හම්බන්තොට වරායට වැයකර තිබෙන්නේ රු. කෝටි 4500යි. එයාර් ලංකා පාඩුව රු. කෝටි 10,200ක් – ජ.වි.පෙ. නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර දිසානායක

මහින්ද රාජපක්‍ෂ වරායට වැයකර තිබෙන්නේ රු. කෝටි 4500යි. සංවර්ධන ව්‍යාපෘතිවලට එවැනි ප‍්‍රමාණයක් වැයකරද්දී එයාර් ලංකා ආයතනයේ පාඩුව පමණක් රු. කෝටි 10,200ක් වී තිබෙනවා. ඒ වගේම මුදල් නාස්තිය අතින් අයථා බඳවා ගැනීම්වලින් මහජන මුදල් හොරා කෑමෙන් එයාර් ලංකා ආයතනය කප් එක ගහලා තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසිනායක එසේ ප‍්‍රකාශකර සිටියේ අද (2016.08.18* ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේ දී පැවති මාධ්‍ය හමුවකදීය.
අපේ රටේ රාජ්‍ය ආයතනවල වගකීම වන්නේ එම ආයතනවල ක්‍ෂේත‍්‍රයන්ට අදාළව ජනතාවට ෙ ස්වය සැපයීමයි. නමුත් අද රාජ්‍ය ආයතන ජනතාවට සේවය සපයනවා වෙනුවට බලය හොබවන පාලකයින්ගේ, ඔවුන්ගේ සමීපතමයින්ගේ ධන උල්පත බවට පත්වී තිබෙනවා. බලය හොබවන්නන්ගේ සමීපතම කණ්ඩායම්වලට වරදාන, වරප‍්‍රසාද තනතුරු ලබාදෙන ආයතන බවට එම ආයතන පත්වෙලා. මෙම රාජ්‍ය ආයතන නඩත්තු වෙන්නේ ජනතාව මත පටවන බදු මුදල්වලින්, දඩ මුදල්වලින් සහ විවිධ කාර්යභාරයන්වලට ලියාපදිංචි කිරීමේ ගාස්තු, අයකර ගැනීමෙන්. එම ජනතා මුදල් උපයෝගී කරගෙන මෙම පාලකයින් විසින් සිදුකරනු ලබන දේ පිළිබඳවත් එම පාලකයින් කවුද යන්න පිළිබඳවත් කෝප් කමිටු වාර්තාවෙන් පැහැදිලිව සඳහන් වෙනවා.
මෙම කෝප් කමිටු වාර්තාවේ ආයතන 19ක් පිළිබඳව විමර්ශනය කොට වාර්තාව ඉදිරිපත් කර තිබුණත් මේ මොහොතේ ආයතන කිහිපයක් සම්බන්ධයෙන් පමණක් අවධානය යොමු කරනවා. රක්නා ලංකා ආයතනය පිළිබඳව  පසුගිය කාලයේ විශාල ආන්දෝලනයකට ලක්වුණු කරුණු ගණනාවක් කතා බහ වුණා. රක්නා ලංකා සමාගම පිහිටුවීමේදී දේශපාලන න්‍යාය පත‍්‍රයකට අනුව එය සිදුවූ බව සාකච්ඡුාවට ලක්වූ එක් කරුණක්. එක්සත් ජාතික පක්‍ෂ මන්තී‍්‍රවරු, ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ මෛතී‍්‍ර පිලේ මන්තී‍්‍රවරු, රාජපක්‍ෂ පිලේ මන්තී‍්‍රවරු, ජවිපෙ මන්තී‍්‍රවරු, මුස්ලිම් කොංග‍්‍රසයේ සහ දෙමළ සන්ධානයේ මනතී‍්‍රවරු සියලූම පාර්ශ්වයන් නියෝජනය කරන කෝප් කමිටුව මගින් ඉදිරිපත්කරන ලද වාර්තාවට සියලූම දෙනාගේ එකඟත්වය පළකර තිබෙනවා. එම වාර්තාවට අනුව පසුගිය කාලයේ රක්නා ලංකා සමාගම පිළිබඳව මතුවූ සියලූම කරුණු නිවැරදි හා සත්‍ය බව පෙන්වා දී තිබෙනවා.
රක්නා ලංකා ආයතනය රුපියල් දශලක්ෂ 1400ක (රු. කෝටි 140* මුදලක් ආයෝජනය කර ආරම්භ කොට තිබෙන ආයතනයක්. එම ආයතනය ආරම්භ කිරීම නීත්‍යානුකූලව සිදුවී නැහැ භාණ්ඩාගාරයෙන් හෝ අදාළ අමාත්‍යාංශයෙන් අනුමැතිය ලබාගෙන නැහැ. රු. කෝටි 140ක රජයේ මුදල් වැයකර තිබුණත් එය රාජ්‍ය මූල්‍ය පටිපාටියට අනුකූල නැහැ. එනිසා රාජ්‍ය මුදල් අවභාවිතයක් සිදුවී තිබෙනවා. රක්නා ලංකා සමාගම සමඟ ඇවන්ට්ගාඞ් ආයතනය 2014 වර්ෂය වන තෙක් විශාල ගනුදෙනු ප‍්‍රමාණයක් සිදුකර තිබෙනවා. ඒ සඳහා ගිවිසුම් ගණනාවක්ද එම ආයතන අතර අත්සන් කර තිබෙනවා.  එම ගිවිසුම්වලටද අධ්‍යක්‍ෂ මණ්ඩලයෙන් අදාළ අමාත්‍යාංශ ලේකම්වරයාගෙන්, භාණ්ඩාරයෙන් අනුමැතිය ලබාගෙන නැහැ. ඇතැම් අධ්‍යක්‍ෂවරුන් කෝප් කමිටුවේදී ඒ බව පිළිගෙන තිබෙනවා. එසේ තිබියදී වත්මන් යහපාලනය යටතේදීද රක්නා ලංකා ආයතනය සහ ඇවන්ගාඞ් ආයතනය අතර අත්සන් කරන ලද ගිවිසුමක් මඟින් ඇවන්ගාඞ් ආයතනයෙන් රක්නා ලංකා ආයතනයට අයවිය යුතු රු. දශලක්ෂ 255ක මුදලක් කපාහැර තිබෙනවා. රක්නා ලංකා ආයතනය සහ ඇවන්ගාඞ් ආයතනය අතර මීට පෙර අත්සන් කරන ලද ගිිවිසුම්වලට  අනුව ඇවන්ගාඞ් ආයතනයෙන් රක්නා ලංකා ආයතනයට රු. දශලක්‍ෂ 43ක් අයවිය යුතුව තිබුණා. ඒ, රක්නා ලංකා ආයතනය මගින් ඇවන්ගාඞ් ආයතනයට මුහුදු ආරක්‍ෂක සේවය සඳහා සෙබළුන්, අවි ආයුධ සැපයීමේ ලාභාංශ වශයෙනි. එම ගිවිසුම් මගින් රක්නා ලංකා ආයතනයට ලැබුණු ලාභාංශ ප‍්‍රතිශතය 23%ක් වූ අතර ඇවන්ගාඞ් ආයතනයට 87%ක ලාභාංශයක් හිමිවුණා. එවැනි කුඩා ප‍්‍රතිශතයක් වූ ලාභාංශයෙන් තවත් රු. දශලක්‍ෂ 255ක් කපා හැරීමට යහපාලනයේ බලධාරීන් කටයුතු කර තිබෙනවා.
ශී‍්‍ර ලංකන් එයාලයින් ආයතනය පාලනය වුණේ එමිරේට්ස් ආයතනය මඟිනුයි. මහින්ද රාජපක්‍ෂ පාලනය සමයේ 2008 වර්ෂයේදී එයාර් ලංකා ආයතනය ආණ්ඩුවට පවරා ගැනීමට තීරණය කරන්නේ රාජපක්‍ෂ ජනාධිපතිවරයාට ලන්ඩන් සිට කොළඹට ඒමට ගුවන් ටිකට්පත් වෙන්කරවා ගැනීමේදී සිදුවූ අපහසුතාවයක් හේතුවෙනුයි. එවැනි පෞද්ගලික තක්කඩිකමක් නිසා එයා ලංකා ආයතනය රජයට පවරා ගැනීමේදී ස්ථාවර වත්කම් කෝටි. 2800ක් සහ ජංගම වත්කම් රු. කෝටි 1500ක් වශයෙන් වත්කම් ප‍්‍රමාණයක් තිබුණා. 2015වන විට එම වත්කම්වලින් ස්ථාවර වත්කම් 2400 දක්වා, ජංගම වත්කම් ඝෘණ කෝටි 7400ක් වශයෙන් පහත වැටුණා. ජංගම වත්කම් එසේ ඝෘණ අගයක් දක්වා පහළ වැටෙද්දී එයාර් ලංකා ආයතනය රු. කෝටි 6200ක ණයකරුවෙක් වුණා. 2008 සිට 2015 දක්වා පසුගිය වසර කිහිපයට එයා ලංකා ආයතනයේ පාඩුව රු. කෝටි 10200ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. රටේ ජනතාවගෙන් ඉතාම සුළු ප‍්‍රමාණයක් භාවිතා කරන ගුවන්ගමන් සේවා ආයතනයක් වෙනුවෙන් මහජන ධනය කෝටි ගණනක් වැයකර තිබෙනවා. මේ කාලය ඇතුළත එයාර් ලංකා ආයතනය පාලනය කළේ මහින්ද රාජපක්‍ෂගේ මස්සිනා. දකුණු අධිවේගී මාර්ගයට වැයකර තිබෙන්නේ රු. කෝටි 8,000යි. මත්තලට රු. කෝටි 3500යි. මහින්ද රාජපක්‍ෂ වරායට වැයකර තිබෙන්නේ රු. කෝටි 4500යි. සංවර්ධන ව්‍යාපෘතිවලට එවැනි ප‍්‍රමාණයක් වැයකරද්දී එයාර් ලංකා ආයතනයේ පාඩුව පමණක් රු. කෝටි 10,200ක් වී තිබෙනවා. ඒ වගේම මුදල් නාස්තිය අතින් අයථා බඳවා ගැනීම්වලින් මහජන මුදල් හොරා කෑමෙන් එයාර් ලංකා ආයතනය කප් එක ගහලා තිබෙනවා.
ඒ වගේම පසුගිය කාලයේ මහත් ආන්දෝලනයකට ලක්වූ තවත් ආයතනයක් වන්නේ හෙජින් ගනුදෙනුවයි. එවකට ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ අනුමැතියක් සහිතව සිදුකෙරුණු රාජ්‍ය අනුග‍්‍රහය ලැබූ සූදුවක් තමයි හෙජින් ගිවිසුම කියන්නේ. එවකට ඇමතිවරුන්, මන්තී‍්‍රවරුන් පුන පුනා කියා සිටියේ හෙජින් ගනුදෙනුව වෙනුවෙන් කිසිම මුදලක් ගෙවා නොමැති බවයි. නමුත් හෙජින් ගනුදෙනුව නිසා ආණ්ඩුවට රු. කෝටි 1020ක පාඩුවක් සිදුවී තිබෙනවා. පෙට්‍රෝලියම් සමාගම මගින් ලබාදුන් අයථා පත්වීම්වලට අමතරව තමන්ගේ සමීපතමයින්ට වරදාන වරප‍්‍රසාද සඳහා වැයකළ මුදල්වලට අමතරවයි, මෙම කෝටි 1020ක පාඩුව සිදුවී තිබෙන්නේ. හෙජින් ගිවිසුමේ නඩු ගාස්තු වශයෙන් පමණක් රු. ලක්‍ෂ 9750 ක මුදලක් ඛනිජ තෙල් සංස්ථාව වැයකොට තිබෙනවා. හෙජින් පාඩුව නිසා ඒ වෙනුවෙන් වැයකරන ලද නඩු ගාස්තුවලත් බර තමයි අද සාමාන්‍ය ජනතාවගේ පෙට‍්‍රල් ලීටරයට, ඞීසල් ලීටරයට බදු වශයෙන් එකතුකර තිබෙන්නේ.
මහබැංකු බැඳුම්කර ගනුදෙනුව පිළිබඳව කෝප් කමිටුවේ අවසන් වාර්තාව මේ වනවිට ඉදිරිපත්කර නැතත් බැඳුම්කර ගනුදෙනුවට අමතරව සිදුවූ අයථා ගනුදෙනු කිහිපයක් පිළිබඳව කෝප් කමිටු පළමු (2016.01.26 සිට 2016.04.08* වාර්තාවේ සඳහන් වෙලා තිබෙනවා. මහ බැංකුව මගින් නිව්යෝර්ක්වල රු. මිලියන 870ක් ගෙවා ගොඩනැගිල්ලක් මිලදී ගෙන ඇති අතර බ‍්‍රසීලයෙන් මිලදී ගත් ගොඩනැගිල්ලක් සඳහා රු. මිලියන 122ක් වැයකොට තිබෙනවා. මෙම මිලදීගැනීම් නීති විරෝධීයි. මහැබංකුව විසින් සිදුකොට තිබෙන්නේ මෙම ගොඩනැගිලි කුලියට ලබාදී ව්‍යාපාරික කටයුතුවල යෙදීමයි. මෙය නීති විරෝධී කටයුත්තක්. මහබැංකුව රටේ මූල්‍ය පාලනයට මැදිහත් වනවා මිස ව්‍යාපාරික කටයුතු කිරීමට නීත්‍යානුකූල අයිතියක් නැහැ. එසේ තිබියද නිවාස කුළියට දෙන ආයතනයක් ලෙස දේපොළ වෙළඳාම් ආයතනයක් ලෙස කි‍්‍රයා කරමින් මෙවැනි ව්‍යාපාරික කටයුතුවල යෙදෙන්නේ කොහොමද? ඒ වගේම මහබැංකුව මගින් 2014 වර්ෂයේදී නීති උපදේශන සේවා සඳහා විදේශීය සමාගම්වලට රු. කෝටි 139ක මුදලක් ගෙවා තිබෙනවා. ඇතැම් සමාගම් සිදුකර තිබෙන්නේ අපේ රටේ ආර්ථිකය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කිරීම පමණයි. තවත් ආයතන සිදුකර තිබෙන්නේ ඔවුන්ගේ රටේ පාර්ලිමේන්තුවේ මන්තී‍්‍රවරුන්ට දින දෙකක් වැයකොට උපදේශන සේවා සැපයීම පමණයි. මේ ආකාරයෙන් මහජන මුදල් අයථා ආකාරයෙන් භාවිතා කොට තිබෙනවා.
ලංකා පුත‍්‍ර බැංකුව ආරම්භ කළේ සුළු ව්‍යාපාරිකයින්ට දායකත්වය දැක්වීමේ අරමුණ ඇතිවයි. ඒ අරමුණ නිසාම ලංකා පුත‍්‍ර බැංකුවේ උපරිම ණය සීමාව වූයේ රු. මිලියන 20යි. රු. මිලියන 20ට වඩා ණය ලබා නොදිය යුතු බව බැංකුව ආරම්භයේදීම එකඟ වී තිබුණා. නමුත් විවිධ සමාගම්වලට රු. මිලියන 20 ඉක්මවා ණය ලබාදී තිබෙනවා.  බෙටන් සමාගමට රු. මිලියන 470යි, ට‍්‍රයිස්ටාර් සමාගමට රු. මිලියන 288යි, සසිරි පොලිසැක්  සමාගමට රු. මිලියන 277යි, ගාමිණී ජෙම් සමාගමට රු. මිලියන 200යි. එච්.බී.ඒ. ලංකා සමාගමට රු. මිලියන 130යි. නවලෝක පොලිසැක් සමාගමට රු. මිලියන 129යි. සීඞ්ස් ජී.ටී.ඊ. සමාගමට මිලියන 100යි. ආදී වශයෙන් විශාල වශයෙන් ණය ලබාදී තිබෙනවා.
මේවන විට එම ණය නැවත ලබාගැනීමේ අර්බුදයකට මුහුණ දී තිබෙනවා. භාණ්ඩාගාරයේ ධනය වැය කරලා ලංකා පුත‍්‍ර බැංකුව එවකට පාලකයින්ගේ හිතවතුන්ට අධික ලෙස ණය ලබාදෙන්න යොදාගෙන තිබෙනවා. දැන් එම ණය ආපසු අයකර ගැනීමට නොහැකිවී තිබෙනවා. සාමාන්‍යයෙන් බැංකුවක අකී‍්‍රය ලෙස ණය ලෙස තිබිය හැක්කේ 6.4%ට අඩු අගයක්. නමුත් ලංකා පුත‍්‍ර බැංකුවේ අකී‍්‍රය ණය සීමාව 39% ප‍්‍රතිශතයක් දක්වා වැඩිවී තිබෙනවා.
ඉහතින් සඳහන් කරනලද ආයතන 5 පමණක් රු. කෝටි 15,000ක පමණ රාජ්‍ය මුදල්  අවභාවිතා කොට තිබෙනවා. පාලකයින්ගේ සුඛ විහරණය සඳහා රාජ්‍ය ආයතන භාවිතා කොට ගෙන තිබීම පිළිබඳව රටේ ජනතාව අවධානයෙන් සිටිය යුතු බව අපි අවධාරණය කරනවා. ඒ වගේම කෝප් කමිටුවේ මෙම වාර්තාව මගින් සිදුකර තිබෙන නිර්දේශ ආණ්ඩුව වහා කි‍්‍රයාත්මක කළ යුතු බව අපි අවධාරණය කරනවා. ඒ වගේම මෙම රාජ්‍ය මුදල් අවභාවිතා කළ පුද්ගලයිින්ට දඩුවම් ලබාදීමටත් එම රාජ්‍ය මුදල් පවරා ගැනීම වෙනුවෙන් කටයුතු කළ යුතු බවත් අපි අවධාරණය කරනවා. මීට පෙර සිදුවූයේ කෝප් කමිටුවෙන් ඉදිරිපත් කළ සියලූම වාර්තා පසෙක තැබීමයි. ඒ සම්බන්ධයෙන් කි‍්‍රයාමක විය යුතුව තිබෙන්නේ, ජනාධිපතිවරයා ප‍්‍රමුඛ කැබිනට් මණ්ඩලයයි. වත්මන් කෝප් කමිටුව විමර්ශන ආරම්භ කළ මොහොතේ සිට අදාළ අමාත්‍යාංශවලට, ඇමතිවරයාට, නිලධාරීන්ට, අල්ලස් කොමිසමට කි‍්‍රයාත්මක කළ යුතු දේවල් පිළිබඳව නිර්දේශ ලබා දුන්නා. ඒ සම්බන්ධයෙන් කි‍්‍රයාත්මක නොවෙන බවක් තමයි අපිට පෙනෙනන්නට තිබෙන්නේ. ඒ නිසා රාජ්‍ය ආයතන යොදාගෙන සිදුකරන වංචා-¥ෂණවලට එරෙහිව සියලූ දෙනාම පෙරට ආ යුතුව තිබෙනවා.

මනෝජ් රූපසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *