|

රනිල් රාජපක්ෂ – රටේ රාළ

රනිල් සහ රාජපක්ෂලා අතර තියන දේශපාලන සම්බන්ධයේ තරම පෙන්නන්න විපක්ෂය රනිල්ට රනිල් රාජපක්ෂ කියලා කිව්වා.පහුගිය කාලේ පුරාම විපක්ෂය රනිල්ව ලේබල් කළේ එහෙමයි.ඒ ලේබල් එක ගලවන්න රනිල්ගේ පැත්තෙනුත් ලොකු උත්සාහයක් ගත්ත බවක් පේන්නේ නෑ. මුලදී රාජපක්ෂලා හැදුවේ රනිල් යටත් කරගන්න. මතක ඇති ඒ කාලේ පොහොට්ටුවේ මන්ත්රීලා කියපු කතා.සනත් නිශාන්ත කිව්වේ අපි ජනාධිපති කෙනෙක් හදුවා එයා වැඩකරන්න ඕනි අපිට ඕනි විදිහට කියලා.
පවිත්රා කිව්වේ කවුරු ජනාධිපති උනත් මහින්ද මහත්තයා කියන විදිහට වැඩ කරන්න ඕනි කියලා.හැබැයි රනිල් රාජපක්ෂලාගේ පදයට නටන්න සුදානම් නැති බව දැනුනට පස්සේ පොහොට්ටුවේ රාජපක්ෂ සෙට් එක රනිල්ට ගහන්න පටන් ගත්තා.පොහොට්ටුවේ පසුපෙල මන්ත්රීවරු මුලදී ඒකට පාවිච්චි කළා.සාගර කාරියවසම් කිව්වේ රනිල් රටේ ජනාධිපති උනාට පොහොට්ටුවේ ජනාධිපති නෙවෙයි කියලා. පොහොටුවෙන් අනිවාර්යෙන්ම ජනාධිපති අපේක්ෂකයෙක් දානවා කියලා ධම්මික පෙරේරා ටික කාලයක් කඩේ යැවුවා.
ඒ කැමිපේන් එක ලොකුවට කළේ සාගර කාරියවසම් සහ මහාචාර්ය රංජිත් බණ්ඩාර. කොහොම හරි රනිල් කළේ එයාලට කයිවාරු ගහන්න දීලා පොහොට්ටුව ඇතුලෙන් අල්ලන එකයි.රනිල් ඒක කළේ කැබිනට් ඇමතිලාට සහ රාජ්ය ඇමතිලට වැඩකරන්න ප්රමාණවත් නිදහසක් දීලා.රාජපක්ෂලාගේ දේශපාලන වහල් සේවයෙන් නිදහස් වෙච්චි ඒ මිනිස්සු මේ නිදහස ඇතුලේ තමයි රනිල්ට කිට්ටු වෙන්නේ.
ඒකෙන් රටේ රාළ කියන්නේ මේ අමාත්යාංශවල වැඩ හරියටම තිතට වෙනවා කියලා නෙවෙයි. මේවා ඇතුලේ අක්රමිකතා වෙන්නේ නෑ කියලත් නෙවෙයි.පොහොට්ටුවේ ටීම් එක අල්ලන්න රනිල් දැල එලපු හැටි ගැනයි.රනිල් කියන්නේ අතර මැදින් වැඩවලට ඇඟිලි ගහන කෙනෙක් නෙවෙයි. රනිල් බලන්නේ Out Put එක දිහා විතරයි. රනිල්ගේ මේ ස්වභාවයත් එක්ක පොහොට්ටුව දියවෙන බව රාජපක්ෂලාට දැනෙන්න ඇති. නාමල්ට ඒ සෙන්ස් එක නැති උනත් මහින්දටයි, බැසිල්ටයි ඒක තියෙන්න ඕනි.
ඒකත් එක්ක තමයි දැන් බැසිල් ඇවිත් පොහොට්ටුව අලුත් උපක්රමයකට තල්ලු කරන්න හදන්නේ.ඒක පොහොට්ටුව පැත්තෙන් සහ රාජපක්ෂලාගේ පැත්තෙන් හිතද්දී තෝරපු දියුණු උපක්රමයක්.බැසිල් ඉස්සෙල්ලාම හැදුවේ රනිල්ට කියලා පාර්ලිමේන්තුව විසුරවා ගන්න.එහෙම විසිරවා ගත්තොත් පොහොට්ටුවට මහ මැතිවරණයේදී ආසන 25 ක් තිහක් විතර ගන්න පුළුවන් කියලා බැසිල් හිතනවා ඇති.අඩුම ගානේ තුන්වෙනි,හතරවෙනි තැන හරි ඉතුරු වෙයි.
හැබැයි පාර්ලිමේන්තුව විසුරවන්න රනිල් එකඟ නොවීම ඇතුලේ බැසිල් ඊළඟට ට්රයි කරන්නේ රනිල් පොහොට්ටුවේ අපේක්ෂකයා කරගන්න. බැසිල් කියන්නේ රනිල් ජනාධිපතිවරණයට එනවද නැද්ද කියලා කියන්න කියලයි.ඊට පස්සේ පොහොට්ටුවේ තීරණය කියන්නං කියලා.මේ ඔක්කොම සෙල්ලං බැසිල් දාන්නේ පොහොට්ටුව එකට තියාගන්න.රනිල් පොහොට්ටුවේ අපේක්ෂකයා වෙන්න එකඟ වෙන්නේ නෑ.දැන් එතකොට රාජපක්ෂලාට තියෙන්නේ විකල්ප දෙකයි.එක්කෝ ජනාධිපතිවරණයේදී රනිල්ට සහය දෙන්න,නැත්තං පොහොට්ටුවෙන් වෙන අපේක්ෂකයෙක් දාන්න.මේ දෙකේ වාසි සහ අවාසි බැසිල් තක්සේරු කරගන්න ඇති.
ජනාධිපතිවරණයේදී රනිල්ට සපෝට් කරලා රනිල් දිනුවොත් ඊළඟ මහ මැතිවරණය පොහොට්ටුව තනියම තරඟ කළොත් ආසන 25 ක් තිහක් විතර දිනාගන්න පුළුවන් වෙයි.පොහොට්ටුවෙන් වෙන අපේක්ෂකයෙක් දැම්මොත්,එයත් පැරදිලා මහ මැතිවරණයකට ගියොත් පොහොට්ටුව දහයෙන් පහල තනි ඉලක්කමකට උනත් වැටෙන්න පුළුවන්.මේක තමයි රටේ රාළගේ තක්සේරුව. රටේ රාළ හිතනවා බැසිල්ගේ තක්සේරුවවත් මීට ගොඩක් සමාන ඇති.
දැන් රාජපක්ෂලා උපක්රම වෙනස් කරලා තියන විදිහෙන් ඒක තේරෙනවා.දැන් පොහොට්ටුව Open ම රනිල් උස්සනවා.ඒ උස්සන්න ගමන් රනිල් ප්රතිපත්තිමය වශයෙන් ඉන්න ඕනි තැන ගැනත් උපදෙස් දෙනවා.මහින්ද ඊයේ පෙරේදා නිවේදනයක් ගහලත් කිව්වේ ජනවරමකින් ආණ්ඩුවක් පත්කර ගන්නකං රටේ සමහර ආයතන විකුණන්න තීන්දු කරන්න එපා කියලා. දැන් රාජපක්ෂලා හදන්නේ රනිල් ඉන්නේ එයාලත් එක්ක කියලා පෙන්නන්න.
රනිල් තමයි පොහොට්ටුවෙත් ජනාධිපති අපේක්ෂකයා කියලා ටික ටික පහල බලවේගයට කාන්දු කරන වැඩේ තමයි මේ කරන්නේ.ඊළඟට ඒ feeling එක රටේ හදන්න එයාලා ට්රයි කරනවා. පොහොට්ටුව ඔය මොන සෙල්ලම දැම්මත් ඇත්ත යථාර්ථයේදී ඕක ඔහොම වෙන්නේ නෑ.නිකං හිතන්නකෝ රනිල් එක්ක කණ්ඩායම් දහයක් ඇවිත් සන්ධාන ගතවුනා කියලා.එතකොට එතන හැදෙන්නේ ඒ දහයේ පොදු එකඟතාවයෙන් යන වැඩක් මිසක පොහොට්ටුවට ඕනි වැඩේ නෙවෙයි.
ඇත්තටම වෙන්නත් ඕනි ඒක.ඒ කියන්නේ ඒ සන්ධානය පොහොට්ටුවක්වත්,UNP එකක්වත් වෙන්න බෑ.ඒක පොදු සන්ධානයක්.එහෙම එකකට නායකත්වය දීමේ ටැලන්ට් එක රනිල්ට තියනවා.මහින්ද දැන් බණ කිව්වට මහින්ද කළේ ඕකේ අනිත් පැත්ත.මහින්ද කණ්ඩායම් ගොඩක් එකතු කරගෙන දිනලා මහින්දට ඕනි වැඩේ කළා. මහින්දලා හැමදාම කළේ කටින් බතල හිටවන එක.ඒක නිසා මේ හැදෙන සන්ධානය රාජපක්ෂ මොඩල් එකට පවත්වාගෙන යන්න ගියොත් රනිල් අමාරුවේ වැටිලා ආයෙත් යහපාලන ආණ්ඩුව වගේ අච්චාරුවක් නිර්මාණය වෙනවා.
ඒක නිසා ඒ හැදෙන සන්ධානය යන්න ඕනි පොදු සිස්ටම් එක මිසක් රාජපක්ෂ සිස්ටම් එකේ නෙවෙයි.රනිල් එක්ක සන්ධානගත වෙන්න එන කණ්‌ඩායම්වලටත් මෙතනදී වගකීමක් තියනවා. ඒ සන්ධානය රාජපක්ෂලාට හයිජැක් කරන්න නොදී පොදු හැඩයෙන් පවත්වාගෙන යන්න.පොදු ප්රතිපත්තිය මත පිහිටලා සන්ධානය ඇතුලේ ෆයිට් කරන්න.මොකද ඒක සාමූහික ප්රයත්නයක් එක්ක යන ගමනක් වෙන්න ඕනි.එතනදී තමයි ලන්සලා වගේ කණ්ඩායම් මේක මැදට ඕනි වෙන්නේ.
රනිල් හදන සන්ධානය රාජපක්ෂලාට යටවුණ එකක් බව රටට පෙනුනොත් රනිල් වටේට එකතුවෙන කණ්ඩායම්වල ලොකු අඩුවක් වෙන්න පුළුවන්.රාජපක්ෂලා රනිල්ට සහය දුන්නත් නොදුන්නත් අපට ප්රශ්නයක් නෑ.එකට එකතු වෙලා යන කන්ෂෙප්ට් එකේදී පොහොට්ටුවටත් කොටසක් ඇති.හැබැයි රාජපක්ෂලා මේ හොඳ මූණ දාගෙන එන්නේ මොකටද කියලත් තේරුම් ගන්න ඕනි.මේ එන්නේ පරණ වැඩේටම තමයි.
රාජපක්ෂලා එන්නේ පරණ වැඩවසම් සාධක ටික කරතියා ගෙනමයි.රාජපක්ෂලාගේ වැඩවසම් බවේ සංකේතය උන සාටකය තවමත් කරේ තියනවා.රාජපක්ෂ වලව්ව තවමත් උඩින්ම තියනවා,පවුලේ කට්ටිය උඩින්ම ඉන්නවා.ඒවයින් පෙන්නන්නේ රාජපක්ෂලාගේ වැඩවසම් චින්තනය.රනිල්ට සාපේක්ෂව රාජපක්ෂලා දිහා බලද්දී හිනහත් යනවා.
රනිල් ඔක්කොටම එකතු වෙන්න කියලා කියනවා.රාජපක්ෂලා ඒකට Okay කියාගෙන ඇවිත් එයාලගේ පරණ වැඩවසම් සිස්ටම් එකට සමස්ථය යට කරන්න හදනවා.වැඩවසම් පවුල් සාධකයක් උඩින් තියාගෙන මේ ගමන යන්න බෑ.ඒක රනිල් තේරුම් ගන්න ඕනි.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට
රටේ රාළ.
May be an image of 2 people

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *