ආර්ථික සංවර්ධනය අඩු වුණේ රාජ්‍ය මූල්‍ය පාලනයට දැඩි පියවර ගත් නිසයි. – සොෆ්ට් ලොජික් ප්‍රධාන විධායක

පසුගිය කාලයේ රටේ ආර්ථික වර්ධනය අඩු වීමට හේතු වුයේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය විධිමත් කිරීමට රජය ගත් දැඩි ක්‍රියාමාර්ග හේතුවෙන් බව සොෆ්ට් ලොජික් කැපිටල් මාර්කට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ධනුෂ්ක සමරසිංහ මහතා ප්‍රකාශ කරයි.

පසුගියදා කොළඹ පැවැති සම්මන්ත්‍රණයක් අමතමින් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ මෙම මැතිවරණයෙන් කවුරුන් බලයට පත්වුවද ඉදිරිකාලයේදී ආර්ථිකයේ යහපත් වර්ධනයක් ඇතිවන බවත්, ලෝක ආර්ථිකයේ පසුබැස්ම තිබියදීත් ශ්‍රී ලංකාව යහපත් ආර්ථික වර්ධනයක් ලබාගත හැකිවන බවත් ඒ මහතා කියයි.

සොෆ්ට් ලොජික් කැපිටල් මාර්කට් ආයතනය කොටස් වෙළෙදපොළ ගනු දෙනු මෙහෙයවන ආයතනයකි. එය ආර්ථික තත්ත්වය ගැන නිරන්තරයෙන් අධ්‍යයනය කරයි. ඔවුන්ගේ තක්සේරුව වී ඇත්තේ දැනට 5700 මට්ටමේ ඇති කොටස් මිල දර්ශකය ජනාධිපතිවරණයෙන් පසුව 6500දක්වා ඉහළ යාහැකි බවයි.

එමෙන්ම ආර්ථික වර්ධනය මේ වසරේ සියයට 2.5ක් වුවද ලබන වසරේදී එය සියයට 5.1ක් ලෙසද 2021 දී සියයට 6.3ක් ලෙසද වර්ධනය වන බව සොෆ්ට් ලොජික් කැපිටල් මාර්කට් ආයතනයේ තක්සේරුව වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *