වැඩිපුර ගෙවූ බද්ද යළි කලාකරුවන් අතට

මාසයකට රුපියල් 50,000කට වැඩියෙන් උපයන කලාකරුවන්ගේ සහ ගත්කතුවරුන්ගෙන් අය කළ 14%ක් වූ ආදායම් බද්ද නැවත 5% දක්වා අඩු කිරීමට රජය තීරණය කළ බැවින් පසුගිය අප්‍රේල් 01 වැනි දා සිට එලෙස අය කරගත් බද්ද නැවත කලාකරුවන්ට ලබාගැනීමට අවස්ථාව ලැබෙන බව මුදල් සහ ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර මහතා පවසයි.

මීළඟ අයවැයට ප්‍රථම ඒ සඳහා වූ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් ඉන් අනතුරුව වැඩිපුර ගෙවූ එම බදු මුදල්, නැවත ලබාගැනීමට අවස්ථාව සැලසෙන බව ද පසුගිය 14 වනදා පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදී අමාත්‍යවරයා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මංගල සමරවීර අමාත්‍යවරයා,

“කලාකරුවන්ටත් යම් ආදායමක් උපයන අය හැටියට අපි යම් බද්දක් නියම කළා. පසුගිය කාලයේ ඒක තිබුණේ 5%ක්. නව බදු පනත යටතේ අපි ඒක 14% දක්වා වැඩි කළා. නමුත් කලාකරුවන් අපි සමග කීප වතාවක් ඒ ගැන සාකච්ඡා කළා. සංවේදී රජයක් හැටියට අපි ඒක අඩු කරන්න තීන්දුවක් අරගෙන තියෙනවා. කැබිනට් මණ්ඩලය ඒක අනුමත කරලා තිබෙනවා.

අප්‍රේල් 01 වැනිදා සිට ආරම්භ කළ ඒ බදු පනතේ තවත් සංශෝධනයක් ලෙස ඊළඟ අයවැයට පෙර පාර්ලිමේන්තුවට ඒක ඉදිරිපත් කර අනුමත වූවායින් පසුව දැනටමත් වැඩියෙන් ගෙවන ප්‍රතිශතය “රීෆන්ඩ්” එකක් ලෙස ලැබෙනවා. කලාකරුවන්ට මෙතෙක් ගෙවූ සියල්ල ලැබෙනවා.”යනුවෙන් පැවසීය.

LNW

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *