නව කාබන් බද්ධ අයකිරීම කිසිම ක්‍රමවේදයකට නෑ – ගැමුණු විජේරත්න

රජය දැනටමත් දුම් පරීක්ෂ වාර්තාවෙන් බද්දක් ගන්නව. කාබන් බද්දකුත් ගන්නව දෙකෙන්ම කෙරෙන්නෙ එකම දෙය. මේක හරි අසාධාණයක්. මෙකෙන් රජය පිරියහෙන්න ඉඩ තියෙනව. ගැමුණු විජේරත්න මහතා අද (15) එසේ ප්‍රකාශ කළේ ලංකා පෞද්දගලික බස් රථ හිමියන්ගේ සංගමය විසින් කැඳවා තිබූ පුවත්පත් සාකච්ඡාවක දීය.

කාබන් බද්ද පිළිබඳව මේ වන විට අවශ්‍ය නිර්ණායකයන් මෝටර් රථ කොමසාරිස් දෙපාර්ථමේන්තුවට ලිඛිතව දැනුම් දීලා තියෙනව. බස් රථ වලට කාබන් බද්ද යොමු කරන්න සැලසුම කරල තියෙන්නෙ, අවුරුද්දේ සිට අවුරුදු පහ ඇතුළත රුපියල් දාහක බද්දක්. අවුරුදු පහය දහයයි අතර බස්රථවලට රුපියල් දෙදාහක වාර්ෂික බද්දක්. අවුරුදු දහයේ සිට පරණ බස් වලට රුපියල් තුන්දාහක වාර්ෂික බද්දක් වශයෙනුයි. එතකොට මේ කාබන් බද්ද අයකරන්නේ කුමන අකාරයෙන්ද කියලා විද්‍යානුකූල පදනමක් නෑ. කාබන් බද්ද කියල යොමුකරල තියෙනව බස්රථවලට වෙනත් වාහන වලට සියල්ලම තමන්ගෙ ආදායම් බලපත්‍රය ලබාගන්නකොට මේ කාබන් බද්දට මුදල් ගෙවිය යුතුයි කියල. ආදායම් බලපත්‍රය ගන්කොට මේ කාබන් බද්ද කියන එක, වායු ඉමෝෂණ කවුරුත් දන්න දුම් පරීක්ෂාවත් දැන් අයකර ගන්නව. අපේ බස් රථවලට රුපියල් 1040/-ක් මුදලක් යනව මේ වායු ඉමෝෂණ වාර්තාව ගන්න.

එකෙදි කරන්නෙත් බස්රථයේ හෝ වාහනයේ සාමාන්‍යයෙන් පිටවන විෂ දුම, සාමාන්‍යයෙන් ඩීසල් වලට බැලු‍වොත් සල්පර්  දුමත්, පෙට්ට්‍රල්වල ඊයම් වලින් එන දුමේ පරිමාවක් තමයි පරීක්ෂාවට ලක්කරන්නෙ. මේකෙන් කාබන් අනු තමයි එළියට යන්නෙ. එකම කාරණයට දෙවතාවක් බදු අයකිරීමක් කරනව. අපෙන් වායු ඉමෝෂණ හෙවත් දුම් වාර්තාව වාර්ෂිකව ගන්නව. කිසිම නිර්ණායකයක් නැතුව ආණ්ඩුව කාබන් බද්දක් ගෙනල්ලා තියෙනව. මේ කාබන් බද්ද සුද්දගෙ කාලෙ බලු බද්ද ව‍ගේ කියල කියන්න පුළුවන්. බද්දක් අයකරනව නම් ඒකට නිර්ණායකයක් අවශ්‍යයි.

බද්දට මිනුම් දණ්ඩක් නෑ. වාහන වලින් කාබන් පරිසරයට පිට කරනවනම් ඒ පිටකරන කාබන් ප්‍රමාණය අනුව තමයි බද්දක් පනවන්න ඕනෙ. අපි දැන් ඉමෝෂන වාර්තාවක් දුම් වාර්තාවක් ගන්නව. දුම්වාර්තාවට රු.1040/-ක් අයකරනව. ඒත් ඒක ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස්වලට අයකරන්නෙ නෑ.

මේ දුම් වාර්තාවේ ආදායම ආණ්ඩුවට හරියට එන්නෙ නැහැ. ඒ ගැන කථිකාවතක් පහු ගිය කාලේ ඇති වුණා. එවිට හිටපු ඇමතිවරයා කිව්වා ඒ දුම් පරීක්ෂාව කරන්න ඕනෙ ලං.ග.ම. හරහා කියල, නමුත් ඒවා යටපත් වුණා. ඒවා යටපත් වීමටත් ප්‍රබල රහස් තියනව. අපි දැනට ගන්න මේ ඉමෝෂණ වාර්තාව ගත්තත් ආණ්ඩුවට යන්නේ සොච්චම් මුදලක්. වැඩි කොටසක් යන්නෙ අදාල සමාගම් වලටයි. ඒක ඉතාමත් කණගාටුදායක තත්ත්වයක්.

යම් නිර්ණායකයක් අනුව සාධාරණව කරන දෙයක් නම් අපි අවනත වෙනව. එකම කාරණයට බදු දෙකක්. දුම් ප්‍රශ්නයට බදු දෙකක් පනවල තියනව ඒ නිසා අපි පැහැදිලිව කියන්නෙ වහාම කාබන් බද්ද ආණ්ඩුව ඉවත් කළ යුතුයි. නිර්ණායකයන් පෙන්වන්න. කාබන් බද්ද මේ අය පනවල තියෙන්නෙ පිරිසරයට කාබන් පිටවෙනව කියන පදනම මත. මේ කියන්නෙ බෙල්ල මිරිකල හුස්ම ගන්න කියනව වගේ වැඩක්. මේ කාබන් හදන්නෙ ආණ්ඩුවම තමයි.

92 ඔක්ටේන් පෙට්ට්‍රල් ලීටර් ලක්ෂ 38ක් දිනකට පරිභෝජනය වෙනව. දිනකට ඔටෝ ඩීසල් ලීටර් ලක්ෂ 43ක් පරිභෝජනය වෙනව. සුපර් ඩීසල් පරිභෝජනය වෙනව ලීටර් දෙලක්ෂ තිස්අට දාහක්. 95 සුපර් පෙට්ට්‍රල් එක හාරලක්ෂ හැත්තෑ දෙදහසක් පරිභෝජනය වෙනව. භූමිතෙල් ලක්ෂ අටයි. දෛනිකව ඔටෝ ඩීසලුයි, ඔක්ටේන් පෙට්ට්‍රල් 92 එකයි දවසට දහනය වෙනව ඩීසල් ලක්ෂ 81ක්. මේ දහනය වෙන ඉන්දන වලින් තමයි කාබන් පිටවෙන්නෙ. පුපිරි එකෙන් නැ. ලොකේ තියෙන ඉන්දන ප්‍රමිතියයි ලංකාවෙ තියන ප්‍රමිතයයි බැලුවම ඔක්ටේන් 92යි, ඔටෝ ඩීසල් එකෙයි ප්‍රමිතිය ඉතාමත් අඩුයි. මේවායින් තමයි අහිතකර වායුව පරිසරයට මුදා හරින්නෙ. වැඩිපුර පරිභෝජනය වෙන්නේ ඩීසල්. ලක්ෂ 81ක් ඔක්ටේන් සහ ඔටෝ ඩීසල්.

අද වෙනකොට වාහනය ගෙදර තිබුනත් කාබන් බද්ද ගෙවන්න ඕනෙ. ඒක හරිම අසාධාරණයි. පරිසරයට මුදාහරින කාබන් ප්‍රමාණය අනුව තමයි බද්ද අය කළ යුත්තේ.  ඒක නිසා අපි සරල භාෂාවෙන් කියනව නම් ආණ්ඩුවට ගොන් වැඩ කරන්න එපා කියල කියනව. බද්ද අයකරනව නම්, ඉන්දන වැඩියෙන් පරිහරණය කරන වාහන වලින් තමයි ඒ බද්ද අය කළ යුත්තේ. ලෝකයේ වෙනත් රටවල් වල මේ කාබන් බද්ද අනුයුක්ත කරල තියනව පෙට්ට්‍රල් සහ ඩීසල් මිලට. ඩීසල් වැඩියෙන් පරිභෝජනය කරන පුද්ගලය වැඩියෙන් කාබන් බද්ද ගෙවනව. ලොකේ අනෙක් රටවල පවතින ක්‍රමවේදය මේකයි. මිල සූත්‍රයක් කියල තවත් එකක් තියනව. ආණ්ඩුවට මේක මිල සූත්‍රයටම එකතු කරන්න තිබුණ. මේකෙන් වැරදි මතයක් සමාජයේ ගොඩනගනව. වැරදි බද්දක් කියල මතයක් ඇති වෙනව. දුවන්නෙ නැතුව ගෙදර තියන වාහනයටත් කාබන් බද්දක් ගහන එක සාධාරණද? ඇයි නිර්ණායකයන් හදන කොට මේව හිතුවෙ නත්තෙ? අපි කියන්නෙ කාබන් බද්ද වහාම අකුලාගත යුතුයි. ඒක ක්‍රියාත්මක කරනව නම් වෙනත් රටවල ක්‍රියාත්මක වන ආකාරයේ ඉන්දනවලට එය එකතු කරන්න. ඉන්දන වැඩියෙන් පාවිච්චි කරන වාහන තමයි  කාබන් වැඩියෙන් පරිසරයට මුදා හරින්නෙ. මෙවැනි සැලසුමක් නැති වැඩ නිසා රටේ ජනතාව දිගින් දිගටම අපහසුතාවයට පත්වෙනව. මෙවැනි ගැටළු බස් කර්මාන්ත කරුවන්ටත් ඍජුව බලපානව. ඒ නිසා අපි යෝජනා කරනව, දුම්බද්ද පරීක්ෂා කිරීමේ වැඩ කරටයුතු රජයට පවරාගෙන අවශ්‍ය ආදායම් ලබාගන්න.

මනෝජ් රූපසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *