ගෝඨාභය යටතේ නාගරික සංවර්ධන අධිකාරිය මිලියන 39,000ක් පාඩුයි. එයාර් ලංකා, මිහින් ලංකා බාරගෙන මිලියන ගණන් පාඩුයි. ගෝඨා කියන්නෙ ඉතාම අදක්ෂ කළමණාකරුවෙක් – සමන් රත්නප්‍රිය

කොළඹ ලස්සන කරන්න නාගරික සංවර්ධන අධිකාරියට ගෝඨාභය ඇතුළත් කරගෙන හිටියා හමුදා සොල්දාදුවො 7000ක්. අද එක්කෙනෙක්වත් නෑ. නාගරික සංවර්ධන අධිකාරිය 2014 දෙසැම්බර් වෙනකොට, ගෝඨාභය බාරදීලා යනකොට මිලියන රු.39000/-ක් පාඩුයි. අද ඊට තුන් හතර ගුණයකින් කොළඹ ලස්සන වෙනව. එක සොල්දාදුවෙක් නෑ. එහෙත් අද නාගරික සංවර්ධන අධිකාරියෙ ලාභ ලබනව. රුපියල් මිලියන 39000/-ක් පාඩු කරයිද වැඩකාරයෙක් නම්. එමරේට්ස්ලට තමයි ලංකාවේ ගුවන් යානා තිබුණෙ. රාජපක්ෂලට ඕන ඔන වෙලාවට ලංකාවේ ගුවන් යානා ඉල්ලුවත් දුන්නෙ නෑ. ගැටුම් ඇති වුණා බල්ලා ගේන්න ඕන වුණාම ගුවන් යානයේ ටයිම් එක වෙනස් කළා ගෝඨාභය. ඊට පස්සෙ‍ එමිර්ට්ලට තර්ජන කළා. ඊට පස්සේ දාලා ගියා. දාලා යනකොට ලාභය බිලියන රු.14,000/-යි. ගෝඨාභය රාජපක්ෂලා මේක දාලා යනකොට පාඩුව බිලියන 2.3යි. ගෝඨා වැඩකාරයෙක්ද? මිහින් ලංකා ඊළඟට බාරගත්තා ගුවන් යානාත් නෑ. ගුවන් ගමනුත් නෑ. මොකුත් නෑ. එයාර් ලංකා මිහින් ලංකා නඩත්තු කරගෙන යන්නෙ භාණ්ඩාගරයේ මුදලින්. ඒ කියන්නේ ජනතාවගේ බදු මුදලින්. ලාබලබපු, මිහින් ලංකා, එයාර් ලංකා, නාගරික සංවර්ධන අධිකාරිය පාඩුයි, කරපු හැම ආයතනයක්ම පාඩුයි. ඒක නිසා කළමණාකරුවෙක්ද?  දක්ෂ වැඩකාරයෙක්ද? කියන එක ඉතාම පැහැදිලියි. සිවිල් සංවිධාන හා වෘත්තිය සමිති එකමුතුවේ සමකැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා ඒසේ ප්‍රකාශ කළේ අද (21) රාජගිරියේ දී පුවත්පත් සාදච්ඡාවකදීය. එහිදී වැඩිදුරටත් කතා කළ රත්නප්‍රිය මහතා මෙසේ ද කීවේය.

දෙමළ පක්ෂ කණ්ඩයම් ජනාධිපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයන්ට යෝජනාවලියක් ඉදිරිපත් කරල තියෙනව. ඒ යෝජනාවලියට බරපතල විදිහට සමහර කණ්ඩායම් විසින් විවේචනය එල්ල කරනව. ‘මේකට එකඟවෙන අයට අපි ඡන්දය දෙන්නෙ නෑ. ඒකඟ වුණොත් එකඟ වෙන්නේ රට කඩන්න’ වැනි බරපතළ විවේචන ඉදිරිපත් කරමින් ඉන්නව. අපට මතකයි 2015 ජනවාරි 8 ජනාධිපතිවරණයේදීත් අගෝස්තු 18 මහ මැතිවරණයේදීත් මෙවැනි යෝජනා ඉදිරිපත් වුණා. එයට පෙර ජනාධිපතිවරණවලදිත් මෙවැනි යෝජනා ඉදිරිපත් වුණා. දෙමළ ජාතික සංධානයෙන් හෝ දෙමළ පක්ෂ වලින් විතරක් නෙමෙයි යෝජනා ඉදිරිපත් වෙන්නෙ. සාධාරණ සමාජයක් උදෙසා ජාතික ව්‍යාපාරය 2015 දී බරපතළ යෝජනාවලියක් ඉදිරිපත් කළා පොදු අපේක්ෂකයාට. ඒ යෝජනාවලියෙන් ඔහු හා අප එකඟ වු කාරණා ඇතුළත් කරල අපි ගිවිසුමක් අත්සන් කළා. එහෙම දේවල් වෙනව. ඊට කලින් චන්ද්‍රිකා මැතිණියගෙ කාලෙත්, ඊට කලිනුත් මේ වගේ යෝජනා ඉදිරිපත් වුණා.

මේ මොහොතවන විට ටී.එන්.ඒ. එක, විග්නේෂ්වරන්ගේ කණ්ඩායම ටෙලෝ, ඊ.පී.ආර්.එල්.එෆ්, ප්ලොට් වගේ කණ්ඩායම් එකතු වෙලා තමයි මේ යෝජනාවලිය ඉදිරිපත් කරල තියෙන්නෙ. ඒ ගොල්ල මොනව ඉල්ලුවත් මොනවටද අපි එකඟ වෙන්නෙ කියන කාරණාව අපි හිතල බලන්නට ඕනෙ. ඒ ජනතාවගේ පැත්තෙන් නොවිඳුනු ප්‍රශ්න තියෙනව. ඉඩම් පිළිබඳ ප්‍රශ්නෙ අවසාන වෙලා නෑ. හිරකරුවන් පිළිබඳ ප්‍රශ්නය අවසාන වෙලා නෑ. ඒ ප්‍රදේශයේ සංවර්ධනය පැත්තෙන් යම් යම් අඩුපාඩුකම් තියෙනව. පාරවල්, කර්මාන්ත, අනෙකුත් පහසුකම් වල අඩුපාඩු තියෙනව. ඌව පළාත ගත්තත්, සබරගමු පළාත ගත්තත්, අපේ පළාත්වලත් එහෙම ප්‍රශ්න තියෙනව. ඌව පළාතත් ඔවැනි යෝජනා ඉදිරිපත් කෙරුවා සංවර්ධනය පැත්තෙන්. සබරගමු පළාතත්, අනෙකුත් පළාතුත් ඔවැනි යෝජනා ඉදිරිපත් කෙරුවා.  එහෙම යෝජනා කරන සියලුම යෝජනා දීමට ආණ්ඩුව එකඟ වෙන්නෙ නෑ. දෙන්න පුළුවන් දේ දෙනව. දෙන්න බැරි දේ දෙන්නෙ නෑ. එක තමයි සාමාන්‍ය සිරිත. වෘත්තීය සමිති විදිහට අපි සියයට සීයක් ඉල්ලීම් දාලාතමයි ස්ට්‍රයික් පටන්ගන්නෙ. වැඩවර්ජන ආරම්භ කරන්නෙ. උද්ඝෝෂන කරන්නෙ. පිකටින් කරන්නෙ. හැබැයි ආණ්ඩුවත් එක්ක අපි කේවල් කරනව. සතියක් දෙකක් යනකොට වැඩේ දිග්ගැස්සෙනව නම්, ඉල්ලීම්වලින් සියයට විසිපහක් තිහක් අරගෙන නැවත සේවයට එනව. එක තමයි සාමාන්‍ය ස්වභාවය. ආණ්ඩුව පැත්තෙන් දෙන උපරිමය ඒකයි කියල කිව්වම සටන අතඇරල එනව, නැවත සටන් කිරීමේ අරමුණින්. මේක වැඩ බිමේ, පළාත්වල, හැම තැනම සිද්ධ වෙන්නාවු ක්‍රියාවලියක්.

දෙමළ ජනතාවගේ පැත්තෙන් ප්‍රශ්න තියෙනව. ඒ ප්‍රශ්න දෙමළ දේශපාලන පක්ෂ නියෝජනය කළ යුතුයි. ඒ අය ජනතාව වෙනුවෙන් යෝජනා දානව. කිසි ගැටළුවක් නෑ. ආණ්ඩුවයි අපේක්ෂකයොයි ඒවා කතා කරල දෙන්න පුළුවන් මොනවද? බැරි මොනවද? සාධාරණ මොනවද? කියල සාකච්ඡා කරල සම්මුතීන්, එකඟතාවයන් වලට ආවට කිසි ගැටළුවක් නෑ. සජිත් ප්‍රේමදාස මහත්තය හිතන් ඉන්නව උතුරු නැගෙනහිර පැත්තෙන් කරන්න පුලුවන් මොනවද කියල. ගෝඨාභය රාජපක්ෂ මහත්තයගෙ පැත්තෙනුත් හිතාගෙන ඇති කරන්න පුලුවන් මොනවද කියල. රටේ ප්‍රශ්න විසඳන්න ඕනෙ. උතරුනැගෙනහිර ප්‍රශ්න විසඳන්න ඕනෙ. ඒ නිසා එකඟතාවයකට ඇවිල්ල ඒ වැඩේ කරන එකයි තියෙන්නෙ. දෙමළ සංවිධාන යෝජනා දැමු පමණින් ඒකට එකඟ වූ බවක් කියවෙන්නේ නැහැ. කවුරුහරි ඒ යෝජනා අල්ලගෙන චෝදනා කරනව නම්, ඒක තේරුමක් නැති කතාවක්. යෝජනා විවේචනය කරල තේරුමක් නෑ. ඒකඟවෙන්නෙ මොනවටද කියල තමයි අවසානයේ දී බලන්න ඕනෙ.

අපි දැක්ක එක අපේක්ෂකයෙක් සෞඛ්‍ය ක්ෂේත්‍රය පැත්තෙන් යෝජනාවලියක් ජනගත කරල කිව්වා, දුප්පතුන්ට කනත්ත තෝරගන්න වෙන සෞඛ්‍ය ක්ෂේත්‍රයක් තමයි ලංකාවේ තියෙන්නෙ කියල. වකුගඩු ප්‍රශ්න ගැන එහෙම කතා කතාකෙරුවා. පසුගිය හතර හමාර ඇතුළත විශාල වෙනසක් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිද්ධ වුණා. ඒක කවුරුහරි අවතක්සේරු කරනව නම්, ඒක සිතාමතා කරන වැරැද්දක්.

වෛද්‍ය සේනක බිබිලෙට අනුමත කරන්න බැරි වෙච්ච සෞඛ්‍ය ප්‍රත්පත්තිය සම්මත කරගත්තේ පසුගිය වසර හතරහාමාර ඇතුළත. ඖෂධ වර්ග 49ක මිල විශාල ප්‍රමාණයකින් අඩුකළේ පසුගිය වසර හතර හමාර ඇතුළත. හෘද රෝගියෙකුට ස්ටෙන්ත් එකක් දාන්න ලක්ෂ තුනහමාරක් පමණ වියදම් කරන්න සිද්ධ වුණා. ඇතැම් වෙලාවට මුදල් නැති කමින් රෝගීන් මියගියා. අද හැම රෝගියෙකුට ස්ටෙන්ත් නොමිලේ දෙන තත්ත්වයක් ඇති කරල තියෙනව. පිළිකා රෝගියෙකුට ඉස්සර වියදම් කෙරුවේ උපරිමය ලක්ෂ 15යි. දැන් වියදම් වෙන්නෙ ලක්ෂ විස්සද, ලක්ෂ සීයද ඒ සියල්ලම රජයෙන් වියදම් කරනව. දැන් ගොඩක් දෙනෙකුට ඇසේ සුද ඒමේ ලෙඩේ සෑදෙනව. ඒකට අවශ්‍ය අක්ෂි කාච දැන් නොමිලේ ලබාදෙනව. නැත්නම් අක්ෂි කාචයක අවමය රුපියල් පණස්දාහක් හැත්තෑපන් දාහක් වෙනව. මේවා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දෑවැන්ත වෙනස්කම්.

අවුරුදු පහකට කලින් මේ රටේ ඩ්‍රයලරසිස් මැෂින් (රක්ත කාන්දු පෙරණ) තිබුණේ 223යි. දැන් 500ක් තියෙනව. මහින්ද රාජපක්ෂ මහත්තයගෙ ආණ්ඩුවෙ අවුරු 10කටම 223යි. ඒ රෝගාබාධ වලට ප්‍රතිකාර කරන්න වෛද්‍යවරු සහ නර්සස්ලා පුරුදු කරල තියෙනව. ජර්මනියෙන් ඩ්‍රයරලයිස් මැෂින් 1000ක් ඇනවුම් කරල තියෙනව. තව මාසයක් ඒක හමාරක් යනකොට ඒ මැෂින් 1000ම එනවා. සියලු රෝගාබාධ වලට ප්‍රතිකාර කරන්න විශාල වෙනසක් ඇති කරල තියෙනව. රාජපක්ෂ රෙජිමයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට වැඩිය මේ රජය දැවැන්ත වෙනසක් සිදුකරල තියෙනව.

ගෝඨාභය වෙනුවෙන් පෙනීසිටින අය කියන කාරණාවක් තමයි ගෝඨාභය දක්ෂ කළමණාකරුවෙක් කියන එක. ගෝඨා  වැඩකාරයෙක් කියල කියනව. ඒ නිසා තමයි කියන්නෙ, හිට්ර් කෙනෙක් වගේ වෙලා හරි රට හදන්න කියල. ගෝඨා දක්ෂ කළමණාකරුවෙක් කියන එක පට්ටපල් බොරුවක්. ගෝඨා සාමාන්‍ය හැසිරෙන්න දන්නැති කෙනෙක් කියල තමයි කියන්නෙ. ඒක මම කියන්න ඕන නෑ. කමල් ගුණරත්නගෙ පොත්වල තියෙනව. පිඟානකින් ඔළුවට ගහගෙන ඔළුව පලාගත්ත එක. සොල්දාදුවෙක් පස්සෙ පන්නගෙන ගිහිල්ලා ටවුමට ගියාට පස්සෙයි දන්නෙ තමන් හරියට ඇඳගෙන ගියෙ නෑ කියන එක. කමල් ගුණරත්නගෙ පොත් අරගෙන කියවන එක හොඳයි.

ගෝඨාභය වැඩකාරයෙක් නොවෙයි. පහුගිය ආණ්ඩුකාලේ ඔහු ආයතන කීපයක් පාළනය කළා. එකක් තමයි නාගරික සංවර්ධන අධිකාරිය. ඒකෙන් තමයි මංතීරු කීපයක් හදලා කොළඹ ලස්සන කෙරුවා කියල කියන්නෙ. තට්ටු නිවාස ගෝඨාභය හැදුවනම් පහක්, මේ ආණ්ඩුවෙන් හදලා තියෙනව පණහක්, පාඨලී චම්පක මැදිහත් වෙලා. එදා කොළඹ ලස්සන කෙරුවෙ බයිනෙත්තුව තියල. පදිංචි තැන්වලින් යන්න අකමැති මිනිස්සු ගහල එලවල සුදු වෑන්වල දාගෙන ගිහිල්ලා. අද කොළඹ ලස්සන කරන්නේ කතා බහ කරල ප්‍රශ්න විසඳලා ප්‍රජාතන්ත්‍රවාදි විදිහට. කොළඹ ලස්සන කරන්න නාගරික සංවර්ධන අධිකාරියට ගෝඨාභය ඇතුළත් කරගෙන හිටියා හමුදා සොල්දාදුවො 7000ක්. අද එක්කෙනෙක්වත් නෑ. නාගරික සංවර්ධන අධිකාරිය 2014 දෙසැම්බර් වෙනකොට, ගෝඨාභය බාරදීලා යනකොට මිලියන රු.39000/-ක් පාඩුයි. අද ඊට තුන් හතර ගුණයකින් කොළඹ ලස්සන වෙනව. එක සොල්දාදුවෙක් නෑ. එහෙත් අද නාගරික සංවර්ධන අධිකාරියෙ ලාභ ලබනව. රුපියල් මිලියන 39000/-ක් පාඩු කරයිද වැඩකාරයෙක් නම්. එමරේට්ස්ලට තමයි ලංකාවේ ගුවන් යානා තිබුණෙ. රාජපක්ෂලට ඕන ඔන වෙලාවට ලංකාවේ ගුවන් යානා ඉල්ලුවත් දුන්නෙ නෑ. ගැටුම් ඇති වුණා බල්ලා ගේන්න ඕන වුණාම ගුවන් යානයේ ටයිම් එක වෙනස් කළා ගෝඨාභය. ඊට පස්සෙ‍ එමිර්ට්ලට තර්ජන කළා. ඊට පස්සේ දාලා ගියා. දාලා යනකොට ලාභය බිලියන රු.14,000/යි. ගෝඨාභය රාජපක්ෂලා මේක දාලා යනකොට පාඩුව බිලියන 2.3යි. ගෝඨා වැඩකාරයෙක්ද? මිහින් ලංකා ඊළඟට බාරගත්තා ගුවන් යානාත් නෑ. ගුවන් ගමනුත් නෑ. මොකුත් නෑ. එයාර් ලංකා මිහින් ලංකා නඩත්තු කරගෙන යන්නෙ භාණ්ඩාගරයේ මුදලින්. ඒ කියන්නේ ජනතාවගේ බදු මුදලින්. ලාබලබපු, මිහින් ලංකා, එයාර් ලංකා, නාගරික සංවර්ධන අධිකාරිය පාඩුයි, කරපු හැම ආයතනයක්ම පාඩුයි. ඒක නිසා කළමණාකරුවෙක්ද?  දක්ෂ වැඩකාරයෙක්ද? කියන එක ඉතාම පැහැදිලියි.

මනෝජ් රූපසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *