ශ්‍රී ලංකාවට විදුලි දුම්රිය ගෙන ඒම ඉක්මන් කලයුත්තේ ඇයි? – ඉංජිනේරු ආයතනයේ මතය
දිනෙන් දින පාඩු ලබන ශ්‍රී ලංකාවේ දුම්රිය සේවය කාලයක් පුරා පවතින්නේ මහජන මුදලින් නඩත්තු වන ආයතනයක් ලෙසිනි. පැවැති සෑම රජයක් විසින්ම දුම්රිය සේවය යථා තත්ත්වයට පත්කොට පාඩු නොලබන සේවයක් බවට පත් කිරීමට විවිධ කි‍්‍රයා මාර්ග ගනු ලැබුවද ඉන් සාර්ථක ප්‍රතිඵල අත්වූයේ නැත. දුම්රිය සේවය නඩත්තු කිරීම ස`දහා විශාල පිරිවැයක් දැරීමට සිදුවන අතර වරින්වර ඉන්ධන මිල ඉහළ යෑමද දුම්රියේ අලාබය වැඩි කිරීමට දායක විය.
ලොව බොහෝ රටවල ඇත්තේ අලාබයෙන් තොර, මගීන්ට ඉතා හිතකර දුම්රිය සේවයකි. මහජනයාට වඩා කාර්යක්ෂම සේවයක් සපයනු ස`දහා එම රටවල දුම්රිය සේවය නවීකරණය කෙරුණු අතර, ඉන්ධන මිල ඉහළ යාමට පිළියමක් ලෙස විදුලි දුම්රිය සේවය හ`දුන්වා දීමට පියවර ගැනිණ. වාතාශ්‍රයක් නොමැතිව දහදිය වගුරුවමින් සිරවී, පැයට කිලෝමීටර 25 පමණ වේගයකින් ධාවනය වන දුම්රිය මැදිරියක ගමන් කිරීමට අපේ දුම්රිය මගීන්ට සිදු වී තිබේ. බොහෝ විට දුම්රිය සංඥා බි`ද වැටීමෙන් අතරමග කාලය කා දැමීමට ඔවුනට සිදු වෙයි. වෙනත් රටවල පවතින තත්ත්වය මීට වෙනස්ය. විශේෂයෙන් අප අසල්වැසි රට වන ඉන්දියාවේ ප්‍රධාන නගර අතර ධාවනය කෙරෙන දුම්රිය පවා අපේ දුම්රියේ වේගය මෙන් දෙතුන් ගුණයක වේගයකින් ධාවනය කෙරේ. නවදිල්ලිය, චෙන්නායි, මුම්බායි හෝ ජායිපූර් නගරවල නැතිනම් සිංගප්පූරුවේ හෝ හොංකොංහි පවතිනුයේ ජනතා හිතකාමි ප්‍රවාහන සේවයකි.
රට වැසියාගේ සුබසාධනය ස`දහා යටිතල පහසුකම් ව්‍යාපෘති ප්‍රවර්ධනය කිරීමට විවිධ රජයන් කටයුතු කරයි. මෙරට දුම්රිය සේවයද විදුලි දුම්රිය සේවයකට පරිවර්තනය කිරීම මඟින් කාලය, මුදල් හා ඉන්ධන ඉතිරි කර ගැනීමට මග සැලසෙනු ඇත. එමෙන්ම මහමග නිකරුණේ වැය වන සෑම මිනිත්තුවක්ම සුරැුකෙනු ඇත. නිකරුණේ වැය කෙරෙන කාලය, පෞද්ගලිකව මූල්‍ය අලාබයකටද, රටක් වශයෙන් ආර්ථික අලාබයකටද මග පාදන්නකි. වේගවත් නගරබද සේවයකින් මගීන් සංඛ්‍යාව දෙගුණ කරගත හැකි වනු ඇත. එවිට මිනිස් පැය ගණන සහ ඉන්ධන විශාල ප්‍රමාණයක් ඉතිරි කර ගත වෙයි.
ශ්‍රී ලංකාවේ දැනට පවතින දුම්රිය සේවය සේවය නවීකරණය කොට විදුලි දුම්රිය සේවයක් ආරම්භ කිරීමේ ව්‍යාපෘතියක් නුදුරේදීම කි‍්‍රයාත්මක වීමට නියමිතය. පානදුර සිට කොළඹ කොටුව දක්වාද, කොළඹ සිට වේයන්ගොඩ දක්වාද දුම්රිය මාර්ග නවීකරණය කොට විදුලි දුම්රිය සේවය ආරම්භ කිරීමට සුදුසු පරිදි සකස් කෙරෙනු ඇත. පළමු අදියර ලෙස කිලෝමීටර 64ක දුර ප්‍රමාණයකින් යුතු පානදුර සිට වේයන්ගොඩ දක්වා විදුලි දුම්රිය දුම්රිය සේවයක් ආරම්භ කිරීමට තීරණය කෙරුණේ දුම්රියෙන් ගමන් ගන්නා වැඩිම මගින් පරිසක් සිටින්නේ මෙම කලාපයේ වන බැවිනි. සමස්ත මගී සංඛ්‍යාවෙන් 43%ක් මෙම කලාපයේ සිටිති. ඉදිරියේදී මෙම දුම්රිය සේවය දකුණු කළුතර හා පොල්ගහවෙල දක්වා දීර්ඝ කළ පසු තවත් විශාල පිරිසකට සේවය සැලසෙනු ඇත.
දෙවැනි, තුන්වැනි හා සිවුවැනි අදියර යටතේ බස්නාහිර පළාතේ කැලණිවැලි මාර්ගයේ අවිස්සාවේල්ල දක්වාද, මීගමුව හා කටුනායක යන මාර්ගයන්හිද නගරාන්තර සේවා ක්‍රමයෙන් නවීකරණය කෙරෙනු ඇත. ඉන් අනතුරුව මහනුවර, ගාල්ල සහ යාපනය යන ප්‍රදේශයන්හි දුම්රිය සේවා නවීකරණය කිරීමට කටයුතු කෙරෙනු ඇත.
ශ්‍රී ලංකාවට අවශ්‍ය ඛනිජ නිෂ්පාදන හා විදුලි උත්පාදනය ස`දහා අවශ්‍ය ගල්අඟුරු විදේශයන්ගෙන් ආනයනය කරනු ලබයි. ඞීසල් බලවේග කට්ටලවලට වඩා වැඩි කාර්යක්ෂ්මතාවක් විදුලි බලවේග කට්ටල මගින් ලබාගත හැකිය. විදුලි දුම්රියක් ස`දහා කිලෝමීටරයකට වැය වන බලශක්තිය සහ නඩත්තු පිරිවැය අවමය. විදුලි දුම්රිය සේවය ආරම්භ කිරීම මගින් දැනට ඞීසල් දුම්රියකට කිලෝමීටරයකට වැය වන මුදලින් රුපියල් 40ක් ඉතිරි කරගත හැකිය. ඒ අනුව පානදුර සිට වේයන්ගොඩ දක්වා විදුලි දුම්රිය සේවයක් ආරම්භ කිරීමෙන් ඉන්ධන ස`දහා වසරකට වැය වන විදේශ විනිමයෙන් රුපියල් බිලියනයක් ඉතිරි කර ගැනීමට හැකි වනු ඇත.
මෙම කාර්යය ආරම්භ කිරීම ස`දහා ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය, ශ්‍රී ලංකා දුම්රිය සේවය සහ ලංකා විදුලිබල මණ්ඩලය යන ආයතන ති‍්‍රත්වයේ සහභාගීත්වයෙන් ශක්‍යතා වාර්තාවක් සකස් කරනු ලැබිණි. ඒ අනුව විදුලි දුම්රිය සේවයෙන් නඩත්තු වියදම් 55%කින් අවම කරගත හැකි බැව් පෙනී ගියේය. නවීකරණය වූ දුම්රිය සේවය මගින් 2025 වන විට මගී සංඛ්‍යාව දෙගුණ කරගනු ලැබීමට හැකි වනු ඇත. එවිට ආර්ථිකයට තවත් රුපියල් බිලියනක් ඉතිරිකරගත හැකි වන අතර මගී ආකර්ශෂණය, කාල ඉතිරිය, තෙහෙට්ටුව අවම වීම, වායු සහ ශබ්ද ¥ෂණය අවමවීම වැනි වෙනත් සාර්ව ආර්ථික, සමාජ සහ පාරිසරික ප්‍රතිලාබ රැුසක් හිමිවනු ඇත.
විදුලි දුම්රියේ තාක්ෂණය එතරම් සංකීර්ණ වූවක් නොවේ. දකුණු ආසියාවේ ඇති නවීනතම හා කාර්යක්ෂම නගරාන්තර දුම්රිය සේවයක් ආරම්භ කිරීම ස`දහා නවීන හා අනුමත තාක්ෂණය හ`දුන්වාදීම අපගේ ඉංජිනේරුවන්ගේ වගකීමකි. මෙම ව්‍යාපෘතිය සදහා අධික වියදම් සහිත උමග හෝ උන්නත දුම්රිය මාර්ග හෝ අවශ්‍ය නොවන අතර දැනට පවතින දුම්රිය මාර්ග ඒ ස`දහා භාවිත කෙරෙනු ඇත. පැයට කිලෝමීටර 100ක වේගයෙන් දුම්රිය ධාවනය කළ හැකි වන පරිදි එම මාර්ග නවීකරණය කෙරෙනු ඇත. විදුලි බලවේග කට්ටල වේගවත් සහ ශබ්දයෙන් තොර බැවින් අනතුරු අවම කිරීම ස`දහා දුම්රිය මාර්ගය දෙපස ආරක්ෂිත වැටක් ඉදිකෙරෙනු ඇත. සියලූ දුම්රිය හරස් මාර්ග ස`දහා ස්වයංකී‍්‍රය ගේට්ටු සවි කෙරෙන අතර එම ස්ථානවල ගුවන් පාලම් සහ යටින් ගමන් කළ හැකි මාර්ග යෙදීමෙන් හරස් මාර්ග සංඛ්‍යාව අවම කෙරෙනු ඇත. දුම්රිය මාර්ගයට ඉහළින් විදුලි පරිපථය සකස් කෙරෙන අතර දුම්රියේ ඉදිරි පස සහ පසුපස සවිකෙරෙන පැන්ටොග්රාෆ දෙකක් මගින් එයට විදුලිය සැපයෙනු ඇත. වැඩි වේගයකින් ධාවනය වන හෙයින් දුම්රිය ස්ථාන දෙකක් අතර ධාවන කාලය අවම වනු ඇත. වායු සමීකරණය කරන ලද දුම්රිය සේවය දුර ගමන් ස`දහා ශීග්‍රගාමී සේවා ලෙසින් කි‍්‍රයාත්මක කෙරේ.
ජනාකීර්ණ අවස්ථාවන්හි වැඩි දුම්රිය සංඛ්‍යාවක් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගත්තද මගී අවශ්‍යතා සපුරාලීමට එය ප්‍රමාණවත් නොවේ. නව ව්‍යාපෘතිය යටතේ නවීන සංඥා පද්ධති සහ පාලන ක්‍රමවේද හ`දුන්වා දෙමින් සෑම මිනිත්තු දෙකකට වරක් දුම්රිය සේවා සැපයීමට පියවර ගනු ඇත. දුම්රිය ස්ථානද නවීන ගෘහනිර්මාණශිල්පය අනුව සැකසේ. දුම්රිය ස්ථානය අසල පෞද්ගලික රථවාහන නවතා තැබීම ස`දහා රථගාල් ඉදි කරීමට නියමිතය. ඉලෙක්ට්‍රොනික ප්‍රවේශපත්‍ර ක්‍රමයක් හ`දුන්වා දෙනු ඇත. 2020 වන විට මෙය යථාර්ථයක් බවට පත් වනු ඇත.
පොදු ප්‍රවාහන පහසුකම් දුර්වල වන විට ජනතාව පෞද්ගලික ප්‍රවාහන පහසුකම් ස`දහා පෙලඹෙති. ඒ ස`දහා වැඩි වියදමක් දැරීමට ඔවුනට සිදු වේ. මාර්ග ඉදිකිරීමට සහ ඉඩම් අත්පත්කර ගැනීම ස`දහා විශාල මුදලක් වැය කළ යුතුය. අලූතින් මාර්ග ඉදිකිරීමට හෝ මාර්ග පුළුල් කිරීම ස`දහා හෝ මුදල් නොමැත. බොහෝ රටවල නවීකරණය වූ කාර්යක්ෂම සහ ලාබදායි බස් හා දුම්රිය සේවා කි‍්‍රයාත්මක වේ.
අගනුවර ප්‍රවාහන සැලැස්ම, ප්‍රවාහන අමාත්‍යාංශය මගින් සකස් කෙරුණු අතර මොරටුව විශ්වවිද්‍යාලය මගින් 2015දී එය සංශෝධනය කෙරිණි. විදුලි දුම්රිය ව්‍යාපෘතිය එම සැලසුමේ ප්‍රධාන ව්‍යාපෘතියක් විය. එම ව්‍යාපාතිය යටතේ පානදුර වේයන්ගොඩ මාර්ගය ඇතුළු මාර්ග හයක් නවීකරණය කෙරෙනු ඇති අතර දෙමටගොඩ සිට හොරණ දක්වාද, කැලණිය සිට බියගම දක්වාද වන නව මාර්ග දෙකක් තැනීමටද නියමිතය.
දුම්රිය සේවය නවීකරණය කිරීම ස`දහා තාක්ෂණික හා මූල්‍යමය පහසුකම් ආසියානු සංවර්ධන බැංකුව මගින් ලබාදීමට නියමිතය. ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වැනි ජාත්‍යන්තර ආයතන ජාතික වැදගත්කමකින් යුතු ව්‍යාපෘති ස`දහා සහන පදනම යටතේ මූල්‍යමය පහසුකම් සපයති. විශේෂයෙන් ආනයනය (ඉන්ධන වැනි දෑ* අවම කිරීමට සහ ආර්ථික පලදායකත්වය වර්ධනය කිරීම ස`දහා වන ව්‍යාපෘති ස`දහා 30 වසරකින් ගෙවිය හැකි 1%ක පමණ සහන පොලියකට ඕනෑම රජයකට ණය පහසුකම් සැලසීමට ඔවුහු කටයුතු කරති. මෙම ණය පහසුකම් ලබා ගෙන කඩිනමින් මෙම ව්‍යාපෘති කි‍්‍රයාවට නැංවිය යුතුය. අධික පොලියක් සහිත ණය බරින් මිරිකී සිටින ශ්‍රී ලංකාව මෙවැනි ජනතා සුබසාධන ව්‍යාපෘතියක් ස`දහා අවම පොලී අනුපාතයක් යටතේ ලැබෙන මෙම ණය මුදල ලබා ගෙන කඩිනමින් එම ව්‍යාපෘතිය ආරම්භ කිරීම වැදගත්ය.
ඬේලිමිරර් පුවත්පතේ පළවූ ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ, යාන්ති‍්‍රක ඉංජිනේරු අංශ කමිටුවේ වාර්තාවක් ඇසුරිනි.
