|

ආදායමෙන් සියයට 20 ක් ණය ගෙවන්න එකඟතාවයක් නැහැ – සියඹලාපිටියගෙන් අනුර කුමාරට පිළිතුරු

ආදායමෙන් සියයට 20 ක් ණය ගෙවීමට වෙන් කිරීමට රජය එකඟ වී ඇතැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කර ඇතත්, එබඳු කිසිදු එකඟතාවයක් නැති බව මුදල් රාජ්‍ය ඇමති රන්ජිත් සියඹලාපිටිය මහතා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

ණය ගෙවීමට වෙන් කරන මුදල 2022 දී සියයට 32 ක් දක්වා වර්ධනය වී තිබු බවත්,ණය ප්‍රතිව්‍යුහගත කරණයේ අරමුණ එය සියයට 13 දක්වා අඩු කර ගැනීම බවත්, කී ඇමතිවරයා රජයේ ඉලක්කය 2032 වන විට ණය ගෙවීම් දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට 4.5 දක්වා අඩු කර ගැනීම බව ද කී ය.

අනුර කුමාර දිසානායක මහතා රුපවාහිනී නාලිකාවක කළ සාකච්ඡාවේ මෙබඳු වැරදි කරුණු රැසක් ඇති බව කී ඇමතිවරයා එම ඇතැම් කරුණු ගැන සභාවට පැහැදිලි කිරීමක් කළේ ය.

මෙම කරුණු ගැන විවාදයක් නොව සංවාදයක් කළ යුතු බව ද ඒ මහතා වැඩි දුරටත් කී ය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *