|

නීතිය හා සාමය අගමැති යටතට.

නීතිය හා සාමය පිළිබඳ නව කැබිනට් අමාත්‍යවරයා ලෙස අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පත් කර තිබේ. ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යවරයා ලෙසද අග්‍රමාත්‍යවරයා  කටයුතු කරනු ඇත. මීට පෙර උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා රාජ්‍ය ව්‍යවසාය හා කඳුරට සංවර්ධන අමාත්‍යවරයා ලෙස පත් කර තිබේ.  උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යවරයා ලෙස කබීර් හෂීම් අමාත්‍යවරයා පත් කර තිබේ.
මේ අතර ඩිජිටල් යටිතල පහසුකම් පිළිබඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කරන හරීන් ප්‍රනාන්දු මහතාට නව අමාත්‍යංශයක් එක් වී ඇති අතර ඒ අනුව විදේශ රැකියා අමාත්‍යවරයා ලෙසද ඒ මහතා කටයුතු කරනු ඇත. රවීන්ද්‍ර සමරවික්‍රම මහතා වනජීවී හා තිරසාර සංවර්ධන අමාත්‍යවරයා ලෙස පත් කර තිබේ. පියසේන ගමගේ මහතා යෞවන කටයුතු හා දක්ෂිණ සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කර තිබේ. මේ අතර  මීට පෙර නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සාගල රත්නායක මහතායෞවන කටයුතු හා දක්ෂිණ සංවර්ධන කැබිනට් අමාත්‍යවරයා ලෙස පත් කර තිබේ. අජිත් පී. පෙරේරා මහතා බන්ධනාගාර හා පුනුරුත්තාපන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කර තිබේ. ස්වදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස ජේ.සී අලවතුවල මහතා පත් කර තිබේ. හර්ෂ ද සිල්වා මහතා ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කර තිබේ.

එ.ජ.නි.සයේ කැබිනට් වෙනස සති දෙකකින්.

අලුතින් පත්වූ නව කැබිනට් මණ්ඩලයට ජනාධිපතිවරයා සුභ පැතුම් එක් කර තිබේ. කෙසේ වෙතත් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ ඉදිරියේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේද අමාත්‍යංශ වෙනස්වීම් සිදුවීමට ඉඩ ඇති බවයි. කෙසේ වෙතත් කැබිනට් සංශෝදනයෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ගයන්ත කරුණාතිලක අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ඉදිරියේදි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන්ගේ අමාත්‍යංශ වෙනස්වීම් සති දෙකක් තුල සිදු කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බවයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *