පසුගිය කාලේ රටේ තිබුණෙ අතුරුදහන් කරවන සංස්කෘතියක් මිස අතුරුදහන් වූවන් හොයන සංස්කෘතියක් නෙමේ – සමන් රත්නප‍්‍රිය

දශක තුනකට වඩා ඇදුණු යුද්ධය නිසා විශාල ප‍්‍රමාණයක් අතුරුදහන් වුණා. ඒ වගේම ඝාතනය කෙරුව. මරණයට පත් වුණා. විශාල ප‍්‍රමාණයක් වද හිංසාවන්ට ලක් වුණා. අතුරුදහන් වුණ අය අතුරුදහන් වුනේ් මොන කාරණාවකට ද? මොකක්ද ඒකෙ පසුබිම, දේශපාලනික කාරණාවක් ද?, යුද්ධයට අදාල කාරණාවක් ද?, යන්න පිළිබඳව නිශ්චිත තොරතුරක් ලබා ගන්න සමහර අයට හැකියාවක් ලැබිල නැහැ. ඒ අයගෙ වින්දිතයො අම්මා තාත්තා වෙන්න පුලූවන්, දරුවන් වෙන්න පුලූවන්, මේ පුද්ගලයන් අතුරුදහන් වූවේ කෙසේද යන්න පිළිබඳව මේ වන විටත් දේශපාලඥයන් හමුවුනාම ප‍්‍රශ්න කරනව, තමන්ගෙ දරුවට මොකද වුනේ? තමන්ගෙ ස්වාමිපුරුෂයට මොකද වුනේ කියන කාරණය ගැන. මියගිහිල්ල බව ඒ අයත් දන්නව. මියගියේ කොහොමද? යුද්ධයට සම්බන්ධ කාරණයක් නිසා ද? නැත්නම් වෙන කාරණයක් නිසා ද? ඒ විතරක් නෙමෙයි 1988, 1989 කාලවල් වල සාමාන්‍ය වශයෙන් හැට දාහකට (60.000* කට ආසන්න ප‍්‍රමාණයක් මරුණ නැත්නම් අතුරුදහන් වුණා. සමූහ ඝාතන සිද්ධ වුණා.
මාතලේ තැන්වල හමුවුණු සමූහ මිනී වළවල් හාරලා, භාගෙට හොයල නතර කරල දාලා තියෙනව. ඒත් මේ රටේ මින්ස්සු. ඒ වගේම ඒ කැරැුල්ලෙ නායකයා, ජනතා විමුක්ති පෙරමුණේ නායකයා රෝහණ විජේවීර හමුදාවෙන් අත්ඩංගුවට ගත්ත කියල කිව්ව. රජයේ මාධ්‍යය ඒ බව තහවුරු කෙරුව. අන්තිමට මරල දාලා තිබුණ. ඒ හම්බවුනෙත් නැ. විවිධ දේවල් මාධ්‍ය හරහා ප‍්‍රකාශ වුණාට කොහොමද ඒක හරියටම සිද්ධ වුනේ කියන කාරණය පිළිබඳ දැනගන්න වගකීමක් රෝහණ විජේවීරගෙ බිරිඳට හා දරුවන්ට හා ඒ පක්‍ෂයට තියෙනව. ඒ පිළිබඳව සොයා බැලිය යුතුයි.
මාතලේ මිනී වල බාගෙට හෑරුව. ඒකෙ ඇටකටු මාරු කෙරුව කියල චොදනා එල්ල වුණා. ආණ්ඩුවෙන් ඒව පිළිබඳව සොයා බැලිය යුතුයි. සරලව කියනවනම්, කවුරුහරි මරණයට පත්වුනා නම්, අගතියකට පත් වුණා නම්, අතුරුදහන් වුණා නම් ඒ පුද්ගලයා පිළිබඳ හරි තොරතුරු දැනගැනීමේ අයිතියක් ඒ පුද්ගලයන්ගේ පවුල්වල අයට තියෙනව. ඒක පනත ඇතුළෙ කරුණක් වශයෙන් සඳහන්ව තියෙනව. ඒ පිළිබඳව මේ ක‍්‍රියාවලිය ඇතුළෙ ඉස්සරහට ක‍්‍රියාත්මක විය යුතුයි.
යුද්ධය උපයෝගි කරගෙන නොයෙක් ඝාතන සිද්ධ කෙරුව. ලසන්ත වික‍්‍රමතුංග මැරණෙ යුද්ධයට සම්බන්ධ වුන නිසා නෙමෙයි. ඔහු සොල්දාදුවෙක් නෙමෙයි. එල්.ටී.ටී.ඊ. එකෙත් නෙමෙයි. නමුත් ඔහුව මරල දැම්ම. ප‍්‍රදීප් එක්නැලිගොඩ මරුවෙ යුද්ධය කාලෙ නෙමෙයි. යුද්ධයෙන් පස්සෙ. එක එක ඒව කියනව. මෝරුන්ට කන්න දැම්ම කියනව.  ගිරිතලේ කඳවුරට අරගෙන ගියා කියනව. පොළොන්නරුවෙ සම්බන්ධකම් තිබුණ කියල කියනව. හමුදාවෙ බුද්ධි අංශයෙ සමහර අය අත්අඩංගුවට අරගෙන තියෙනව නමුත් තාම අවසන් නැහැ. ඔහුගේ මිනිය හම්බ වුනෙත් නැහැ. ඔහු අතුරුදහන් වුන පුද්ගලයෙක්. ඔහුගෙ දරුවො අපෙනුත් අහනව තාත්තගෙ මිනියට මොකද වුනේ කියල. අපටත් උත්තර නෑ. ආණ්ඩුවට උත්තරත් නෑ. ඒ විතරක් නෙමේ නඩරාජා රවිරාජ් වගේ මේ රටේ ඉන්න  ඕන දේශපාලඥයො මරල දැම්ම. ජෝසප් පරරාජසිංහම් වගේ දේශපාලඥයො මරල දැම්ම. ඒ වගේ විශාල ප‍්‍රමාණයක් ඝාතනය වුණා. ඒ ඝාතන කොහොමද කෙරුවෙ? කවුද කෙරුවෙ? කුමන කාරණා උඩද කෙරුවෙ කියන කාරණාව හෙළිදරව් කරගත යුතුමයි. මේවගෙන් අති විශාල ප‍්‍රමාණයක් දේශපාලන ඝාතන. ඒ ඝාතන යුද්ධයට සම්බන්ධ නැහැ. ඒ නිසා ඒ වින්දිතයන්ට සාධාරණය ඉස්ට කළ යුතුමයි.
ශ‍්‍රී ලංකා රජයට බරපතල මානව හිමිකම් ප‍්‍රශ්නයක් තිබුණ. ලංකාව රටක් විදිහට ලෝකයෙන් කොන් වෙලා තිබුණ. ජාත්‍යන්තරය පිළිගත්තෙ නෑ. මිනීමරණ දේශයක් විදිහට තමයි ලෝකය හංවඩු ගහල තිබුණෙ. මේකට අදාල තොරතුරු ගැන තමයි ලෝකයෙ කතා කෙරුවෙ. මේකට අදාල චිත‍්‍රපට තමයි ලෝකයේ නිෂ්පාදනය වුණේ. ඒකට ගැලපෙන විදිහට තමයි ජිනීවා මානව හිමිකම් කොමිසම තීන්දු ගත්තේ ලංකාවට විරුද්ධව. දැන් ඒක සැලකියයුතු ප‍්‍රමාණයකට සමනය වෙලා තියෙනව. හැබැයි නිකම් සමනය වුනේ නැහැ. විධායකය වෙසනස් වීමත් එක්ක. ආණ්ඩුව වෙනස් වීමත් එක්ක, ආණ්ඩුව මැදිහත්වෙලා යුරෝපයත් එක්ක, ජිනීවා මානව හිමිකම් කොමිසමත් එක්ක, එක්සත් ජාතීන්ගේ සංවිධානයත් එක්ක කරපු සාකච්ඡුාමය මැදිහත් වීම හරහා තමයි ඒක සමනය කරගන්න පුලූවන් වුනේ. රට ඇතුළෙ සැලකියයුතු ප‍්‍රමාණයකට ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කෙරුව. මානවහිමිකම් ආරක්‍ෂා කරන තත්ත්වයක් දැන් රටේ තියෙනව කියන අදහස ජාත්‍යන්තරය පිළිගත් නිසා තමයි ඒ තත්ත්වය ඇති වුණේ. ඒක කළමණාකරණය කරගන්න පුළුවන්.
මහින්ද රාජපක්‍ෂ මහත්තයත් පොරොන්දු දුන්න. අතුරුදහන් වූවන් ගැන සොයා බලනව, ඝාතනය වෙච්ච ඒව සොයාබලනව, ඒ සම්බන්ධව වාර්තා ඉදිරිපත් කරනව, ඒවට යාන්ත‍්‍රන හදනව කියල විශාල පොරොන්දු ප‍්‍රමාණයක් දුන්න.  දයාන් ජයතිලක ජිනිවාවල ශ‍්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිතයා විදිහට ඉන්නකොට ඇමරිකාව ගෙනාව යෝජනාව පරාජය කළේ, එහෙම පොරොන්දු දීල. ඇමරිකාව සහ තව රටවල් අල්ලගෙන කරපු යෝජනාවක් සහ පොරොන්දු එක්ක. ඒ පොරොන්දුවල පැහැදිලි වශයෙන් තියෙනව ලංකාවේ මානවහිමිකම් තත්ත්වය සාධනීය මට්ටමක ගේනව කියල. අතුරුදහන් වූවන් පිළිබඳ සොයා බලනව. ඒකට දේශීය යාන්ත‍්‍රණයක් හදනව. ඔහොම හු`ගක් දේවල් කිව්ව. ඒකට අදාලව උගත් පාඩම් කොමිසමක් ලංකාවේ හැදුව. එල්. එල්. ආර්. ටී කියල අපි කියන්නෙ ඒකෙන් ගහපු රිපෝර්ට් එකට. ඒ එල්. එල්. ආර්. ටී. වාර්තාව අනුව අතුරුදහන් වූවන් ගැන නිශ්චිතව සොයා බැලූවෙ නැති නිසා පරණගම කොමිසමත් ඇති කෙරුව. පරණගම කොමිසම කියන්නෙ ඒකට. නමුත් ඒකෙ ක‍්‍රියාවලිය හරියට සිද්ධ වුනේ නැහැ. ඒකෙ වාර්තාව අපි දැක්ක පසුගිය සතියෙ ජනාධිපති ලේකම් හරහා ජනාධිපතිවරයට බාර දුන්න. කොමිසම පත්කෙරුවෙ අවුරුදු ගාණකට කලින්, දැන් තමයි වාර්තාව බාර දෙන්නෙ. ඒව හරියට සිද්ධ වුනේ නෑ කියන කාරණය ඉතා පැහැදිලියි.
මහින්ද රාජපක්‍ෂ මහත්තය ඇතුළු ආණ්ඩුව ජාත්‍යන්තරයට එහෙම පොරොන්දු දුන්න. ඒ වගේම යාන්ත‍්‍රණ රට ඇතුළෙ හැදුව. හැදුවට වංචාවක් කෙරුව. ඒ තමයි ජිනිව ගිහින් කියපු දේ, පොරොන්දු වෙච්ච දේ රට ඇතුළෙ කෙරුවෙ නෑ. එහෙම වැඩ කරන්න බෑ. කළ හැකිදේ පොරොන්දු වෙන්න  ඕනෙ. ඒ පොරොන්දුව සාධනීයව රට ඇතුළෙ ඉෂ්ට කරන්න  ඕනෙ. ඒක ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කිරීමෙහිලා ඉතාම වැදගත් කාරණයක්. රට ලෝකයෙන් කොන්වෙන්නෙ නැතුව ලෝකයත් එක්ක ඉන්නව කියන එක ඉතාම වැදගත් කාරණයක්. පහුගිය කාලෙම රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයක්, නිදහසක් තිබුණෙම නෑ. සුදු වෑන් සංස්කෘතියක් තමයි තිබුණෙ. ඒ කියන්නෙ අතුරුදහන් කරවන සංස්කෘතියක් තිබුණ. දැන් එහෙම සුදු වෑන් නෑ.
දැන් සුදු වෑන් නෑ කිව්වට බෑ. කලින් සුදුවෑන් එව්වෙ කවුද කියන කාරණය හොයන්න  ඕනැ. එහෙම හෙවුවොත් තමයි එවැනි ක‍්‍රියාදාමයන් අනාගතයේදී ඇති නොවීමට හේතුවක් වෙන්නෙ.

මනෝජ් රූපසිංහ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *