලංකා සමසමාජ පක්ෂයේ බහුතරයත්, වෘත්තීය සමිති නායකයෙකු වූ ඩබ්ලියු සුභසිංහ මහතා නායකත්වය දරණ කොමියුනිස්ට් පක්ෂයේ විකල්ප කණ්ඩායමත්, ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා නායකත්වය දරණ නව සමසමාජ පක්ෂයත් මෛත්‍රි/රනිල් ආණ්ඩුවට විවේචනාත්මක සහයෝගය ලබාදිමට තිරණය කර ඇති බව තතු දත් ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත.
මෙම පක්ෂ 3 මධ්‍යම කාරක සභිකයින් ගේ ඒකාබද්ධ සාකච්ඡා සම්මන්ත්‍රණයක් පසුගිය 17වෙනි දින හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනයේ දී දවස පුරා පවත්වා ඇත. ජාත්‍යන්තර දේශපාලන ආර්ථිකය පිලිබඳ ප්‍රථම දේශනය පවත්වා ඇත්තේ මහාචාර්ය කුමාර් ඬේවිඞ් මහතාත් ය. ලංකාවේ වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතාත්, ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිලිබඳව ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා සහ වෘත්තිය සමිති ව්‍යාපාරය සහ කම්කරුවන්ගේ ඉල්ලීම් මැයෙන් ඩි. ඩබ්ලියු සුභසිංහ මහතාත් මේ සම්මන්ත්‍රණයේ දී දේශණ පවත්වා ඇත.
මෙහි විශේෂත්වය වන්නේ නව ලිබරල්වාදය ගැන තොරතෝංචියක් නැතිව ඇතැමුන් කෑ ගසන නමුත් 2008 ලෝක මුල්‍ය අර්බුදයෙන් අනතුරුව ඇමෙරිකාව ප්රමුඛ යුරෝපිය බලවතුන් ඇතුලු ජාත්‍යාන්තර මුල්‍ය අරමුදල තව දුරටත් නවලිබරල්වාදය තුලින් ඉදිරියට යෑමට නොහැකි බව තේරුම් ගෙන ඇති බව මහාචාර්ය කුමාර් ඬේවිඞ් පැහැදිළිකර තිබේ. වික්‍රමබාහු කරුණා රත්න මහතා මෙන්ම ඩි. බඞ්ලියු. සුභසිංහ මහතා ද මෙම අදහස අනුමත කරමින් කථා කළ බව දැනගන්නට ඇත. රනිල් වික්‍රමසිංහ මහතා සමාජ වෙළඳපොල ආර්ථිකයක් ගැන අද කථා කරන්නේ ජාත්‍යන්තරයේ ඇති වී තිබෙන මේ දේශපාලන ආර්ථිකයේ ඇති වී තිබෙන වෙසනට අනුව බව ඔවුන්ගේ පොදු මතය වි තිබේ. මේ සංවර්ධන උපාය මාර්ගය ධනවාදි වන නමුත් සම්මුතිවාදි උපාය මාර්ගයන් හරහා ගමන් කරන හෙයින් යහපත් දේට සහයෝගය ලබාදෙමින් අයහපත් දේට කොන්දේසි විරහිතව විරෝධය දක්වා එය නැවැත්වීමට ක්‍රියාකළ යුතු බවට මේ සංවිධන තුන එකග වී ඇත. එමෙන්ම ව්‍යවාස්ථා ප්‍රතිසංස්කරණය ජාතිවාදින්ගේ බලපෑම් වලින් ආරක්ෂාකර ගතයුතු බව ඔවුන්ගේ අදහස වී ඇත.
තමන්ට සහයෝගය දෙන ලෙස රනිල් වික්‍රමසිංහ මහතා වෘත්තීය සමිති නායකයින්ගෙන් ඉල්ලීමක් කර ඇති බව සඳහන් කළ ඩි. ඩබ්ලියු සුභසිංහ මහතා පවසා ඇත්තේ ඒ සඳහා කම්කරුවන්ට ලැබෙන්නේ කුමක් ද යන්න ය. මේ පිළිබඳව අගමැතිවරයාට දන්වා ඇති බව සඳහන් කර ඇති සුභසිංහ මහතා ඉදිරියේ දී රනිල් වික්‍රමසිංහ මහතා සමග කම්කරු නායකයින් සාකච්ඡාවක් කිරීමට එකගතාවය පළකර ඇති බව ද වැඩිදුරටත් පවසා ඇත. මෙම සාකච්ඡා සම්මන්ත්‍රණයට පක්ෂ තුනේ ම මධ්‍යම කාරකසභිකයින් 100කට ආසන්න පිරිසක් සහභාගි වී ඇතැයි කියැවේ.
