කළු සල්ලි සංසරණයවන රටවල ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවතට

ලෝකයේ කළු සල්ලි සංසරණයට ඉඩ ඇති බවට හඳුනාගත් ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවත් කිරීමට මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය තීරණය කොට ඇත. ලෝකයේ කළු සල්ලි සංසරණය වන හා ත්‍රස්තවාදී කටයුතුවල මුදල් හුවමාරුවන රටවල් පිළිබඳව සොයා බලන ගෝලීය ආයතනයක් වන මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය මෙතෙක් කලක් ශ්‍රී ලංකාව ඔවුන්ගේ අයහපත් ලැයිස්තුව හෙවත් අළු ලැයිස්තුවේ ඇතුළත් කොට තිබුණි. එම ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාවේ නම ඉවත් කරමින් එම සංවිධානය ප්‍රකාශ කොට ඇත්තේ ශ්‍රී ලංකාවේ මූල්‍ය කළමනාකරණය පසුගිය කාලයේ හොඳ තත්ත්වයකට පත්ව ඇති බවයි.
