සෝභිත හිමියන්ගේ තැන ගන්න නව දේශපාලන ව්‍යාපාරයක් ඕනෑ – ආචාර්ය මයිකල් ප‍්‍රනාන්දු

michael-fernando photo - 1“ලෝකයේ රටවල් රැුසක් වෙනස් මාවතකට යොමු කෙරුවෙ වාමාංශික ව්‍යාපාර ඇතුළු විප්ලවීය තරුණ කොටස්. ලංකාවේ වාමාංශික ව්‍යාපාර කරන්න  ඕන දෙයක් තමයි භික්‍ෂුවක් වූ සෝභිත හිමියන් කෙරුවේ. අපේ වාමාංශික නායකයන් ඒ වෙලාවෙ කොහෙද හිටියෙ? ¥ෂිත මහින්ද රාජපක්‍ෂගෙ ඔඩොක්කුවෙ. ඔවුන් සටනට ආවේ හොරුන්ට, ¥ෂිතයන්ට, අපරාධාරයන්ට දඬුවම් දෙන්න නෙමෙයි ඔවුන්ව රකින්න.”ආචාර්ය මයිකල් ප‍්‍රනාන්දු එම අදහස් දැක්වූයේ  ‘වාමාංශික දේශපාලන පක්‍ෂ කරන්න  ඕනෑ දේ තමයි සොභිත හිමියන් ඉටු කෙරුවෙ. ඒ පැතුම් ඉටු කරන්න නව දේශපාලන බලවේගයක් අවශ්‍යයි.’ යන මැයෙන් යුක්තිය සම`ග කළ සාකච්ඡුාවකදීය.
 අති පූජ්‍ය සෝභිත හිමියන්ගේ අපවත්වීමෙන් මුළු රටටම කම්පා වුණා. උන්වහන්සේගේ අපවත්වීම මුළු රටටම දැනුණා. එහෙම වෙන්න තරම් සාධක උන්වහන්සේගේ ජීවන චරිතයේ ගැබ්වෙලා තිබුණද?

උන්වහන්සේ විචිත‍්‍ර භානක ධර්මදේශකයන්වහන්සේ නමක් පමණක් නෙමයි, තත්කාලීන සමාජයේ සමාජ, ආර්ථික, දේශපාලන ඇතුළු හැම ක්‍ෂේත‍්‍රයක් පුරාම විහිදී ගිය උත්තුංග පෞරුෂයක් ඇති ජීවන චරිතයක්. ඒ නිසා තමයි උන්වහන්සේගේ අභාවය රටේ හැමටම එක වගේ දැනුනේ.

බුද්ධ දේශනාව අනුව බෞද්ධ භික්‍ෂුවකගේ කාර්යභාරයට දේශපාලනය කොතරම් දුරට ගැලපේද යන්න සෙවීම භික්‍ෂු විනයට අයිති කාර්යයක් වුවත්, අතීතියේ සිටම බෞද්ධ භික්‍ෂුව රටේ දේශපාලනය සම`ග ඍජුව හා වක‍්‍රව සම්බන්ධ වී සිටියා. ඒ අතරින් සෝභිත හාමුදුරුවන්ගේ කාර්ය භාරය සුවිශේෂිත්වයක් ගනු ලබනවා. උන්වහන්සේ පදවි, තානාන්තර බලාගෙන පක්‍ෂ දේශපාලනයේ නියැලූනේ නෑ. උන්වහන්සේ තෝරා ගත් එක් පක්‍ෂයක් වෙනුවෙන් දරදිය ඇද්දේ නෑ. උන්වහන්සේ කළේ රට පාළනය කරන දේශපාලයන් වැරදි මාර්ගයක යද්දී, රටට අහිතකර කටයුතු සිදුවෙද්දී ඊට නිසි අවවාද අනුශාසනා දීම පමණයි. එයින් උන්වහන්සේගේ භික්‍ෂු ජීවිතයට හානියක් සිදුවුනේ නැහැ. සිදුවූයේ උන්වහන්සේගේ භික්‍ෂු හා සමාජ ජීවිතය තව තවත් ඔපමට්ටම් වීම පමණයි. ඒ බව උන්වහන්සේගේ ආදාහන උත්වසයට පැමිණි ජාති, ආගම් භේදයකින් හා ගිහි පැවිදි භේදයකින් තොර අති විශාල ජනතාවගෙන් ඔප්පු වුනා.

සාමාන්‍යයෙන් බෞද්ධ නායක ස්වාමීන් වහන්සේ නමකගේ අදාහනෝත්සවයකදී දක්නට ලැබෙන්නෙ, නිල වශයෙන් හෝ සම්ප‍්‍රදායානුකූලව අන්‍ය ආගම් සංකේතවත් කරමින් පූජක පක්‍ෂයෙන් කිහිපදෙනෙක් සහභාගි වීමයි. එහෙත් වෙනත් කිසිම බෞද්ධ භික්‍ෂුවකගේ ආදානෝත්සවයකදි දැකගත නොහැකි තරම් අන්‍යාගමිකයන් පිරිසක්, සොභිත හිමියන්ගේ ආදාහනෝත්සවයට සහභාගි වීම කැපී පෙනෙන සිද්ධියක්. එසේ  සිදු වීමට හේතුව ඔබ විග‍්‍රහකරන්නේ කෙසේද?

ඒකට ප‍්‍රධාන තම හේතුව තමයි උන්වහන්සේ ජාතිවාදී නොවීමත්, ‘සෑම ජාතියකටම අයත් පුද්ගලයන් ශ‍්‍රී ලංකා මවගේ දරුවන් වශයෙන් සැලකිය යුතුයි’ කියල උන්වහන්සේ තරයේම පැවසීමත්, ඒ පිළිබඳව කටයුතු කරන ලෙස ජනාධිපති තුමාගෙන් හා අගමැතිවරයා ප‍්‍රමුඛ පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටීමත් යන කාරණා. උන්වහන්සේගේ ජීවිතයේ අවසාන භාගයේ දී ජාතීන් අතර සමානාත්මතාවය පිළිබඳව දැඩිසේ පෙනී සිටිය. ඒ ගැන හඬක් නැ`ගුව.

උන්වහන්සේගේ ජීවිතයේ අවසාන භාගයේදී එසේ කීවත්, උන්වහන්සේ මුලින් හිටියේ සිංහල බෞද්ධ ජාතිකවාදී ස්ථාවරයක නේද?
එහෙම හිතන්නත් පුළුවන් කාරණා තිබුණා. එස්. ජේ. තම්බයියා (ස්ටැන්ලි ජෙයරාජා තමම්බයිය* විසින් ලියන ලද බුද්ධාගම පාවාදීම ඊම  පොතේ මුල් පිටුවට යොදාගෙන තිබුණෙත් සෝභිත හිමියන් කෝපාවිෂ්ඨ මුහුණ සහිත ඡුායාරූපයක්.

උන්වහන්සේගේ තරුණ අවදියේදී, උන්වහන්සේ නියෝජනය කළ විවිධ සංවිධානත් එක්ක උන්වහන්සේ එහෙම ස්ථාවරයක් දැරුවා. එහෙමත් නැත්නම් එම සංවිධාන උන්වහන්සේව පාවිච්චි කෙරුවා,  ඒ සංවිධානවල හඬ, ඒ අදහස් සමාජයට කාන්දු කරවීමට.  එහෙත් වැඩි කල් නොගොස් උන්වහන්සේ එහි නිරර්ථක කම වටහා ගත්තා. රාහුල හිමියන්ගෙන්, මහ ඇදුරු සරච්චන්ද්‍රයන්ගේ ආභාෂයෙන් උන්වහන්සේගේ ප‍්‍රගතිශීලී අදහස් පෝෂණය වුණා කියල හිතන්න පුළුවන්.

ජේ.ආර්. ඇති කළ ඒකාධිපති ව්‍යවස්ථාවට විරුද්ධ වීම, විවෘත ආර්ථිකයේ අනිටු ප‍්‍රතිඵල විවෘතව විවේචනය කිරීම, සමාජයට අහිතකර අන පනත් වලදී අභීතව පෙනී සිටීම යන කරුණු නිසාත්, අවසාන භාගයේ දී උන්වහන්සේ නියම බෞද්ධ ඉගැන්වීම අනුකූලව ජතිවාදය පිටු දැක්ක. අපේ රට සැබෑ ජනතාවාදි මාවතකට යෑමට නම් ජාති භේද පිටුදැකිය යුතු බව ප‍්‍රකාශ කිරීම නිසා උන්වහන්සේ රටේ සෑම ජනකොටසකගේම ආදරය දිනා ගත්තා.

විශේෂයෙන්ම මහින්ද රාජපක්‍ෂ පාළනයෙන් බැටකෑවේ සිංහලයන් පමණක් නෙමේ. සිංහල ජනතාවට වඩා අනෙක් පාර්ෂවයන් නොසෑහෙන්න බැටකෑව. රාජපක්‍ෂ ගෙදර යවල යහපාළනයක් සඳහා මෛත‍්‍රීපාල සිරිසේන පොදු අපේක්‍ෂකයා වශයෙන් පත් කරෙගන රට යහපත් මාවතකට ගෙන ඒමට උත්සාහ කිරීමත්, උන්වහන්සේගේ ජනප‍්‍රියත්වය, ජනප‍්‍රසාදය සෑම ජාතියක් අතරම වැඩිවීමට තවත් හේතුවක් බවට පත්වුණා.

ලෝක දේශපාලනය අධ්‍යයනය කිරීමේ දී බොහෝ රටවල ගමන් ම`ග වෙනස් කෙරුවේ වාමාංශික ව්‍යාපාර මගින්, රුසියාව, චීනය, කියුබාව උදාහරණ කිහිපයක්. රුසියාව වගේ රටවල නම් ලේඛකයන් විශේෂ කාර්යභාරයක් කෙරුව, විප්ලවයට පසුබිම හදන්න. එහෙත් කිසියම් ආගමික නායකයෙක් ඍජුවම රටක වෙනසක් සඳහා මුල් වූ බවක් වාර්තාවෙන්නේ නෑ.

ලෝකයේ රටවල් රැුසක් වෙනස් මාවතකට යොමු කෙරුවෙ වාමාංශික ව්‍යාපාර ඇතුළු විප්ලවීය තරුණ කොටස්. ලංකාවේ වාමාංශික ව්‍යාපාර කරන්න  ඕන දෙයක් තමයි භික්‍ෂුවක් වූ සෝභිත හිමියන් කෙරුවේ. අපේ වාමාංශික නායකයන් ඒ වෙලාවෙ කොහෙද හිටියෙ? ¥ෂිත මහින්ද රාජපක්‍ෂගෙ ඔඩොක්කුවෙ. ඔවුන් සටනට ආවේ හොරුන්ට, ¥ෂිතයන්ට, අපරාධාරයන්ට දඬුවම් දෙන්න නෙමෙයි ඔවුන්ව රකින්න.

ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි ළ`ගදි පුවත්පතකට කියල තිබුණ ඔහු තවමත් විශ්වාස කරනව සෝභිත හිමියන් පොදු අපේක්‍ෂකය වුණානම් හොඳයි’ කියල. සෝභිත හිමියන් පොදු අපේක්‍ෂකය වූවා නම් තත්ත්වය මීට වඩා සාර්ථක වෙන්න තිබුණද?

පොදු අපේක්‍ෂකයා වීමට සොභිත හිමියන් සුදුසු ද, නැද්ද කියන එක උන්වහන්සේම තීරණය කර තිබුණ. අවශ්‍ය නම් උන්වහන්සේට පොදු අපේක්‍ෂකය වෙන්න තිබුණ. ඒ අවස්ථාවෙදි උන්වහන්සෙ ළ`ග හිටපු කවුරුවත් ඒ අදහසට විරුද්ධ වෙන එකක් නැහැ. ඒත් උන්වහන්සේ සුදුසු දේ කෙරුවා. අවසානයේ දී සුදුසු පොදු අපේක්‍ෂකයා හමුවුණා. ඒ අනුව මහින්ද රාජපක්‍ෂට සටන් කරන්න වුනේ කඳවුරු දෙකක් එක්ක. යූ.එන්.පී. එකත්, ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කොටසකුත් එතන හිටිය. එහෙම නැතුව මහින්ද රාජපක්‍ෂ බල කඳවුරට පහර දෙන්න අමාරුයි. ඒක ඒ තරමට ශක්තිමත් කරගෙනයි. තිබුණෙ. පොදු අපේක්‍ෂකයා වටා ප‍්‍රධාන පක්‍ෂ දෙකක කණ්ඩායමයි, උන්වහන්සෙගෙ සාධාරණ සමාජයක් උදෙසා ජාතික ව්‍යාපාර පෙරමුණයිි, අනෙක් සිවිල් සංවිධාන පෙරමුණුයි එකතු එකතු වෙලා රාජපක්‍ෂ බලකොටුවට පහර දුන්නෙ නැත්නම්, රාජපක්‍ෂ පන්නන්න එක ලේසි නෑ.

ඒ වගේම ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි කියල තිබුණ ඔහු සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයට සම්බන්ධ වුනේ සෝභිත හිමියන් කෙරේ තිබුණ විශ්වාසය නිසයි කියල. තවත් අය එම ව්‍යාපාරයේ පැවැත්ම ගැන සැක සංකා පහළ කරනව. උන්හන්සේගේ අභාවයෙන් පස්සේ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය ක්‍ෂය වෙලා යයිද?

ඒ ගැන දැන්ම අදහසක් කියන්න බෑ. අප විසින් කළ යුත්තේ එසේ වීමට ඉඩ නොදීමයි. අඩු තරමින් උන්වහනසේගේ බලාපොරොත්තු ඉටුකිරීමේ වගකීමක් ප‍්‍රජාවට තියනව. එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික‍්‍රමසිංහ සම`ග සංවිධාන 110 ක් සමග අවබෝධතා ගිවිසුමකට අත්සන් කෙරුවට පස්සෙ  උන්වහන්සේ ප‍්‍රකාශ කළේ ‘‘යහපත් රටක් වෙනුවෙන්, බලාපොරොත්තු වෙච්ච දේවල් ඉටු වෙනවද කියල අපි උකුසු ඇසින් බලා ඉන්නව’ කියලයි. අපි කළ යුත්තේ ඒ දෙයයි. මේ රට යන ගමන ගැන අවදියෙන් සිටීමයි. වැරදි තැනදි වැරැුද්දට විරුද්ධව නැ`ගීසිටීමයි.

දැනටමත් වැරැුද්දට විරුද්ධව නැගීසිටීමට අවස්ථාව උදාවෙලා නේද? ජනතාව ප‍්‍රාර්ථනා කරපු සාධාරණ සමාජයක් කරා රට ගමන් කරන්නෙ නැති බවක් පේනව. ජනතාව ඒ ගැන චෝදනා කරනව.

1978 පමණ සිට ඇති වූ තත්ත්වය එක්වරම ආපසු හැරවීම ලෙහෙසි පහසු නෑ. ප‍්‍රජාතන්ත‍්‍රවාදි පාළනය පසුගිය වකවානුවෙ ඒකාධිපති ස්වරූපයක් කරා ගමන් කරල තියනව. ජාතිවාදී බලවේග ශක්තිමත් කරල තියනව. ඔවුන් පැරදුනත් තවමත් ශක්තිමත්. එහෙම නිසා එකපාරටම වෙනසක් බලාපොරොත්තු වෙන්න බෑ. රජය පවත්වාගෙන යන්න ¥ෂිතයන් සම්බන්ධ කරනගන්න සිද්ධ වෙලා තියනව. ඒක බලය ශක්තිමත් කරගැනීමේ උපක‍්‍රමයක්. ක‍්‍රමාණුකූලව වෙනස්කම් ඇති කරමිනුයි ඉදිරියට යායුත්තේ. දැනට නම් කරන කියන කටයුතුවලින් පේන්න තියන්නෙ, ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්‍ෂා කරගනිමින්, ආර්ථිකය වැටීමට ඉඩ නොදී ඉදිරියට යන බවක්. මීට වැඩිය ඉක්මනින් ඒක කරන්න අමාරුයි.

එහෙම ඉදිරිගමනක් යන බව පෙනුනත් ඒක ජනතාවට දැනිල නෑ. ජනතාව බලන්නේ ආර්ථික විද්‍යානුකූල න්‍යායයන් මත පිහිටල නෙමයි.
ඒක ඇත්ත. පොදු ජනතාවට පමණක් නෙමෙයි කාටත් සැක සංකා ඇති වෙලා තියනව. දැනට ආර්ථිකයේ ප‍්‍රගතියක් ඇති වෙලා නෑ. එදිනෙදා ජීවිතයේ ජනතාවගේ ජීවන තත්ත්වය පහත වැටල. අවස්ථාවාදීකම හා ඥාති සංග‍්‍රහය බලයට පත් වූ දේශපාලඥයන්ද කරන බවක් පේනව. නීතිය හා සාමය, අධ්‍යාපනය, අධිකරණය පිළිබඳව ගැටළු රැුසක් මතු වෙනව. ජාතියෙ කොඳුනාරටිය වගේ තියන ආයතනවල ගරුත්වය ආරක්‍ෂා කළ යුතුයි.

පත්කර ඇති ඇමති සංඛ්‍යාව බලාපොරොත්තු සංඛාවට වඩා වැඩියි.  අමාත්‍යංශ බෙදා දී ඇත්තේ සුදුසු පුද්ගලයන්ට නෙමෙයි. එහෙම බෙදා දුන්නත් ලබා දී ඇති විෂයයන් වලත් ගැටළු තියනව. උසස් නිලතල වලට පත්වෙන්නේ සුදුස්සන්ද කියල සැකයි. මේව පිළිබඳව ප‍්‍රශ්න කාටත් තියනව. මෙම තත්ත්වය වළක්වා ගැනීමට කළ යුත්තේ සිවිල් සමාජ අවධියෙන් සිට ප‍්‍රතිචාර දැක්වීමයි.
සිවිල් සමාජ එකමුතුවේ නෟකාව පැදවූ නියමුවාගේ භූමිකාව අද නෑ. සෝභිත හිමියන්ගේන් හිඩැස පුරවන්න කෙනෙක් ගැන හිතාගන්න අමාරුයි. ඒ අනුව සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය හා සිවිල් සංවිධාන එකමුතුව වැනි සංවිධානවල පැවැත්ම ගැන සැකයක් ඇති වෙනව. අනික දැන් ඔවුන් පෙනී සිටිනනේ ජනතාව වෙනුවෙන්ද? ආණ්ඩුව ආරක්‍ෂා කරන්නද කියන ප‍්‍රශ්නය ජනතාව අතරින් පැන නගිනව.
ආණ්ඩුව මේ තරමින් හෝ පාළනය වෙන්නේ සිවිල් සංවිධාන වල හඬ නිසයි. සෝභිත හිමියන්ගේ අඩුව නිසා ඒ හඬ යටපත්විය යුතු නෑ.  එහෙත් ස්වාධීන සිවිල් සංවිධානයක රික්තයක් මතුවෙලා තියනව. නව බලවේගයක අවශ්‍යතාවය නිර්මාණය වෙලා තියනව. ඒ සෝභිත හිමියන් බිහිකළ සංවිධාන වලට විකල්ප සංවිධාන වශයෙන් නෙමයි. ඊට වඩා වෙනස් භූමිකාවක් කළ හැකි, ජනතාවගේ පෙරගමන්කරුවන් බවට පත්විය යුතු, පරමාදර්ශී සංවිධානයක්.

ඔබ කියන්නේ ජනතා විමුක්ති පරමුණ හෝ පෙරටුගාමි සමාජවාදි පක්‍ෂය වැනි පක්‍ෂයක් මීට වඩා බලවත් විය යුතුයි කියලද?

නැහැ. ජනතා විමුක්ති පෙරමුණ විවේචකයන් පමණයි. ඔවුන් රට ගෙනයායුතු දිසානිතියක් පෙන්වන්න හැකි වෙලා නැහැ. ඔවුන් කළ සෑම අත්හදාබැලීමක්ම අසාර්ථකයි. එයින් ඔවුන්ටවත්, රටටවත් යහපතක් වෙලා නෑ. පෙරටුගාමි පක්‍ෂයත් ජනතාව වැළඳගන්නෙ නෑ. ඔවුන්ගේ භූමිකාව අද පවතින තත්ත්වයට ගැලපෙන්නෙ නෑ.

එසේනම් නිර්මාණය වියයුතුයයි අදහස් කරන්නේ කුමන විදිහේ ව්‍යාපාරයක්ද? එහෙම සමාජ ව්‍යාපාරයක් බිහිවීමේ පසුබිමක් තියනවද?

එහෙම ව්‍යාපාරයක අවශ්‍යතාවය පවතින්නේ කලක සිටයි. එහෙම සංවිධානයක අවශ්‍යතාවයක්, රික්තයක් ඇති විටයි එය බිහිවීමට පසුබිම නිර්මාණය වෙන්නේ. දැන් එය ගොඩ නැගෙමින් තියනව. එය සමාජවාදය, නව ලිබරල්වාදය වගේ න්‍යයායක් මත පදනම්ව ගොඩ නැගෙන දෙයක් නෙමෙයි. රටේ අවශ්‍යතාවය මත ගොඩනැගෙමින් රට ඉදිරියට ගෙනයාහැකි සාධනීය ව්‍යාපාරයකුයි. එයට සමාජ විද්‍යාඥයන්, විද්වතුන්, ආර්ථික විද්‍යාඥයන්, පරිසරවේදීන්, තාක්‍ෂණ විද්‍යාඥයන් ඇතුළු බුද්ධි මණ්ඩලයක් ඇතුළත්. එහි නායකත්වය රටට අවශ්‍ය ප‍්‍රතිපත්තියයි. ඒ මිස පුද්ගලික නායකත්ව ප‍්‍රතිරූපයක් නෙමයි. නායකයෙකුගේ හිස් වීමෙන්වත්, ඝාතනයවීමෙන් හෝ හැරයාමෙන්වත්, සංවිධානයවත්, ප‍්‍රතිපත්තියවත් කඩා වැටීමක් වෙන්නෙ නෑ. එය පුද්ගල ලාභ ප‍්‍රයෝජනවලින් තොර රට පිළිබඳ  ඕනෑකමකින්, කැපවීමකින් බිහිවන සංවිධානයක්. එහි ඉදිරිගමනට ජාති, ආගම්, පක්‍ෂ, ලකුණු, පාට භේදයකින් තොරව, සමස්ථ ජනතාවම, නුදුරු ආනාගතයේදී එම සංවිධානයට එකතුවෙයි කියා කියන්න පුළුවන්. රටට ආදරේ කරන, විවෘත මනසකින් රට දෙස බලන සමස්ථ රට වැසියන් එහි සාමාජිකයන් වන බව කියන්න පුළුවන්. එහෙම නැතුව මේ රට හදන්න බෑ.

සාකච්චා කළේ -මනෝජ් රූපසිංහ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *