ගමේ පාරවල් හදන්න ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලයන 800ක්
මෙරට ග්‍රාමීය මාර්ග කිලෝමීටර් 3108ක් හා ජාතික මහාමාර්ග කිලෝමීටර් 248ක් සංවර්ධනය සදහා ඩොලර් මිලියන 800ක මුදලක් ලබාදීමට ආසියානු සංවර්දන බැංකුව එකග වී ඇත . එයින් මිලියන 200ක මුල් ගෙවීම වහාම ලබාදීමට යන බවද වාර්තා වීය .
මෙම මාර්ග සංවර්ධනය සදහා මුළු වියදම ඩොලර් මිලියන 906කි . එයින් මිලියන 106ක් රජයෙන් යෙදවිය යුතුය .
ශ්‍රී ලංකාවේ මාර්ග පද්ධතිය කිලෝමීටර් 12000ක් බව කියති .ඒ අනුව මෙවර සංවර්ධනය කරන ප්‍රමාණය හතරෙන් එකකට වැඩිය .
