අපේ ආයුර්වේදයට ජර්මනියෙන් තහංචියක්!
දේශීය ඖෂධ වර්ග ලෙස ප්‍රමිතියෙන් තොරව විවිධ ද්‍රව්‍ය වෙළෙඳ පොළට ඉදිරිපත් කිරීම නිසා අපගේ දේශීය ෙඖෂධවලට ජර්මනියෙන් තහංචියක් වැටීමට ඉඩ ඇති බව ක්ෂේත්රයේ තතුදත් ආරංචිමාර්ගයකින් දැනගන්නට ඇත. මෙසේ සිදුවී තිබෙන්නේ ජර්මනියේ රසායනාගාරවල කළ පරීක්ෂණ මගින් මෙම ඖෂධ වල ඇතැම් විෂ සහගත ද්‍රව්‍ය අති බව හෙළිදරව්වීම නිසාය.
ඖෂධ හා ආහාර තුළ බැර ලෝහ අඩංගු නොවිය යුතු බව දැන් ලෝක සෞඛ්‍යය සංවිධානය ද පිළිගත් ප්‍රමිතියක් බව කියති. එසේ වුවද දේශීය ශාඛමය ඖෂධ ලෙස වෙළෙඳ පොළට එන ඇතැම් නිෂ්පාදන තුළ බැර ලෝහ අඩංගු බව ජර්මන් රසායනාගාර පර්යේෂණ මගින් හෙළිවී ඇති බව කියති.
ඇතැම් ආයුර්වේද ඖෂධ නිෂ්පාදනයේදී ‘රසදිය’ ඇතුළු බැර ලෝහ යොදා ගන්නා නමුත් අවසාන නිෂ්පාදනය තුළ එම ලෝහ නොතිබිය යුතුය. නිෂ්පාදනය තුළ ඒවා සංයෝග බවට පරිවර්තනය වී තිබිය යුතුය. එසේ වුවද මෙරට මෙන්ම විදේශීය වෙළඳ පොළටද නිකුත්වන ඇතැම් දේශීය ඖෂධ වල එම ප්‍රමිති තත්ත්වය නැතිවීම මෙම තත්ත්වට හේතුවයි.
මෙම තත්ත්වය යටතේ ජර්මන් වෙළෙඳපොළට දේශීය ඖෂධ යැවීමට පමණක් නොව ආයුර්වේද ප්‍රතිකාර සඳහා මෙරට එන සංචාරක ව්‍යාපාරයටද තහංචි පැනවීමට ඉඩ ඇති බව කියති. මෙරටට පැමිණියද ප්‍රතිකාර ලබා නොගන්නා ලෙස ජර්මන් රජය එරටින් එන සංචාරකයන්ට උපදෙස් නිකුත් කිරීමට ඉඩ ඇති බවත්, මේ බව මේ වන විටත් ශ්‍රී ලංකා රජයට දැනුම් දී ඇති බවත් අපගේ ආරංචි මාර්ග කියති.
සංචාරකයන්ට මෙබඳු උපදෙසක් ජර්මනිය නිකුත් කළහොත්, අනෙකුත් යුරෝපාරටවල් ද එබඳුම නිවේදනයක් නිකුත් කරනු ඇති බවත්, මෙබඳු තත්ත්වයක් ඇති වී තිබෙන්නේ මෙරට දේශීය ඖෂධ නිෂ්පාදන සඳහා කිසිදු ප්‍රමිතියක් ක්‍රියාත්මක නොවන නිසා ය.
